ඉන්දියාවේ චන්ද්‍රයාන් -3 අභ්‍යවකාශ මෙහෙයුම දියත් කර සති තුනකට පසු එය සඳ කක්ෂයට ඇතුළු වී ඇති බව එරට අභ්‍යවකාශ ඒජන්සිය නිවේදනය කර තිබේ.
මේ අනුව චන්ද්‍රයාන්-3 අගෝස්තු 23 සහ 24 අතර චන්ද්‍රයාගේ දක්ෂිණ ධ්‍රැවය අසල ආරක්ෂිතව ස්පර්ශ වනු ඇති බව ඉන්දියානු අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානය (ISRO) අපේක්ෂා කරන අතර එහි ප්‍රධානී එස් සෝමනාත් පවසා ඇත්තේ ඔහුගේ ඉංජිනේරුවන් අවසන් අසාර්ථක මෙහෙයුමේ දත්ත හොඳින් අධ්‍යයනය කර දෝෂ නිවැරදි කිරීමට උපරිම උත්සාහ කළ බවයි.
මෙම මෙහෙයුම සාපේක්ෂ වශයෙන් අඩු අයවැයකින් සිදුකළ අතර මෙහි ගොඩබෑමේ මොඩියුලයක් හා රෝවර් ඇතුළත් වේ. ඒ අනුව ගොඩබෑමෙන් අනතුරුව රෝවරය චන්ද්‍ර මතුපිට ගවේෂණ කටයුතු අරඹනු ඇත.
චන්ද්‍රයාන්-3 සාර්ථක වුවහොත්, සෝවියට් සංගමය, ඇමරිකා එක්සත් ජනපදය සහ චීනය සමඟ එක්ව සඳ මත අභ්‍යවකාශ යානයක් සාර්ථකව ගොඩ බැස්සවූ සිව්වන රට බවට ඉන්දියාව පත්වේ. අභ්‍යවකාශ යානය දියත් කිරීමට පෙර අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි චන්ද්‍රයාන්-3 හඳුන්වා තිබුණේ, අපේ ජාතියේ බලාපොරොත්තු සහ සිහින රැගෙන යන විශිෂ්ට මෙහෙයුමක් ලෙසයි.
සශිකලා මධුෂාණී_
මෙම නඩුව ඉවත් කරන ලෙස ඉල්ලීම් මානව හිමිකම් කණ්ඩායම් සහ සමහර මාධ්‍ය ආයතනවල සිට ඕස්ට්‍රේලියානු…
ඉබු යනු ඉන්දුනීසියාවේ වඩාත්ම සක්‍රීය ගිනිකඳු වලින් එකක් වන අතර එය පසුගිය වසරේ 21,000 වාරයකට…
ෆිකෝගේ ආධාරකරුවන් පවසන්නේ දේශපාලන ආතතීන් අවුලුවාලීම සඳහා විපක්ෂය අර්ධ වශයෙන් වගකිව යුතු බවයි.
යුද්ධයේ දිශානතිය සම්බන්ධයෙන් වැඩෙන දේශපාලන විරසකය පැමිණෙන්නේ ගාසා නගරයේ ඓතිහාසික සරණාගත කඳවුරක් වන ජබාලියා වෙත…
එක්සත් ජාතීන්ගේ සංඛ්‍යාලේඛන පෙන්වා දෙන්නේ පසුගිය වසරේ ඉතාලියේ වෙරළට ගොඩ බැස ඇති සංක්‍රමණිකයන් 12,000ක්වත් ටියුනීසියාවෙන්…
පක්ෂයේ මධ්‍යම කාරක සභාව සඳහන් කර තිබුණේ, සියලුම ඉහළ නායකත්වයන් එක්සත්ව, ආදර්ශමත්ව, මුළු හදින් සහ…
ඇෆ්ගනිස්ථානය ස්වභාවික විපත්වලට ගොදුරු වන අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය එය දේශගුණික විපර්යාසවලට වඩාත්ම අවදානමට ලක්විය…
ඇකඩමි සම්මානයක්, ප්‍රයිම් ටයිම් එමී සම්මානයක්, ග්‍රැමී සම්මාන 18ක්, හිමිකරගෙන ඇත.
ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකු භාරගෙන නැත.
කෙන්ටකි හි ලුයිස්විල් හි පැවති PGA ශූරතාවලියෙන් පිටතදී ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.
සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Cryptosporidium යනු මිනිසුන්ට සහ සමහර…
රජය පැවසුවේ මෙම නියෝගය LGBTQ පුද්ගලයින් අතර අමනාපයක් ඇති කරන නමුත් ඔවුන් කිසිදු විකල්ප ප්‍රතිකාරයකට…
සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Netflix හි නවතම කතා මාලාවක්…
වෙළඳසල්වල රාක්ක වලින් මේ වන විට ඒවා ඉවත් කරමින් තිබේ.