කැලිෆෝනියාවේ ඩිමොක්‍රටික් පක්ෂ අරමුදල් රැස්කිරීමක් අතරතුර එක්සත් ජනපද විදේශ ප්‍රතිපත්තිය ගැන කතා කරමින් සිටි බයිඩන් විසින් ලෝකයේ භයානකම රටවලින් එකක් ලෙස පාකිස්ථානය හඳුන්වා දී ඇත.
ජනාධිපතිවරයා මෙලෙස ප්‍රකාශ කිරීමට හේතු වූයේ එක්සත් ජනපදය විසින් ඇෆ්ගනිස්ථානයේ දශක දෙකක යුද්ධයක් අවසන් කළ පසු පකිස්ථානය තීරනාත්මක සැපයුම්කරුවකු වශයෙන් සිට ඉස්ලාමාබාද්හි බලගතු මිලිටරි සහ බුද්ධි උපකරණ තලිබාන් සංවිධානයට ලබාදීම හේතුවෙන් ඇමරිකන් හමුදා ඉවත් වීමෙන් අනතුරුව ත්‍රස්තවාදී සංවිධාන නැවත බලවත් වීමයි.
එමෙන්ම පාකිස්ථානය සතු න්‍යෂ්ටික අවි කිසිදු එකමුතුවකින් තොරව පවත්වා ගැනීමත් ජනාධිපති බයිඩන්ගේ චෝදනාවට විය.
මෙම කරුණු ප්‍රචාරය වීමත් සමඟ පාකිස්තානය එක්සත් ජනපද තානාපති ඩොනල්ඩ් බ්ලෝම් ඉස්ලාමාබාද්හි විදේශ කාර්යාලයට කැඳවා පාකිස්ථානු අගමැති සමඟ සාකච්ජා පැවැත්වූ බව පකිස්ථාන විදේශ ඇමති බිලාවල් භූතෝ සර්දාරි කරච්චි හි පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර තිබිණි.
බයිඩන්ගේ ප්‍රකාශය පිළිබඳව පාකිස්ථානයේ අගමැති ෂෙබාස් ෂරීෆ් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ පකිස්ථානය වගකිවයුතු න්‍යෂ්ටික රාජ්‍යයක් බවයි. එමෙන් ම බයිඩන්ගේ ප්‍රකාශය වැරදි වැටහීමක් බවත් ඔහු තවදුරටත් එහි සඳහන් කර තිබිණ.
මේ වන විට බීජින් විසින් ගොඩ නගන ආර්ථික කොරිඩොව හේතුවෙන් චීනය හා පාකිස්ථානය අතර පවතින සමීප සබඳතාවය එක්සත් ජනපදය විසින් නොඉවසන තත්වයක් ඇතිව තිබේ. මේ සම්බන්ධයෙන් වොෂින්ටනය ප්‍රකාශ කර තිබුණේ චීනය විසින් බොහෝ ආර්ථික ප්‍රතිලාභ ලබා ගැනීමට සාපේක්ෂව පාකිස්ථානය දරාගත නොහැකි ණය උගුලක සිරවෙමින් සිටින බවයි. එක්සත් ජනපදයේ මෙම අනතුරු ඇඟවීම් පකිස්ථානය විසින් නැවත නැවතත් පසෙකට දමා ඇත. මේත් සමඟ දෙරට අතර හොඳ හිත පළුදු වෙමින් ඇත.
සශිකලා මධුෂාණී_
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…
කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…
උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!
එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.
ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…
මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…
ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.
යුක්‍රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.
වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…
බන්ධනාගාර ගොඩනැඟිලිවලින් විශාල ප්‍රමාණයක් සහ එහි උස් තාප්පයේ කොටසක් කඩා වැටී ඇති අතර, සිරකරුවන් පලාගොස්…
ගිනිකන්ද පුපුරා යාමත් සමඟ සුන්බුන් මුහුදට වැටී සුනාමියක් ඇති ව තිබේ.
ඉන්දියාව පසුගිය වසරේ පස්වන විශාලතම ආර්ථිකය ලෙස එක්සත් රාජධානිය අභිබවා යන ලදී.