පරිසර

මෙන්න නියම පනින්නෝ!

නමුත් අතිශය බුද්ධිමත් ය. ඕනෑවට වඩා මිනිස් සතා සමග ඇඟෑලුම් කම් පාන්නේ ද නැත. Interesting facts in cats

තමන්ටම ආවේණික වූ චරිත ලක්ෂණයන්ගෙන් හෙබි ය. වනයේ සිටියදී මිනිසා වැරදීමකින් මෙන් ගෙදරට කැඳවාගෙන ආ බිලාළයා මොහු ය. වනයේ සිටි සුනඛයා ගෘහස්ථ සුරතලෙක් බවට පත් වූ පසුව සුනඛයා සම්පූර්ණයෙන්ම සිය කැලෑ ගති අතහැර දමා මිනිසා තම පරම ස්වාමියා බවට පිළිගත් නමුත්, හද පැලී මිය යන තරමට මිනිසාට ආදරය වූ නමුත් බළලා ට එවැනි නිහතමානී කමක් නැත. ඒ නිසා බළලා ඒ ආඩම්බර කම සැමදා රැක ගනියි.

‘‘ඕනෑවට වඩා ඕනෑම නැත‘

බළලා මිනිසා සම්බන්ධයෙන් සිය ආදර කතාවේදී රකින ව්‍රතය වන්නේ ‘‘ඕනෑවට වඩා ඕනෑම නැත‘ යන්නයි. මිනිසා කොතරම් බළලාට ඇඟෑලුම් කම් දක්වමින් පරම ප්‍රේමය පූජා කළත්, ඔහුගේ ස්ථාවරයේ වෙනසක් නැත. ඉතා සරල බසින් කියන්නේ නම් බළලා, මිනිසාව කොයියම් තත්වයක් යටතේ වුවත්, ‘පමණට වඩා ගණන් ගන්නේ‘ නැත. අද වන විට ඇන්ටාක්ටිකාව හැර සෙසු සියලු මහද්වීපවල මිනිසා සමගම පැතිරී සිටියත්, මේ තත්වයේ වෙනසක් ද නැත.

බළලා මෙසේ හැසිරෙන්නේ කැලයේ සිටියා නම් අවුරුදු 4-6කට වඩා ජීවත් වීමට වරම් නොලබන බව කොහෙත්ම ගණන් නොගනිමිනි. ගෘහස්ථ සුරතලෙකු බවට පත්වූ නිසා දැන් බළලා අවුරුදු 12-16 ක් පමණ ජීවත් වෙයි. නමුත් මේ අතර, අවුරුදු 38 ක් සහ දවස් 3 ක් ජීවත් වූ බළලෙක් ගැන ද ඇමරිකාවෙන් අසන්නට ලැබෙයි. Creme Puff නමැති මේ හාදයා, 1967 අගෝස්තු 3 වැනිදා උපත ලබා 2005 අගෝස්තු 6 වැනිදා දක්වා නිදුකින් ජීවත් වුණේය.

wall.alphacorders.com

බළලාගේ ඇස් පෙනීම, මිනිසාට සාපේක්ෂව ඉතාම දුර්වල ය. බළලුන්ට පෙනෙන්නේ මිනිසුන්ට පෙනෙන ආලෝක මට්ටමෙන් 1/6 ක් පමණි. නමුත් මිනිසාගේ ආඝ්‍රාණ හෙවත් ගඳ සුවඳ දැනීමේ හැකියාව මෙන් 14 ගුණයක ආඝ්‍රාණ හැකියාවක් බළලාට තිබේ. අංශක 180 කින් හැරවිය හැකි කන් දෙක, එයටම ගැළපෙන මාංශපේශීන් 32 කින් සමන්විත වී තිබේ.

බළලාට උසේන් බෝල්ට් ට වඩා වේගයෙන් දිවීමට පුළුවන. ගෘහස්ථ බළලාගේ වේගය පැයට කිලෝමීටර 48 කි. උසේන් බෝල්ට්ගේ දළ වේගය පැයට කිලෝමීටර 44.7 ක් ලෙස සැලකෙයි. නමුත් ප්‍රශ්නය වන්නේ බළල් හාදයාට මේ වේගය තත්පර කිහිපයකට වඩා පවත්වාගෙන යාමට හැකියාවක් නම් නැත.

good-wp.com

බැළලියකගේ ගැබ් කාලය මාස 2 ක් පමණ වේ. වසරකට දෙවරක් පැටව් දැමීමට ඇයට පුළුවන. මේ අනුව සරු කාලය වන වසර 10 තුළ, ඇය බළල් පැටවුන් 150 ක් බිහිකරනවා ඇත!

බළලුන් ගැන මහත් ඇලුම්කම් දක්වන Ecology Global Network සඳහන් කරන ආකාරයට මේ ලෝකයේ බළලුන් මිලියන 600 ක් සිටියි. එයට සුරතල් බළලුන්,අයාලේ යන බළලුන් මෙන්ම කැළෑ බළලුන් ලෙස හැඳින්වෙන feral cat ද අයත් ය. මේ අතර ඇමරිකාවේ ජනප්‍රියම ගෘහස්ථ සුරතලා බළලා වන අතර, ඇමරිකාවේ බළල්ලු මිලියන 88 ක් සිටිති. ඇමරිකානුවන් සුනඛයන්ටවත් මෙපමණ ආදරේ නැත. ඇමරිකාව තුළදී උන්ගේ ප්‍රමාණය මිලියන 74 ක් පමණි.

මැද පෙරදිග මෙයට වසර 9500කට පෙර යුගයේ පටන් බළලුන් කෘෂිකාර්මික කටයුතු සඳහා මිනිසුන්ට උදව් කළ බවට සාක්ෂි තිබේ. ඒ, ප්‍රධාන වශයෙන්ම අස්වැන්නට වින කරන මීයන් සහ එවැනි වෙනත් කුඩා සතුන් දඩයම් කිරීම මගිනි. චීනය ද මෙයට වසර 5300කට පෙර මේ කටයුත්ත සඳහාම බළලුන් පුරුදු කළ බවට පොසිල සාක්ෂි තිබේ.

පුරාණ ඊජිප්තු සමයේදී බළලාට මීට වඩා හොඳ පිළිගැනීමක් තිබුණේය. පුරාණ මිසරවාසීන් බළලුන්ව සැලකුවේ පූජනීය සත්ව කොට්ඨාසයක් ලෙස ය. බිළාල හැඩරුවින් යුත් බැසෙට් නමැති මිසර දෙවඟන එයට සාක්ෂි සපයයි.

ancient-egypt-cat

ජපානයේ ද maneki neko නමැති බළලා සශ්‍රීකත්වයේ සංකේතයක් ලෙසට අදටත් සලකයි.

මේ අතර, ඇලස්කාවේ ටෝකීට්නා නගරයේ නගරාධිපති ධුරය 2997 අප්‍රේල් 12 වැනිදා පටන් 2017 ජූලි 21 වැනිදා දක්වා හෙබවූයේ ද බළලෙකු විසිනි. මේ ගරු කටයුතු ‘නගරාධිපති බළලා‘ගේ නම ස්ටබ්ස් (Stubbs) විය. ස්ටබ්ස් 2017 ජූලි 21 වැනිදා ඔහුගේ ධුරය අත්හැරියා හෝ ඉල්ලා අස් වුණා නොවේ. ස්ටබ්ස් මිය ගියේ එදින ය.

Alaskan Mayor Stubbs the Cat

බළලා කොතරම් ආඩම්බරකාරයෙකු වුවත්, මිනිසා ඔහුට කොන්දේසි විරහිතව ආදරය කරන බව පෙනේ. පුරාණ ඊජිප්තු සමයේ සිටම මෙය මෙසේ ය. එකල සිය බළලුන් මළ විට පුරාණ ඊජිප්තු ජාතිකයන් තමන්ගේ ඇහි බැම සම්පූර්ණයෙන්ම බූ ගා ඒ වෙනුවෙන් ශෝක වූ බව පොත පතෙහි සඳහන් ය.

ඇමරිකානු මධ්‍යම රහස් ඔත්තු සේවය හෙවත් CIA සංවිධානය තුළ ද බළලාට අති මහත් පිළිගැනීමක් ඇත. 60 දශකයේ සෝවියට් යුගයේදී ඔත්තු බැලීම සඳහා CIA විසින් බළලුන් පුහුණු කිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 20 ක් වියදම් කළේය. කෙසේ නමුත් මෙසේ පුහුණු කළ බළලුන් අතරින් පළමුවැන්නා ටැක්සියක හැපී මළේය.

Purr ‘n’ Fur

1963 වසරේදී ෆෙලිසෙට් (Felicette) නමැති බළලා උඩු ගුවනට ගිය පළමු බිළාලයා බවට ද සාඩම්බරයෙන් පත්විය.

 

ඇමරිකානු ජනාධිපති ඒබ්‍රහම් ලින්කන් බිළාලයන්ට මහත් සේ පෙම්බැඳි අයෙකි. වරක් ඔහු ධවල මන්දිරයේ පැවති නිල රාත්‍රී භෝජන සංග්‍රහයක කෑම මේසයට බළලෙක් කැඳවාගෙන ආවා පමණක් නොව කෑම මේසයේ එක් පුටුවක් එම බළලා වෙනුවෙන් වෙන් කර තැබුවේය.

කොරියාවේ සහ ජපානයේ Cat Cafe සංස්කෘතියක් දක්නට ලැබේ. මේ කැෆේවල බළලුන් සාඩම්බර ලීලාවෙන් වැඩ වාසය කරන අතර, මිනිසුන්ට උන් අතර හිඳ තේකක් බොමින්, උන්ගේ ආඩම්බරකාර සුරතලය රස විඳිමින් කල් ගත කළ හැකිය.

කොහොම වුණත් මීයන් ඇල්ලීම පැත්තකින් තැබුවත්, බළලුන් නිසා මිනිසුන්ට අත්වන වාසි බොහෝ ය. වෛද්‍ය පර්යේෂකයන්ට අනුව උන්ගේ සුරතලය විඳීම නිසා හෘදයාබාධ සහ ආඝාතය වැළඳීමේ අවදානම 1/3 කින් පමණ අඩු වී යයි. එසේම ආතතිය සහ කාංසාව ද ගෘහස්ථ බළලා නිසා අඩු වේ.

එනිසා නිගමනයක් ලෙස කිව හැක්කේ, සියලු ආඩම්බරකාර ‘පාට්‘ මධ්‍යයේ වුවද බළලාට ආදරය කිරීම වඩා යහපත් බවයි!

Share

Recent Posts

ඉන්දියාව මියන්මාර සරණාගතයින් පිටුවහල් කරයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…

5 hours ago

ඡන්ද මධ්‍යස්ථානයකින් ආපසු හරවා යැවු එංගලන්තයේ හිටපු අගමැති බොරිස් ජෝන්සන්!

විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…

6 hours ago

චීනය සඳ මත කඳවුරු බැඳීමේ මෙහෙයුම දියත් කරයි

මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…

7 hours ago

තුර්කිය ඊශ්‍රායලය සමඟ පැවති වෙළඳ සබඳතා අත්හිටුවයි

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…

7 hours ago

දකුණු වියට්නාමයේ ජලාශයක මත්ස්‍යයින් විශාල සංඛ්‍යාවක් මිය යයි!

මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…

23 hours ago

ගිටාර් වීරයා DUANE EDDY ගිටාරය තනිකර ජීවන රිද්මයට තිත තබයි!

මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…

1 day ago

බ්‍රසීලයට ගං වතුර, 10ක් මිය යයි!21ක් අතුරුදහන්

පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…

1 day ago

කාන්තාවන් පිරිමින්ට වඩා වසර ගණනාවක් ජිවත්වන මුත් දිගුකාලින අසනීප තත්වයන්ගෙන් පෙළෙන බව අධ්‍යනයකින් හෙළි වේ

කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…

1 day ago

චාලි මා හදවතෙහි ජීවත් ව හිඳී

උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!

1 day ago

අවිහිංසාවාදී විශ්ව විද්‍යාල උද්ගොෂණයට පොලිසිය කඩා වැදීමත් සමඟ එක්සත් ජනපදයේ භාෂණයේ නිදහස පිළිබඳව ප්‍රශ්න මතු කෙරේ

එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.

1 day ago

ට්‍රම්ප්ට ඇ. ඩොලර් 9,000 ක දඩයක්!

ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…

2 days ago

මයික්‍රොසොෆ්ට් ඉන්දුනීසියාවේ ඩොලර් බිලියන 1.7 ක් ආයෝජනය කරයි

මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…

2 days ago

දකුණු චීනයේ මාර්ගයක් කඩා වැටීමෙන් 19දෙනෙකු මිය යයි

ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.

2 days ago

කළු මුහුදේ වරාය නගරයක් වන ඔඩෙසා වෙත රුසියානු මිසයිල ප්‍රහාරයක්!

යුක්‍රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.

2 days ago

CLARA CHIZOBA තැබූ ගිනස් වාර්තාව!

වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…

2 days ago