කාලීන

හිජාබයෙන් මිදුනු පාසල් සිසුවියන් ඉරාන ආණ්ඩුවට මැදැඟිල්ල ඔසවයි.

පසුගියදා ඉරානයේ සිය හිස් වැස්ම නිසි ලෙස නොපැළඳීමේ චෝදනාව මත සදාචාර පොලිස් අත්අඩංගුවේ සිටියදී මිය ගිය 22 හැවිරිදි මහ්සා අමීනිගේ ඛේදනීය මරණයත් සමඟ, ඉරානයේ කාන්තාවන් ඊට එරෙහිව මර්දනය නොතකා වීදි බැසින ලදි. පසුගිය දින කිහිපය පුරා ව්‍යප්ත වූ ආඥාදායකයා එළවීමට ගනු ලැබූ අරගලයට මේ වන විට පාසල් සිසුවියන්ද එක්ව තම හිස් වැසුම් ගුවනේ ඔසවමින් පූජක බලධාරීන්ට එරෙහිව හඬ නඟමින් රට පුරා පැතිර යන විරෝධතාවලට පෙර නොවූ විරූ සහයෝගයක් පෙන්වමින් සිටින බව වාර්තා වේ.

ඔවුන් විසින් පාසල් මිදුල තුළ සහ නගර කිහිපයක වීදිවල පෙළපාලි සංවිධානය කළ අතර කරජ් ප්‍රදේශයේ ගැහැනු ළමයින් අධ්‍යාපන නිලධාරියෙකුට තම පාසලෙන් බලහත්කාරයෙන් ඉවත් කළ බව ද වාර්තා වේ.

සමාජ මාධ්‍යවල සංසරණය වන වීඩියෝපට වල ඔවුන් ලැජ්ජයි යැයි කෑගසමින් අපි එක්සත් නොවන්නේ නම්, ඔවුන් අපව එකින් එක මරා දමයි. යනුවෙන් ප්‍රකාශ කරනු දක්නට ලැබේ. තවත් වීඩියෝ පටයක දකුනු ශිරාස් නගරයේ, පාසල් සිසුවියන් විශාල ප්‍රමාණයක් ප්‍රධාන මාර්ගයක ගමනාගමනය අවහිර කරමින් තම හිස් වැසුම් ගුවනේ ඔසවමින් ඒකාධිපතියාට මරණය යනුවෙන් සිය විරෝධතාවයේ නිරත විය. මීඨ අමතරව , අඟහරුවාදා Karaj, Tehran සහ Saqez සහ Sanandaj යන වයඹදිග නගරවල පාසල් සිසුවියන්ද විරෝධතා දක්වා ඇත.

සාමාජ මාධ්‍යවල සංසරණය වන වීඩියෝපට වල අයතුල්ලා කමේනිගේ සහ ඉස්ලාමීය ජනරජයේ නිර්මාතෘ අයතුල්ලා රුහොල්ලා කොමේනිගේ පින්තූර දෙසට ඔවුන්ගේ මැද ඇඟිලි ඔසවමින් සිය විරෝධය පල කර තිබේ. ඒ අනුව සති තුනකට ආසන්න විරෝධතාවලින් පසුව ඉරානයේ නායකත්වය බරපතල අභියෝගයකට මුහුණ දෙමින් සිටින බව පැහැදිළි වේ.
ඉරානයේ උත්තරීතර නායකයාගේ ඡායාරූප ගිනි තැබීමට බිය නොවන පාසල් සිසුවියන් මේ වන විට සිටින අතර අයතුල්ලා අලි කමේනිගේ අනතුරු ඇඟවීම නොතකා සිය විරෝධතා දිගටම පැවත්වමින් සිටියි.

නව යොවුන් තරුණියන්ට දේශපාලනය නොතේරෙනවා විය හැක. නමුත් ඔවුනට සාමාන්‍ය ජීවිතයක් අවශ්‍යයි. ඔවුන්ට අවශ්‍ය පරිදි තම ජීවිතය ගත කිරීමට නිදහසක් නොමැති බව ඔවුන් මේ වන විට තේරුම් ගකිමින් සිටියි.

කෙසේ නමුත් ඉරාන මානව හිමිකම් කණ්ඩායමක් අඟහරුවාදා වාර්තා කළේ අවම වශයෙන් පුද්ගලයින් 154 දෙනෙකු මේ වන විට ආරක්ෂක හමුදා විසින් මරා දමා ඇති බවයි.

සශිකලා මධුෂාණී_

සබැඳි පිලි :

Share

Recent Posts

ගාසා තීරය සඳහා පශ්චාත් යුද සැලැස්මක් නොමැති නම් ඉවත් වන බවට ඊශ්‍රායල යුද කැබිනට් අමාත්‍යවරයා අනතුරු අඟවයි

යුද්ධයේ දිශානතිය සම්බන්ධයෙන් වැඩෙන දේශපාලන විරසකය පැමිණෙන්නේ ගාසා නගරයේ ඓතිහාසික සරණාගත කඳවුරක් වන ජබාලියා වෙත…

43 mins ago

බෝට්ටුවකින් ඉතාලිය බලා ගිය ටියුනීසියාවන් 23 දෙනෙකු අතුරුදන්

එක්සත් ජාතීන්ගේ සංඛ්‍යාලේඛන පෙන්වා දෙන්නේ පසුගිය වසරේ ඉතාලියේ වෙරළට ගොඩ බැස ඇති සංක්‍රමණිකයන් 12,000ක්වත් ටියුනීසියාවෙන්…

1 hour ago

වියට්නාමය නව ජනාධිපතිවරයා ලෙස මහජන ආරක්ෂක ඇමතිවරයා නම් කෙරේ

පක්ෂයේ මධ්‍යම කාරක සභාව සඳහන් කර තිබුණේ, සියලුම ඉහළ නායකත්වයන් එක්සත්ව, ආදර්ශමත්ව, මුළු හදින් සහ…

13 hours ago

RISHI SUNAK එංගලන්තයේ ධනවතුන්ගේ ලැයිස්තුවට!

මේ වන විට ඔහුගේ වත්කම පවුම් මිලියන 651ක්.

14 hours ago

අධික වර්ෂාවත් සමඟ ඇති වූ ගංවතුර තත්වය හේතුවෙන් ඇෆ්ගනිස්ථානයේ 50 දෙනෙකු මරුට

ඇෆ්ගනිස්ථානය ස්වභාවික විපත්වලට ගොදුරු වන අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය එය දේශගුණික විපර්යාසවලට වඩාත්ම අවදානමට ලක්විය…

14 hours ago

පෝල් මැකාට්නි එක්සත් රාජධානියේ පළමු ප්‍රකෝටිපති සංගීතඥයා බවට පත් වෙයි

ඇකඩමි සම්මානයක්, ප්‍රයිම් ටයිම් එමී සම්මානයක්, ග්‍රැමී සම්මාන 18ක්, හිමිකරගෙන ඇත.

17 hours ago

ඇෆ්ගනිස්ථාන ප්‍රහාරයකින් ස්පාඤ්ඤ සංචාරකයින් තිදෙනෙකු මරුට

ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකු භාරගෙන නැත.

1 day ago

ලෝකයේ අංක එකේ ගොල්ෆ් ක්‍රීඩක ස්කොටී ෂෙෆ්ලර් අත්අඩංගුවට

කෙන්ටකි හි ලුයිස්විල් හි පැවති PGA ශූරතාවලියෙන් පිටතදී ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.

2 days ago

සමහර අසනීපයන්ට වගකිවයුතු ද්‍රව පරපෝෂිතයා – Cryptosporidium

සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Cryptosporidium යනු මිනිසුන්ට සහ සමහර…

2 days ago

සංක්‍රාන්ති ලිංගිකයන් ‘මානසික රෝගීන්’ ලෙස පේරු හි නිල වශයෙන් පවසයි!

රජය පැවසුවේ මෙම නියෝගය LGBTQ පුද්ගලයින් අතර අමනාපයක් ඇති කරන නමුත් ඔවුන් කිසිදු විකල්ප ප්‍රතිකාරයකට…

2 days ago

Baby Reindeer හි මාර්තා චරිතයෙහි සැබෑ කතා නායිකාව පිළිබඳ ආන්දෝලනයක්!

සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Netflix හි නවතම කතා මාලාවක්…

2 days ago

tortilla chip අභියෝගයකට මුහුණ දුන් 14 හැවිරිදි දරුවකු හෘදයාබාධයකින් මරුට

වෙළඳසල්වල රාක්ක වලින් මේ වන විට ඒවා ඉවත් කරමින් තිබේ.

2 days ago

ප්‍රංශයේ නව කැලිඩෝනියාහි කෝලහාල තත්වයක්; හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කෙරේ

අගනුවර වන නූමියා යනු කැරලිකරුවන් සිය ගණනක් සිටින ප්‍රදේශයක් වන අතර ඔවුන් තවදුරටත් ප්‍රචණ්ඩක්‍රියා සිදු…

2 days ago

කිසිවක් නොකර සිටීමට හොඳම කවුදැයි බැලීමට දකුණු කොරියානුවන් අතර තරඟයක්

මෙවර 4,000කට අධික පිරිසක් මෙම තරඟය වෙනුවෙන් ඉල්ලුම් කර ඇති අතර ඉන් සුදුසුකම් ලබා ඇත්තේ…

2 days ago

එක්සත් රාජධානිය ඉන්දිය කුළුබඩු දැඩි පරික්ෂාවකට ලක් කරයි

ලොව විශාලතම කුළුබඩු අපනයනකරු, පාරිභෝගිකයා සහ නිෂ්පාදකයා වන ඉන්දියාව වේ.

3 days ago