එසැණ පුවත්

ජපානය විදේශිකයෙකුට මරණ දඬුවම දෙයි

ජපානය විසින් චීන ජාතිකයෙකු හට මරණ දඬුවම ලබාදී තිබේ.

ඒ, එල්ලා මරා දැමීම මගිනි.

මෙසේ එල්ලා මරා දමා තිබෙන්නේ වෙයි වෙයි නමැති චීන ජාතිකයෙකි.

2003 වසරේදී මිනීමැරුම් 4 ක් කළ බවට එල්ල වූ චෝදනාවලින් ඔහු වරදකරු බවට පත්විය.

අධිකරණ අමාත්‍යවරිය (ඉහත ඡායාරූපයේ) මසාකෝ මොරි පැවසුවේ, සියලු කරුණු ප්‍රවේශමෙන් සලකා බලා මෙම තීරණය ගත් බවයි. ඔහු විසින් ඝාතනය කළ එකම පවුලේ අය අතර වයස අවුරුදු 8 සහ 11 හි දරුවන් ද සිටීම මෙහිදී විශේෂ සැලකිල්ලට බඳුන් විය.

ජපන් භාෂාව ඉගෙන ගැනීම සඳහා ශිෂ්‍යෙයකු ලෙස ජපානයට පැමිණි චීන ජාතික වෙයි වෙයි, මරණ දඬුවමට ලක් වන විට 40 හැවිරිදි විය. ෆකුහෝකා නගරයේ ව්‍යාපාරිකයෙකුගේ නිවසක් ඔහු හා ඔහුගේ සගයන් විසින් කොල්ල කෑමේදී මෙම අපරාධ සිදු කර තිබිණි.

එහිදී ව්‍යාපාරිකයන් දෙදෙනාගේ සහ දරුවන් දෙදෙනාගේ ගෙළ සිරකර මරා දමා, ව්‍යාපාරිකයාගේ බිරිඳ නාන තටාකයේ ගිල්වා අමානුෂික ලෙස ඝාතනය කර තිබිණි. පසුව හෙළිවූයේ ඔවුන් සිව් දෙනාගේම සිරුරු අකතා බොක්කේ ගිල්වා ඇති බවයි.

මේ වන විට ජපානයේ සිරකරුවන් 100 දෙනෙකුට අධික පිරිසක් මරණ දණ්ඩනයට නියම වී සිටිති.

පසුගිය වසරේදී 15 දෙනෙකුට මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීම ද සිදුවිය. ඒ අතර, 1995 වසරේදී ටෝකියෝ උමං දුම්රියට විෂ වායු ප්‍රහාරය එල්ල කළ ඕම් ෂිම්රිකෝ නිකායේ සාමාජිකයන් 13 දෙනෙකු ද වූහ.

ජපානය, මරණ දඬුවමට ලක්වන පුද්ගලයන්ගේ නම් හෙළිදරව් කිරීම ආරම්භ කළේ 2007 වසර තරම් මෑතකදී ය. එදා පටන් මේ දක්වා විදේශිකයන්ට ජපානය තුළදී මරණ දඬුවම හිමි වූ එකම අවස්ථාව ලෙස මෙය සැලකේ.

ලෝකයේ මරණ දඬුවමට තවමත් ඉඩ දෙන රටවල්

පසුගිය සමයේ මරණ දණ්ඩනය ශ්‍රී ලංකාවේ ද උණුසුම් මාතෘකාවක් බවට පත්වූයේ, නැවතත් මරණ දණ්ඩනය ක්‍රියාත්මක කළ යුතු බවට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් නැවත නැවතත් ප්‍රකාශ කිරීමත් සමග ය.

පහත දැක්වෙන්නේ 2017 වසරේදී ලොව පුරා මරණ දණ්ඩනය ක්‍රියාත්මක කර තිබූ ආකාරයයි.

රාජ්‍යයන් විසින් ඇතැම්විට නිල සංඛ්‍යාලේඛන ප්‍රකාශයට පත් කිරීමෙන් වැළකී සිටින නිසා, මේ සඳහා පදනම් කර ගෙන ඇත්තේ ඇම්නේස්ටි ඉන්ටනැෂනල් (ජාත්‍යන්තර ක්ෂමා ආයතනය) විසින් පළ කළ සංඛ්‍යා ලේඛනයන් ය. මෙහිදී පැහැදිලිවම පෙනී යන්නේ ලොව පුරා සිදුවූ මරණ දණ්ඩනයන්වලින් 84%කටම වග කිව යුත්තේ රටවල් 4 ක් බවයි.

  • සෞදි අරාබිය
  • ඉරාකය
  • පාකිස්ථානය
  • ඉරානය
    යන රටවල් ය.
    හිස ගසා දැමීම, එල්ලා මරා දැමීම, විෂ එන්නත් කිරීම සහ වෙඩි තැබීම මෙම රටවල් විසින් අනුගමනය කරයි.

ඇම්නේස්ට් ඉන්ටනැෂනල් දත්තවලට අනුව,

රටවල් 106 ක නීතිය මගින් මරණ දණ්ඩනයට ඉඩ ලබා දී ඇත.

රටවල් 7ක්, යුධ කාලය වැනි ව්‍යාතිරේඛී කාලවලදී සිදුකරන බරපතළ අපරාධ සඳහා පමණක් මරණ දණ්ඩනය නියම කරයි.

රටවල් 29ක නීතිය මගින් මරණ දණ්ඩනය තවදුරටත් සක්‍රියව ඇති නමුත්, ගතවූ දශකය තුළ කිසිවෙකු මරණ දණ්ඩනයට ලක් කර නැත. ශ්‍රී ලංකාව ද මෙයට අයත් වේ.

Share

Recent Posts

ඊශ්‍රායලයට යන නැව්වලට සිය සිමාව තුළ අනිවාර්යෙන් ප්‍රහාර එල්ල කරන බව හූතිවරු පවසයි

එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…

2 hours ago

එළඹෙන සති අන්තයේ ඇමරිකා විශ්වවිද්‍යාල ගාසා යුද විරෝධතාකරුවන්ගෙන් බාධා එල්ල වේ යැයි සැකයක්!

විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…

5 hours ago

බ්‍රසීලය වසර 80කට පසු මාරාන්තික ගංවතුරකට මුහුණ දේ; 37ක් මියගොස් 74 දෙනෙකු අතුරුදන්

එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…

7 hours ago

සික් බෙදුම්වාදී නායක නිජ්ජාර්ගේ ඝාතනය සම්බන්ධයෙන් කැනඩාව තිදෙනෙකු අත්අඩංගුවට ගනී

පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…

7 hours ago

ඉන්දියාව මියන්මාර සරණාගතයින් පිටුවහල් කරයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…

1 day ago

ඡන්ද මධ්‍යස්ථානයකින් ආපසු හරවා යැවු එංගලන්තයේ හිටපු අගමැති බොරිස් ජෝන්සන්!

විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…

1 day ago

චීනය සඳ මත කඳවුරු බැඳීමේ මෙහෙයුම දියත් කරයි

මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…

1 day ago

තුර්කිය ඊශ්‍රායලය සමඟ පැවති වෙළඳ සබඳතා අත්හිටුවයි

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…

1 day ago

දකුණු වියට්නාමයේ ජලාශයක මත්ස්‍යයින් විශාල සංඛ්‍යාවක් මිය යයි!

මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…

2 days ago

ගිටාර් වීරයා DUANE EDDY ගිටාරය තනිකර ජීවන රිද්මයට තිත තබයි!

මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…

2 days ago

බ්‍රසීලයට ගං වතුර, 10ක් මිය යයි!21ක් අතුරුදහන්

පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…

2 days ago

කාන්තාවන් පිරිමින්ට වඩා වසර ගණනාවක් ජිවත්වන මුත් දිගුකාලින අසනීප තත්වයන්ගෙන් පෙළෙන බව අධ්‍යනයකින් හෙළි වේ

කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…

2 days ago

චාලි මා හදවතෙහි ජීවත් ව හිඳී

උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!

2 days ago

අවිහිංසාවාදී විශ්ව විද්‍යාල උද්ගොෂණයට පොලිසිය කඩා වැදීමත් සමඟ එක්සත් ජනපදයේ භාෂණයේ නිදහස පිළිබඳව ප්‍රශ්න මතු කෙරේ

එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.

2 days ago