ඇසෝසියේටඩ් ප්‍රෙස් වාර්තා කරන පරිදි, අයෝවා ප්‍රාන්ත ව්‍යවස්ථාදායකය විසින් ගැබ්ගෙන සති හයකට පමණ පසුව වන ගබ්සා කිරීම් තහනම් කර තිබේ. මෙය ඇමරිකානු ශේෂ්ඨාධිකරණය Roe v Wade තහනම් කිරීමත් සමඟ රට පුරා ප්‍රාන්තවල සම්මත කරන ලද ගබ්සා-විරෝධී නීති මාලාවේ නවතම නීති සම්පාදනයයි.
අයෝවා සභාව සහ සෙනෙට් සභාව යන දෙකෙහිම බහුතර බලය හිමි රිපබ්ලිකන් නීති සම්පාදකයින් විසින් ගබ්සාවට එරෙහි පනත් කෙටුම්පත සම්මත කර ඇති අතර ආණ්ඩුකාර කිම් රෙනෝල්ඩ්ස් විසින් එය අත්සන් කිරීමෙන් අනතුරුව එය මේ වන විට නීතියක් බවට පත්ව තිබේ.
පසුගිය වසරේ ඇමරිකානු ශේෂ්ඨාධිකරණය විසින් ගබ්සාව සඳහා රටපුරා තිබූ ව්‍යවස්ථාපිත අයිතිය Roe v Wade අවලංගු කිරීමත් සමඟ අභියෝගයට ලක් කෙරිණ. මේ වන විට එක්සත් ජනපදයේ දකුණු ප්‍රදේශය ඇතුළු ප්‍රාන්ත ගණනාවක් ස්ත්‍රී දූෂණ හේතුවෙන් සිදුවන ගැබ් ගැනිම් පවා ගබ්සා කිරීම තහනම් කර ඇත.
මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කරමින් ඇමරිකානු සිවිල් නිදහස සංගමයේ විධායක අධ්‍යක්ෂ Mark Stringer ප්‍රකාශ කර තිබුණේ ඔවුන්ගේ ජීවිත, ඔවුන්ගේ ශරීර, ඔවුන්ගේ ජීවිත, ඔවුන්ගේ සෞඛ්‍යය සහ ඔවුන්ගේ ආරක්ෂාව පාලනය කිරීමට හා අයෝවාහි ප්‍රජනන අයිතීන් ආරක්ෂා කිරීමට හා මෙම නොසැලකිලිමත්, කුරිරු නීතිය අවහිර කිරීමට නඩුවක් ගොනු කිරීමට සූදානම් බවයි.
කෙසේ නමුත්, මේ සම්බන්ධයෙන් වෛද්‍ය වෘත්තිකයන් සහ ප්‍රජනක අයිතිවාසිකම් ක්‍රියාකාරීන් ගණනාවක් ව්‍යවස්ථාදායකයෙන් ඉල්ලා තිබුණේ මෙම පනත් කෙටුම්පත නැවත සලකා බලන ලෙසයි, එමඟින් දැවැන්ත සමාජ හානියක් සිදුවනු ඇති බවටත්, ශරීර ස්වාධිපත්‍යය අඩු වන බවටත් ඔවුන් අනතුරු අඟවා තිබිණ.
පනත් කෙටුම්පත වෙනුවෙන් පෙනී සිටින බොහෝ ක්‍රිස්තියානි සංවිධාන සහ දැඩි ගබ්සා විරෝධී ක්‍රියාකාරී කණ්ඩායම්, නඩු විභාගය අතරතුර නීති සම්පාදකයින්ට ස්තූති කළ අතර ඔවුන් මෙම පනත ඔවුන්ගේ ව්‍යාපාරයේ ජයග්‍රහණයක් ලෙස සඳහන් කර තිබිණි.
සශිකලා මධුෂාණී_
යුද්ධයේ දිශානතිය සම්බන්ධයෙන් වැඩෙන දේශපාලන විරසකය පැමිණෙන්නේ ගාසා නගරයේ ඓතිහාසික සරණාගත කඳවුරක් වන ජබාලියා වෙත…
එක්සත් ජාතීන්ගේ සංඛ්‍යාලේඛන පෙන්වා දෙන්නේ පසුගිය වසරේ ඉතාලියේ වෙරළට ගොඩ බැස ඇති සංක්‍රමණිකයන් 12,000ක්වත් ටියුනීසියාවෙන්…
පක්ෂයේ මධ්‍යම කාරක සභාව සඳහන් කර තිබුණේ, සියලුම ඉහළ නායකත්වයන් එක්සත්ව, ආදර්ශමත්ව, මුළු හදින් සහ…
ඇෆ්ගනිස්ථානය ස්වභාවික විපත්වලට ගොදුරු වන අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය එය දේශගුණික විපර්යාසවලට වඩාත්ම අවදානමට ලක්විය…
ඇකඩමි සම්මානයක්, ප්‍රයිම් ටයිම් එමී සම්මානයක්, ග්‍රැමී සම්මාන 18ක්, හිමිකරගෙන ඇත.
ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකු භාරගෙන නැත.
කෙන්ටකි හි ලුයිස්විල් හි පැවති PGA ශූරතාවලියෙන් පිටතදී ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.
සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Cryptosporidium යනු මිනිසුන්ට සහ සමහර…
රජය පැවසුවේ මෙම නියෝගය LGBTQ පුද්ගලයින් අතර අමනාපයක් ඇති කරන නමුත් ඔවුන් කිසිදු විකල්ප ප්‍රතිකාරයකට…
සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Netflix හි නවතම කතා මාලාවක්…
වෙළඳසල්වල රාක්ක වලින් මේ වන විට ඒවා ඉවත් කරමින් තිබේ.
අගනුවර වන නූමියා යනු කැරලිකරුවන් සිය ගණනක් සිටින ප්‍රදේශයක් වන අතර ඔවුන් තවදුරටත් ප්‍රචණ්ඩක්‍රියා සිදු…
මෙවර 4,000කට අධික පිරිසක් මෙම තරඟය වෙනුවෙන් ඉල්ලුම් කර ඇති අතර ඉන් සුදුසුකම් ලබා ඇත්තේ…
ලොව විශාලතම කුළුබඩු අපනයනකරු, පාරිභෝගිකයා සහ නිෂ්පාදකයා වන ඉන්දියාව වේ.