අරුම පුදුම

මෙක්සිකෝවෙන් සොයාගත් සක්වල මිතුරන්ගේ ඇත්ත නැත්ත!

සටහන – නිපුනි ලියනගේ

ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගිය දිනයක දී පිට සක්වල ජීවීන් දෙදෙනෙකුගේ යැයි පැවසෙන මළ සිරුරු දෙකක් Mexican congress හි දී මහජන ප්‍රදර්ශනයට තබා තිබුණි. පෘථිවිවාසී නොවන ජීවී කොට්ඨාසයක ශරීර දෙකක් මෙලෙස මෙක්සිකෝ රජය විසින් වැඩසටහනක් ඔස්සේ විකාශනයට පත් කෙරූ අතර එය වේගයෙන් Viral ගිය ප්‍රවෘත්තියක් වී හමාරය.

නමුත් එකපාරටම ඒලියන්ස්ලා?? මේක හරිම අමුතු සිදුවීමක්! ලෝකෙ ගෝලාකාරයි කෙල්ලො පුදුමාකාරයි කියන ලෝකයේ වෙනසක් නොදැක්ක අපිට එකපාරටම ඒලියන්ස්ලා කොහෙන්ද? ඒකත් මැරුණු සිරුරු ය.

මාධ්‍යවේදී සහ ස්වයං-ප්‍රකාශිත හඳුනා නොගත් පියාසර වස්තූන් පිළිබඳ විද්‍යාඥයෙකු වන Jaime Maussan විසින් ඉදිරිපත් කරමින් වීදුරු පෙට්ටිවල ප්‍රදර්ශනය කරන ලද මෙම පිට සක්වල පොසිල සිරුරු, පේරු හි Cusco වෙතින් ලබාගෙන ඇති අතර ඒවා වසර 1,000 ක් පැරණි බව ද කියනු ලැබේ.

මෙම නිදර්ශක අපේ ලෝකයේ පරිණාමයේ කොටසක් නොවන බවත් ඒවා පියාසර වස්තූන් පිළිබඳ ඇති සුන්බුන් වලින් සොයා ගත් ඒවා ද නොවන බවත්, ඒවාඩයටම් පාසි පතලක පොසිලගතව තිබියදී සොයා ගත් බවත් දිවුරුම් දෙමින් සාක්ෂි ඉදිරිපත් කරමින් තරයේ මවුසාන් පැවසීය.

කවුද මේ Jaime Maussan?

මේ වන විට 70 වන විය පසු කරන Maussan මෙක්සිකානු මාධ්‍යවේදියෙක්, රූපවාහිනී හසුරුවන්නෙක් මෙන්ම පියාසර වස්තූන් පිළිබඳ විද්‍යාඥයෙකි.

මේ සියල්ලටම පාහේ පිටසක්වල ජීවින් සම්බන්ධ කරමින් කියනු ලබන ප්‍රෝඩා රැසකට ද ඔහු සම්බන්ධ වී ඇති බව ද නොරහසකි.

Maussan “Metepec Creature” ලෙස නම් කරන ලද නිදර්ශකයක් ප්‍රසිද්ධියට පත් කිරීමට සම්බන්ධ වූ අතර එය පසුව සම ඇති වඳුරෙකු බවට පත්විය. ඊට අමතරව “Demon Fairy” යෙක් ගැන 2016 දී කරළියට ගෙන ආවේය.

2015 දී, Maussan විසින් “Be Witness” නම් වූ උත්සවයක් මෙහෙයවන ලද අතර එහිදී පිටසක්වල ජීවියෙකු බව ප්‍රකාශ කරන ලද මමීකෘත ශරීරයක්නිරාවරණය කරන ලදී. පසුව මමීකෘත මළ සිරුර මිනිස් දරුවෙකු බවට හඳුනාගෙන ඇත.

ඉන් නොනැවතුන Maussan 2017 දී, Gaia විසින් සත්කාරකත්වය සපයන ලද වීඩියෝවක පෙනී සිටිමින් එහිදී පේරු හිදී හමුවූ මමීකෘත මළ සිරුරක්”ඇඟිලි තුනේ පිටසක්වල ජීවියෙකු” ලෙස ප්‍රකාශ කරන ලදී.

මෙක්සිකෝවේ ජාතික ස්වයං පාලන විශ්ව විද්‍යාලයේ (UNAM) විද්‍යාඥයින් නිගමනය කළේ ඔහුගේ වචනවලින් කියනවා නම්, මළ සිරුරු “අපගේ භූමිෂ්ඨපරිණාමයේ කොටසක්” නොවන බවත්, ඒවායේ DNA වලින් තුනෙන් එකක්ම “නොදන්නා සම්භවයක්” බවත් Maussan කියා සිටියේය.. කෙසේ වෙතත්විශ්ව විද්‍යාලය එවැනි ප්‍රකාශයන් කිසිවිටෙක අනුමත නොකළ බවත් Maussan ගේ දත්ත “කිසිදු තේරුමක් නැති දෙයක්” බවත් UNAM හි භෞතික විද්‍යාපර්යේෂක Julieta Fierro ප්‍රකාශ කරන ලදී. කාබන් 14 පරීක්ෂණය සඳහා ඔවුන් වෙත යවන ලද නියැදියක මූලාරම්භය සහ වෙනත් කිසිදු ආකාරයක පරීක්ෂණයක් ඔවුන් විසින් සිදු නොකළ බවත් ය.

ඒ කියන්නේ මේකත් උප්පරවැට්ටියක් ද?

එක්කෝ Maussan ට තියෙන ප්‍රසිද්ධියට පත්වීමේ කෑදරකම විය හැක. නැතිනම් මෙක්සිකෝවට ආර්ථික ප්‍රශ්නයක් ඇති වෙමින් පවතිනවා විය හැක. ඒකටහම්බුන මේ වෙලාවේ තියෙන හොදම උප්පරවැට්ටිය පිට සක්වල මිතුරන් වීම ද හරිම අපූරුය. මෙක්සිකෝව පමණක් නොව ආර්ථික අස්ථාවර බවක් ඇතිඕනෑම රටක් කරන්නේ ජනතාවගෙන් ලිස්සා යෑමට ඔවුන්ගේ අවධානය වෙනතකට යොමු කිරීමට විවිධ උපක්‍රම යොදා ගැනීමයි. ඔවුන්ට ආතල් එකක් දීලාඕනෑම දෙයක් යට ගැහීමේ කලාවක් කපටි දේශපාලුවන්ට උප්පත්තියේ සිටම ලැබෙනවා කියන්නෙම ආඩම්බරයක්!

මේකෙ ඇත්ත නැත්ත තවමත් පරීක්ෂණ මට්ටමේ පවතින අතර අපට නිසි දෙයක් නිගමනය කළ නොහැක. ඉතින් ඇත්තටම පිටසක්වලයෝ හිටියා ද නැතිනම්ප්‍රශ්නයක් යට ගැහීමට කරන මංගල්‍යයක් ද යැයි අපි බලමු!

ඡායාරූප : අන්තර්ජාලය

Share

Recent Posts

සීක් බෙදුම්වාදී නායකගේ මරණය සම්බන්ධයෙන් කැනඩාව ඉන්දීය රජයට එරෙහිව කිසිදු සාක්ෂියක් සොයාගෙන නොමැත – ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය

රන්දීර් ජයිස්වාල් කැනඩාව ඉන්දීය අන්තවාදීන්ට රැකවරණය සපයන බවට ඉන්දියාවේ දීර්ඝ කාලීන චෝදනාව යළිත් අවධාරණය කර…

5 hours ago

ඇමරිකාව චීන සමාගම් රැසකට වෙළඳ සිමා පනවයි

මෙම වෙළඳ සිමා පැනවීම සම්බන්ධයෙන් වොෂින්ටනයේ චීන තානාපති කාර්යාලය මේ වෙනුවෙන් ප්‍රතිචාර දක්වා නොමැත.

5 hours ago

Bieber පවුලට එන්නට සැරසෙන අලුත් සාමාජිකයා ගැන හෙළිදරවුවක්!

සටහන - නිපුනි ලියනගේ මැයි 10 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ලොවක් ආදරය කරන, රසිකාවියන්ගේ සිහින…

7 hours ago

Met Gala 2024හි තරු පිරිවරගේ විලාසිතා!

සටහන - නිපුනි ලියනගේ මැයි 10 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වසරේ විශාලතම විලාසිතා දැක්ම "Met…

8 hours ago

බයිඩන්ගේ උදවු නොමැතිවුවත් රෆා මෙහෙයුම ස්ථිරයි- නෙතන්යාහු

ඊශ්‍රායලයේ සතුරන් මෙන්ම හොඳම මිතුරන් ද තම රට යටත් කර ගත නොහැකි බව තේරුම් ගත…

14 hours ago

දකුණු කොරියාවේ උපත් අනුපාතය සිඝ්‍රයෙන් අඩුවීම හේතුවෙන් නව අමාත්‍යංශයක් ස්ථාපිත කෙරේ

රුපවාහිනී සාකච්ජාවකට අදහස් දක්වමින් ජනාධිපතිවරයා වැඩි දුරටත් සඳහන් කර තිබුණේ, තම ධුර කාලය තුළ ඉදිරි…

16 hours ago

වාර්ගික පවිත්‍ර කිරීම් වෙනුවෙන් ඩාර්ෆූර්හිහි මහා පරිමාණයෙන් සිවිල් වැසියන් සමූල ඝාතනය කෙරේ

මෙම බිහිසුණු නව සාක්ෂිය වසරක් පුරා පැවති සුඩාන සිවිල් යුද්ධයේ දරුණුතම කුරිරුකම්වලින් එකක් විස්තර කෙරේ…

1 day ago

රෆා වෙත ප්‍රහාර එල්ල කරන්නේ නම් ඊශ්‍රයලය වෙත කරන ආයුධ සැපයුම නතර කරන බවට බයිඩන් අනතුරු අඟවයි

එක්සත් ජනපද ආයුධ නැව්ගත කිරීම ප්‍රමාද කළ ප්‍රථම අවස්ථාව මෙයයි.

2 days ago

බ්‍රසීලයට පෙර නොවූ විරූ ගංවතුරක්; මියගිය සංඛ්‍යාව 95 දක්වා ඉහළට

නවතම ඇස්තමේන්තු වලට අනුව පුද්ගලයන් 155,000ක් නිවාස අහිමි වී ඇති අතර කලාපයේ ආණ්ඩුකාරවරයා අනතුරු අඟවා…

2 days ago

බෝම්බ තොගයක් රැගත් නෞකාවක් ඊශ්‍රායලය බලා පිටත්වීමට ඇමෙරිකාව ඉඩ දී නෑ!

එමෙන්ම ඊශ්‍රායල හමුදාව රෆා ප්‍රදේ‍ශයට ඇතුලුවන එක් කොටසක බලය අත්පත් කරගෙන ඇති බව ද සඳහන්…

3 days ago

දිල්ලි මහා ඇමති තහනම් ත්‍රස්තවාදී සංවිධානයකින් අරමුදල් ලබා ගත් බවට චෝදනා

දැනට සිටින මහ ඇමැතිවරයකුට එල්ල වී ඇති ඉතා බරපතළ චෝදනා බැවින් අපට එම චෝදනා සනාථ…

3 days ago

එක්සත් රාජධානියේ ආරක්ෂක අමාත්‍යාංශය සයිබර් ප්‍රහාරයකට ලක් වේ

කොන්සර්වේටිව් ආණ්ඩුවේ හිටපු අමාත්‍යවරයෙකු වන ටෝබියාස් එල්වුඩ් පැවසුවේ මෙම සිද්ධිය චීන සයිබර් ප්‍රහාරයක ලක්ෂණ ඇති…

3 days ago

වහලියක් ලෙස ප්‍රංශයේ මියගිය අප්‍රිකාවේ අභිමානය “සේරා”

ඇය මවක් වන විට ඇයට වයස අවුරුදු 16 පමණ වූ බවයි මූලාශ්‍ර වාර්තා කරන්නේ.

3 days ago

දකුණු අප්‍රිකාවේ මහල් ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් පස් දෙනෙකු මරුට

ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වේ..

3 days ago