Categories: කාලීන

Lab X – රුසියාවේ අබිරහස් ඝාතන පිටුපස සැඟවුණු විෂ රහස

රුසියාවේ මොස්කව් නගරයේ බොහොමයක් පිරිසකගේ අවධානයට ලක්වන මෙන්ම කුකුසක් ඇති කරන ගොඩනැගිල්ලකි … කාලයක් තිස්සේ සාමාන්‍ය ජනතාවගෙන් වැසී තිබෙන මෙම ගොඩ නැගිල්ල තුළ රාත්‍රිකාලයේදී කුඩා එළියක් සහිත විදුලි පහන් ආලෝකයකි. එය නම් කර ඇත්තේ ‘විද්‍යාත්මක පර්යේෂණායතනය” යනුවෙනි. මෙය සැබවින්ම කුමක් සඳහා භාවිතා කරන්නනක්ද ඒ පිළිබඳව සියල්ලන්ම දන්නා රහසක් වූයේ එය රුසියාව විසින් යම් රහස් කටයුත්තක් සඳහා භාවිතා කරන ගොඩනැගිල්ලක් බවයි. බොහෝ රුසියානු හිටපු බුද්ධි අංශ නිළධාරීන් පවසන්නේ එය සෝවියට් බලකොටුව හෙවත් ක්‍රෙම්ලිනයේ අප්‍රකට විස කම්හල බවයි. ඔවුන්ට අනුව මෙම විෂ කම්හල අරඹා ඇත්තේ ව්ලැඩිමියර් ලෙනින් විසින් දුන් නියෝගයක් අනුව 1921 වසරේදීය. මෙම ගොඩනැගිල්ල රුසියානුවන් ට පමණක් නොව මේ වන විට සමස්ථ යුරෝපයටම උභතොකෝටිකයක් වන්නට පටන් ගෙන ඇත. ඒ අද වන විට කූටප්‍රාප්ත වෙමින් පවතින යුරෝපය සහ රුසියානුවන්ගේ විරසකයේ ආසන්නම හේතුව නිර්මාණය වීමත් සමගය.

ඒ බ්‍රිතාන්‍යයේදී රසායනික අවි යොදා ගනිමින් සිදු කළ රුසියානු ජාතික ඔත්තු කරුවකු හා ඔහුගේ දියණිය මරණ මංචකයට අැද දමමින් ‘නොවිචොක්’ නමැති ස්නායු අඩපණ කරන රසායනික විෂක් ශරීරගත කිරීමයි. මේ වන විට බ්‍රිතාන්‍යයද ඇතුළු සමස්ත යුරෝපා සංගමය විසින් මෙම ඝාතනයන්ට වග කිව යුත්තා ලෙස චෝදනා කර සිටින්නේ රුසියාවටයි. ඒ අනුව බ්‍රිතාන්‍යයේ සිටින සියලු රුසියානු රාජතාන්ත්‍රිකයන් ඉවත් කිරීමටද බ්‍රිතාන්‍යය කටයුතු කරන ලදි. කෙසේ හෝ වේවා මෙම සිදුවීම් සමඟ දශක ගණනාවක් තිස්සේ ලෝකයට රහසක් වූ ක්‍රෙම්ලිනයේ විෂ කම්හල අද ලෝකයේ දැඩි අවධානයට ලක්වන කරුණක් බවට පත් වී ඇත‍. විෂ රසායනික අවිභාවිතය සහ සතුරන් මෙල්ල කිරීම පිළිබඳව රුසියානු ඉතිහාසය විසින් සාක්ෂි රැසක් සපයා ඇත‍ බටහිර විශේෂඥයෝ බොහෝ විට සිතුවේ රුසියාවේ මෙම විෂ කැවීම සහ මනුෂ්‍ය ඝාතක ක්‍රියාවලිය යුධපිටියට සීමා වූ එකක් බවයි.

නමුත් KBG – Komitet Gosudarstvennoy Bezopasnosti හෙවත් සෝවියට් සංගම් ආරක්ෂක කමිටුවට අනුව මෙම විෂ රසායනයන් වඩා හොඳින් භාවිතා කළ හැක්කේ එක් එක් පුද්ගලයන් කෙරෙහිය. නොබෝදා ඝාතනය කිරීමට උත්සාහ කළ ස්ක්‍රිපල් සර්ගෙයි සහ ඔහුගේ දියණිය මෙම රහස් විෂ රසායන රහසේ භාවිතා කිරීමෙන් රුසියාව විසින් සිදු කළ බවට තවමත් පවතින්නේ සැකයක් වුවත් ඔවුන්ගේ ඉතිහාසය විසින් ඒ බව ඔප්පු කිරීමට කදිම නිදසුන් ඇති බව මෙමගින් පෙනී යයි. එසේම විශ්වාස කෙරෙන්නේ නොවිචොක් විෂ රසායනිකය නිෂ්පාදනය කරනු ලැබුවේ මෙම විෂ කම්හලේදී වන බවයි. හිටුපු රුසියානු විදේශ සේවා නිළධාරියකු විසින් අනාවරණය කර ඇති පරිදි සිය ජාතිද්‍රොහීන් මරා දැමීම සඳහා රුසියාව විසින් මෙම විෂ අවි භාවිත කර ඇත. ඔහුට අනුව 2006 වසරේදී මරා දැමුණ ඇලෙක්සැන්ඩර් ලිට්විනෙකෝ ගේ ඝාතනය සිදු කිරීමට රුසියානුවන් යොදා ගෙන තිබුණේ තේ කෝප්පයකට විෂ යෙදීමෙනි.

ඇලෙක්සැන්ඩර් ලිට්විනෙකෝ යනු ස්ක්‍රිපල් මෙන්ම රුසියානු රහස් ඔත්තු සේවයට සේවය කර පසුකාලීනව බ්‍රිතාන්‍ය පුරවැසි භාවය ලබා ගත් අයෙකි. ඒ විෂ රසායනික භාවිතය ගැන මෑත ඉතිහාසයේ රුසියාවට පවතින චෝදනාය. නමුත් රුසියානුවන් සතුව එදා සිට පැති මෙම රහස් පර්යේෂණාගාරය පිළිබඳව Lab X නමින් වාර්ථාවක් ලියන ජෝසප් ස්ටාලීන්ගේ රහස් පරික්ෂක ප්‍රධානියා වන පවෙල් සුඩෝප්ලටෝෆ් රුසියානුවන් සතු වූ මෙම විෂ කම්හල පිළිබඳව සඳහන් කරයි. ඔහු පවසන්නේ මෙම පර්යේෂණාගාරයෙහි ප්‍රධානියා වූ මෙයිරොනොස්කි විසින් සිය සැකකරුවන් මුලා කරමින් වෛද්‍ය පරීක්ෂණයක මුවාවෙන් ඔවුන්ට විෂ ශරීර ගත කරන ක්‍රමවේදයක් අනුගමනය කළ බවයි. එසේ ඝාතනය කළ පිරිස අතරේ රුසියානු රැකවරණයේ සිටි ස්වීඩන් රාජතාන්ත්‍රිකයෙකු වූ රනෝල් වෙලෙන්බර්ග්, යුක්රේන ආරක්ෂක නිළධාරියෙකුගේ අභිරහස් ඝාතන වෙයි. රුසියානු ආරක්ෂක කමිටුව විසින් අවසන් සෝවියට් රාජ්‍ය පාලන සමය වන තුරුම මෙම ඝාතනයකිරීම් සිදු කර ඇත.

වසන් කරන ලද අභිරහස් දිනෙන් දින හෙළිවෙමින් පවතිද්දී ඔවුන්ගේ රහස් විෂ කම්හල පිළිබඳව Lab X ලියමින් සුඩප්ලටෝෆ් මෙසේ පවසයි. ”වේල්ල බිඳී ගිය පසු තවදුරටත් රහස් පාලනය කළ නොහැක.”

ආරක්ෂක කමිටු ප්‍රධානී ඔලෙග් කලුගින්ද මෙවැනි ඝාතන කිහිපයකම වගකිව යුත්තා වෙයි. ඔහු විසින් Lab X විසින් සැපයූ විෂ යොදා ගනිමින් 1978 දී බල්ගේරියානු ජාතික ජෝර්ජී මාර්කෙයු ඝාතනය කළේ ලන්ඩන් නුවරදීය. ඒ කිසිවකුටත් සිතා ගත නොහැකි අයුරිනි ඔහු ඉසළාගෙන ගිය කුඩයේ විෂ රසායනයක් සඟවා එම ඝාතනය සිදු කර තිබුණි. ඔහු වෙත රුසියාවෙන් එල්ල කළ චෝදනාව වී තිබුණේද ඔහු බ්‍රිතාන්‍ය රහස් ඔත්තු සේවකයෙකු යන්නයි. රුසියානුවන්ගේ මෙම විෂ කම්හල නොඑසේනම් Lab X පිළිබඳව රුසියානු ආරක්ෂක අංශයේ සේවය කළ පසු කාලීනව ඇමරිකානු පුරවැසි බාවය ලබා ගත් යූරී ෂෙවෙට්ස් පවසන්නේ මෙම විෂ කම්හල තුළ බොහෝ දෑ නිපදවූ බවයි.

ඒ අතර වස, මත්ද්‍රව්‍ය සහ සිහිනැති කරනව විවිධ ඖෂධ ද නිපදවූ බව ඔහු සඳහන් කරයි. මෙම පර්යේෂණාගාරය පිලිබඳව සොවියට් සංගම් නායකයන් සිය අවධානය යෙමු කර තිබුණද සොවියට් ආරක්ෂක අංශය වූ KGB ඒ කෙරෙහි වැඩි කැමැත්තක් නොදක්වා ඇත. වරක් 1988 වසරේදී මිහයිල් ගොර්බචෝව් විසින් මේ පිළිබඳව තොරතුරු විමසුවද ඒ ගැන ඔහුට දැන ගන්නට නොළැබිණි. කෙසේ වෙතත් මෙම රහස් විෂ පර්යේෂණාගාරය නොඑසේනම් Lab X හි රහස මුලින්ම පුපුරා යන්නේ USSR සෝවියට් සංගමය විසුරුවා හැරීමත් සමගිනි. ඉන් පසු මෙම පර්යේෂණාගාරය ක්‍රියාත්මකව තිබෙන බවට අද වන තෙක් කිසිදු තොරෙතුරක් නැතත් බුදධිමය තොරතුරු අනාවරණය කරන්නේ එය එදා මෙන්ම අදත් ක්‍රියාත්මක වනු ඇති බවයි. ඔත්තු සේවක ලිටිවිනෙන්කෝ ඝාතනයේදී යොදා ගැනුන ඔහුගේ තේ කෝප්පයට දැමූ Polonium විකිරණශීලී විශ රසායනිකය රුසියාවේ සිට ලන්ඩනය තෙක් ගෙන එන්නට ඇත්තේ ජෙලටින් ආවරණයක් තුළ විය හැකි බව පසු කාලීනව බ්‍රිතාන්‍ය ආරක්ෂක අංශ විසින් සොයා ගනු ලැබීය.

අද වන විට FSB හෙවත් රුසියානු ආරක්ෂක අංශය විසින් පවත්වාගෙන යනු ලබන පෙර සඳහන් කළ විද්‍යාත්මක පර්යේෂණායතනය පිළිබඳව එහි ජනතාව විසින් සිතන්නේ එය ඇෆ්ගනිස්ථානයේදී රෝගී වූ රුසියානු සෙබළුන් හට ප්‍රතිකාර කරනු ලබන තැනක් ලෙසය. නමුත් සැබෑව වී ඇත්තේ ජනපති පුටින්ගේ පාලන අවධියේදී ද අභිරහස් ලෙස මරා දැමූ රුසියානු ගවේෂණාත්මක මාධ්‍යවේදීන්, යුක්‍රේණයේ හිටපු ජනපති වික්ටර් යුචෙන්කෝ ආදීන්ගේ ඝාතනයන් මෙහිදී සැළසුම් කරන්නට ඇති බවයි. මේ සියළු සාක්ෂි විසින් තියුණු කරනු ලබන්නේ ස්ක්‍රිපල් සහ ඔහුගේ දියණියගේ ඝාතන උත්සාහයන් පිළිබඳව යූරෝපීයන් තුළ පවතින සැකයයි. කෙසේ වෙතත් අභිරහස් ලෙස මිය ගිය අනෙකුත් රහස් ඔත්තු නිළධාරීන්ගේ ඝාතන මෙන්ම ස්ක්‍රිපල් සහ ඔහුගේ දියණියගේ ඝාතන තැත පිටුපස අැති සැබෑ කතාව ද මතු දිනයක අනාවරණය වනු ඇත. රුසියානුවන්ගේ අභිරහස් ක්‍රියාවන් හා බැඳුණ අතීත විත්ති හෙළි වන්නට පටන් ගැණුනේ 1991 වසරේදී සොවියට් සංගමය බිඳ වැටීමත් සමඟිනි.. එසේ සෝවියට් ආරක්ෂක අංශයේ වසන් කරන ලද අභිරහස් දිනෙන් දින හෙළිවෙමින් පවතිද්දී ඔවුන්ගේ රහස් විෂ කම්හල පිළිබඳව Lab X ලියමින් සුඩප්ලටෝෆ් මෙසේ පවසයි. ”වේල්ල බිඳී ගිය පසු තවදුරටත් රහස් පාලනය කළ නොහැක.”

Share

Recent Posts

නායයෑම් හා ගංවතුර නිසා ඉන්දුනීසියාවේ 15 දෙනෙකු ජීවිතක්ෂයට!

ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…

10 hours ago

ඊශ්‍රායලයට යන නැව්වලට සිය සිමාව තුළ අනිවාර්යෙන් ප්‍රහාර එල්ල කරන බව හූතිවරු පවසයි

එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…

15 hours ago

එළඹෙන සති අන්තයේ ඇමරිකා විශ්වවිද්‍යාල ගාසා යුද විරෝධතාකරුවන්ගෙන් බාධා එල්ල වේ යැයි සැකයක්!

විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…

18 hours ago

බ්‍රසීලය වසර 80කට පසු මාරාන්තික ගංවතුරකට මුහුණ දේ; 37ක් මියගොස් 74 දෙනෙකු අතුරුදන්

එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…

20 hours ago

සික් බෙදුම්වාදී නායක නිජ්ජාර්ගේ ඝාතනය සම්බන්ධයෙන් කැනඩාව තිදෙනෙකු අත්අඩංගුවට ගනී

පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…

20 hours ago

ඉන්දියාව මියන්මාර සරණාගතයින් පිටුවහල් කරයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…

2 days ago

ඡන්ද මධ්‍යස්ථානයකින් ආපසු හරවා යැවු එංගලන්තයේ හිටපු අගමැති බොරිස් ජෝන්සන්!

විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…

2 days ago

චීනය සඳ මත කඳවුරු බැඳීමේ මෙහෙයුම දියත් කරයි

මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…

2 days ago

තුර්කිය ඊශ්‍රායලය සමඟ පැවති වෙළඳ සබඳතා අත්හිටුවයි

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…

2 days ago

දකුණු වියට්නාමයේ ජලාශයක මත්ස්‍යයින් විශාල සංඛ්‍යාවක් මිය යයි!

මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…

2 days ago

ගිටාර් වීරයා DUANE EDDY ගිටාරය තනිකර ජීවන රිද්මයට තිත තබයි!

මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…

3 days ago

බ්‍රසීලයට ගං වතුර, 10ක් මිය යයි!21ක් අතුරුදහන්

පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…

3 days ago

කාන්තාවන් පිරිමින්ට වඩා වසර ගණනාවක් ජිවත්වන මුත් දිගුකාලින අසනීප තත්වයන්ගෙන් පෙළෙන බව අධ්‍යනයකින් හෙළි වේ

කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…

3 days ago

චාලි මා හදවතෙහි ජීවත් ව හිඳී

උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!

3 days ago