Travel Destinations

තේම්ස් නදියත් මහවැලියක් වන ලකුණු – ජල බෝතල් සමාගම් නදිය බිලි ගනියි

තේම්ස් නදියත් තවත් මහවැලියක් වී ඇති අයුරු ඛේදජනක ය. ග්ලූෂෙස්ටෂයර් ටවුම හරහා ගලා යද්දී ට්‍රවුට් මසුන් ඕසෙට පිනුම් ගසන බවට ඉස්සර ප්‍රකට වී තිබූ තේම්ස් නදියට  කුණු තලි බැගින් එක් වන බව, ඇස් පනා පිට පෙනී යන සාක්ෂි සහිත ව  සනාථ වී තිබේ.

තේම්ස් නදිය ඇරඹෙන්නේ ‘තේම්ස් හෙඩ්‘ ලෙස හඳුන්වන සෘතුමය උල්පත් සමුදායකිනි. තේම්ස් හෙඩ් ලෙස මෙය හැඳින්වෙන අතර, තේම්ස් හෙඩ් තිබෙන්නේ ග්ලූෂෙස්ටෂයර් නගරයේ ය. එනම්, තේම්ස් නදිය තිඹිරි ගෙයින්ම අපවිත්‍ර වෙමින් තිබේ. 

වැදූ ගෙයි දෝෂය

පහත සිතියමෙන් දැක්වෙන්නේ එහි real time සිතියම ය. මේ ඩිජිටල් දත්ත තාක්ෂණය interactive digital map යනුවෙන් හැඳින්වේ. තේම්ස් නදිය විසින්ම නිපදවන මෙම සිතියම, වඩා නූතන සංසිද්ධියක් ලෙස ද හඳුන්වා දිය හැකිය.

https://www.thameswater.co.uk/edm-map/

ඉතින් මේ කුණු තලිවල තිබෙන්නේ මොනවාද? මෙයට හරියටම වසරකට පෙරත්, එනම් 2022 ජනවාරි 22 වැනිදා බීබීසී පුවත් සේවය වාර්තා කළේ ඔලිම්පික් ක්‍රීඩාංගන 400 ක් පිරවීමට තරම් සමත් අපද්‍රව්‍ය, 2020 ඔක්තෝබර් 3-4 දෙදින තුළ තේම්ස් නදියට එක් කර ඇති බව ය. බිලියන 3.5 ක් වන පිරිපහදු නොකළ කසළ අතර මිනිස් මළපහ සහ කොන්ඩම් ද විය.

ජල බෝතල් සමාගම්

මේ අතර නවතම ගාඩියන් වාර්තාව පෙන්වා දෙන්නේ, ජලය බෝතල් කරන කම්හල්, තේම්ස් නදියට අති දැවැන්ත කසළ ප්‍රමාණයක් එකතු කරමින් සිටිනා බවයි. තිඹිරි ගෙයදීම මේ නදිය මෙලෙසින් නසා දමන්නේ වැඩි වශයෙන්ම, පානීය ජලය බෝතල් කරනා සමාගම් ය.

ග්ලූෂෙස්ටෂයර් නගරයේදී සුන්දර තේම්ස් නදියට එක් වූ කුණු කන්දරාව, එක දිගට පැය 745 ක් මුළුල්ලේ සිදුවූ බවත්, එය මුලින්ම ඇරඹුණේ පසුගිය වසරේ දෙසැම්බර් 23 වැනිදා බවත් පැවසේ. කෙසේ නමුත් ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂයේ සභිකයෙකු වන ඇන්ඩෘ ඩොරති නම් පැවසුවේ මෙය තමන්ට අලුත් පුවතක් නොවන බවයි. නදියේ තිඹිරි ගෙය පිරිසිදුව තබාගැනීම සඳහා එනම්, සොබාදහම වෙනුවෙන් ආයෝජනය කරන්නෝ එංගලන්තයේ පවා දුලබ ය. අතීතයේ ට්‍රවුට් මසුන් අති බහුල වීම නිසා ජින් පැහැයෙන් දිස් වූ තේම්ස් හෙඩ් කලාපය, මේ වන විට දිස්වන්නේ හුණු ගල් දියවූ ජල පහරක් ලෙස ය. Ampney St Peter sewage treatment වැනි අපද්‍රව්‍ය පිරිපහදු පිහිටා තිබෙන්නේ තේම්ස් නදියට සැතපුම් කිහිපයක් නුදුරිනි. මේ වන විට එක්සත් රාජධානිය පුරා, තේම්ස් නදියට කසළ එකතු කිරීම සම්බන්ධයෙන් විශාල සහ බැරෑරුම් සාකච්ඡාවක් ඇති වීමට මෙම රියල් ටයිම් සිතියම් හේතු වී තිබේ. ජල අයිතිය සඳහා වූ සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඈෂ් ස්මිත් වැනි අය දැනටමත් වැඩ අරඹා ඇත. අසල ගංගාවන්ට අපද්‍රව්‍ය අපවහනය කරන ජල සමාගම් සියල්ලම, මේ අන්දමින් රියල් ටයිම් ඩේටා ප්‍රකාශයට පත් කළ යුතු බවත්, එසේ නොකරන්නේ නම් දඩයකට යටත් විය යුතු බවත් අවධාරණය කිරීමට ඔවුන් සමත් වී තිබේ. ඒ අනුව ප්‍රකාශිත දත්තවලින් පෙනී යන්නේ 2021 සිට මේ දක්වා පිරිපහදු නොකළ කසළ ජල සමාගම් විසින් පැය මිලියන 2.75 ක් මුළුල්ලේ ගංගාවන්ට 372,533 වාරයක් නිකුත් කර ඇති බවයි.

කෙසේ නමුත් අඩුම ගණනේ, තේම්ස් නදියේ අධීක්ෂණය සඳහා යාන්ත්‍රණ හෝ තිබේ. නදියට වෙනම වෙබ් අඩවියක් ද තිබේ. දත්ත තිබේ. ඒ කිසිවක් ලංකාවේ අපට තිබෙන්නේද යන්න සැක සහිත ය. 2017 වසරේදී ‘තේම්ස් වෝටර්‘ නමින් ප්‍රකට ජල උපයෝගිතා සමාගය (Thames Water Utilities Ltd) ට ඉතිහාසයේ එදා මෙදාතුර රටේ සිදුවූ බරපතළම මිරිදිය දූෂණය හේතුවෙන් පවුම් මිලියන 20 ක දඩ මුදලක් ගෙවන්නට සිදුවීම, එක්සත් රාජධානිය මිරිදිය ජල දූෂණය වෙනුවෙන් කොතරම් සංවේදී ද යන්න පෙන්වා දෙයි.

එක්සත් රාජධානියේ ගංගා ජලයේ ගුණාත්මකභාවය මැනීම සඳහා වෙනම කමිටුවක් තිබේ. එම කමිටුවේ නම ‘පාරිසරික විගණන කමිටුව‘ (Environmental Audit Committee (EAC)) එය ලංකාවේ පත් කරන කමිටුවලට වඩා බෙහෙවින් වෙනස් ය. මහජන මුදලින් නිසි විගණනයන් සිදුකිරීම එහි කාර්යයයි.

මේ අතර පසුගිය වසර ගණනාව තුළ දේශීය පුවත් වාර්තා සඳහන් කරන්නේ මහවැලි නදියට වැසි සමයේදී කුණු කඳු ගසාගෙන එන බවයි. ප්ලාස්ටික් සහ ඉලෙක්ට්‍රොනික් කසල ඒ අතරින් ප්‍රධාන වේ. ප්‍රතිචක්‍රීකරණය නොකළ, පිරිපහදු නොකළ සහ ජලයේ දිය නොවන අපද්‍රව්‍යවලින් මහවැලි නදිය අපවිත්‍ර වෙමින් තිබේ.

මහවැලි වැනි මහා ගංගාවන්ට එක් වන මිනිස් මළ වැනි කාරණා සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ දත්ත නැතත්, බාගදා, ලංකාවෙන් පහෙන් එකක් ආවරණය කරමින් මහාවැලිය ගලා යන හෙයින්, කින්නියාව අසලින් බෙංගාල බොක්කට වැටෙන විට ඒවා දියවී තිබෙනවා විය යුතුය.

මෙය මහවැලියට හෝ ශ්‍රී ලංකාවේ සිව් මහා නදීවලට හෝ අතු ගංගා සම්භාරයට පමණක් අදාළ ප්‍රශ්නයක් නොවේ. ඕනෑම මහා ගංගාවකින් අසන්න. නැතිනම්, මත්ස්‍යෙයකුගෙන් අසන්න. ගංගා මියැදෙමින් තිබේ.

– රදිකා ගුණරත්න

මූලාශ්‍ර

Thames Water’s real-time map confirms raw sewage discharges

https://www.theguardian.com/environment/2023/jan/23/thames-waters-real-time-map-raw-sewage-discharges-rivers

තේම්ස් නදියේ නිල වෙබ් අඩවිය – https://www.thameswater.co.uk/

BBC : River Thames: More than 2bn litres of raw sewage discharged over two days

https://www.bbc.com/news/uk-england-london-60046320

Trash piles up along Mahaweli River banks

Press release – Thames Water ordered to pay record £20 million for river pollution

https://www.gov.uk/government/news/thames-water-ordered-to-pay-record-20-million-for-river-pollution
Share

Recent Posts

ශීත කළ පීසාවල අඩංගු ඇතැම් අමුද්‍රව්‍ය සෞඛ්‍යට බලපෑමක් කරන බවට FSIS නිවේදනය කරයි!

සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ශීත කළ පීසා වර්ග භාවිතයෙන්…

3 hours ago

වයස යනු ඉලක්කමක් විතරයි යන්නට මෙවර මිස් යුනිවර්ස්ගෙන් නිදසුනක්!

සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වයස නිකන්ම නිකන් ඉලක්කමක් විතරයි…

6 hours ago

ඉන්දීය වෙරළාරක්ෂක බලකාය විසින් පාකිස්ථානයේ සිට ශ්‍රී ලංකාවට ගෙන ආ හෙරොයින් තොගය‍ක් අත්අඩංගුවට ගනී!

අහමදාබාද් නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉන්දීය මාධ්‍යට පවසා ඇත්තේ, මෙවැනි මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සතුටට පත්වන…

7 hours ago

සටන් විරාම සාකච්ඡා සඳහා හමාස් නිලධාරීන් ඊජිප්තුවේ කයිරෝ අගනුවරට!

ඊශ්‍රායල අමාත්‍ය මණ්ඩලය අනතුරු අඟවා ඇත්තේ, සටන් විරාමයකට එකඟ වුවහොත් අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ රජය බිඳ…

7 hours ago

ඩේවිඩ් කැමරන් දින පහක සංචාරයක් වෙනුවෙන් පවුම් මිලියන 42 ක සුඛෝපභෝගී ජෙට් යානයක් කුලියට ගනියි.

වෙළඳපොලේ ඇති සුඛෝපභෝගී පුද්ගලික ජෙට් එකක් කුලියට ගැනීම සඳහා බදු ගෙවන්නන්ගේ වියදමින් පවුම් ලක්ෂ ගණන්…

11 hours ago

හූති කැරළිකරුවන් ඩ්‍රෝන යානයක් බිම හෙළයි!

සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.

23 hours ago

ඇන්තනි බ්ලින්කන් සහ ෂී ජින්පිං අතර හමුවක්!

දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…

1 day ago

ටික් ටොක් තරුවට මොකද වුණේ?

නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…

1 day ago

‘අප්‍රේල් 27 යනු අපි අපේ විලංගු ඉවත් කරන දිනයයි. අපේ ශ්‍රේෂ්ඨ රට පුරා නිදහසේ සීනු නාද විය’ ; දකුණු අප්‍රිකාව 30 වසරක නිදහස සමරයි !

1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…

1 day ago

ඊශ්‍රායල් ප්‍රහාරයන්ගෙන් පලස්තීන වැසියන් 27 දෙනෙකු ජීවිතක්ෂයට!

මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…

1 day ago

ප්‍රංශය හොඳම ගෝලීය ආර්ථිකයන් දහයෙන් ඉවතට – IMF

ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…

1 day ago

ටයිටැනික් නෞකාවේ සිටි ධනවත්ම පුද්ගලයාගේ රන් ඔරලෝසුව පවුම් මිලියන 1.2කට අළෙවි වේ

මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.

1 day ago

කාම්බෝජයේ හමුදා කඳවුරක පිපිරීමකින් සොල්දාදුවන් 20 දෙනෙකු මිය යයි

මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…

1 day ago

යුක්රේනයට පෙන්ටගනයෙන් ඩොලර් බිලියන 6ක් වටිනා කඩිනම් ආධාර පැකේජයක්

පෙන්ටගනයේ නව මිලිටරි ආධාර පැකේජය හරහා යුක්රේනයේ පතරොම් නිෂ්පාදනය ආරම්භ කිරීමට සැළසුම් කරයි.

2 days ago

යේමනයේ වෙරළට ඔබ්බෙන් බොරතෙල් නැවකට හවුති ප්‍රහාරයක්!

කෙසේවෙතත් තුවාලකරුවන් හෝ මරණ සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති අතර ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පවත්වන බව…

2 days ago