කාලීන

සාගින්න විසින් මරාදැමූ ‘අනන්තය දැන සිටි මිනිසා‘ – මහා ගණිතඥ ශ්‍රීනිවාස රාමනුජන්

නමුත් ඒ කෙටි ජීවිත කාලය තුළ ශ්‍රීනිවාස රාමනුජන් ගණිත රාජධානියට නව මුහුණුවරක් ලබාදුන්නේය. වසර 3 ක් ඇතුළත, 20 වන සියවසේ ගණිතයේ අනාගත හැඩය තීරණය කළ පර්යේෂණ පත්‍රිකා 30කට වඩා එළිදැක්වීය. ඔහු අති විශිෂ්ටයෙකි. ඇස්ට්‍රොෆිසික්ස් හෙවත් තාරකා භෞතික විද්‍යාව පවා ඔහු ප්‍රගුණ කර සිටියේය.

අත්‍යන්ත දුගී බවෙන් වෙළී ඔහු උපන්නේ තමිල්නාඩුවේ ය. අද අප දකින තමිල්නාඩුවට වඩා එදා ඔහු උපත ලද 1887 දෙසැම්බර් 22 වැනිදා තමිල්නාඩුව කෙසේ පවතින්නට ඇත්දැයි සිතන්න. ඔහු උපන් මිත්තණියගේ පැල්පත පිහිටා තිබුණේ අද චෙන්නායි යැයි කියන මදුරාසියටත් හැතැක්ම 400 ක් එපිටිනි. එය මිහිපිට අපායක් බඳු විය. පැල්පත් නිවාස වටා තිබූ දිය අගල්වල වැසි දිනයට මළපහ කැබලි පාවෙමින් තිබුණේය.

ඔහුගේ වයස අවුරුද්දක් වන විට ඔවුන් කුම්බකෝනම් නගරය වෙත ආහ. එහි සිට මදුරාසියට ඇති දුර, කලින් තැනට වඩා බාගයකින් අඩු විය. ඔහුගේ පියා රෙදි සාප්පුවක ගණන් තබන්නෙකි. නමුත් ඒ නිවස වටා තිබූ දිය අගල්වලත් වැසි දිනයට මළපහ කැබලි පා වුණේය.

ළමා කාලයේදී කිසිදාක විධිමත් ලෙස පාසල් යන්නට ඔහුට බැරි විය. ඔහු ටික කලක් කුම්බකෝනම් ප්‍රාථමික විදුහලට ගියේය. ඉන්පසු නගරයේ උසස් පාසලට ගියේය. දුප්පත්කම නිසා පාසල් යැවුණේ කඩින් කඩ ය. අතිශය නිහඬ සහ කරන්නට සිතාගෙන සිටින්නේ කුමක්දැයි කිව නොහැකි දරුවෙකු ලෙස ඔහු කල් ගත කළේය.

කුම්බකෝනම් හි දේවාලයකට ගොස් සිටියදී ඔහුට ජීවත් වීමට අරමුණක් හටගත්තේය…. ඔහුගේ සිතේ ගණිතයට ආශාවක් ඇති විය. ඔව්.. වළක්වා ගත නොහැකි ලලාසාවක්..!

අවසානයේ අවුරුදු 13 ක පාසල් දරුවෙකු වශයෙන් ශ්‍රීනිවාස තමන්ගේම ගණිත ක්‍රම අත්හදා බලමින් සිටියේය. අංක විද්‍යා ඥානය ඔහුට උපතින් පිහිටි දෙයක්ද නැතිනම් දෙවියන් දුන් වරමක්දැයි කිසිවෙක් නොදනිති.

උසස් පාසලේදී ඔහුට ජී.එස්. කාර් විසින් රචිත Synopsis of elementary results in pure mathematics -ශුද්ධ ගණිතයේ මූලික ප්‍රතිඵල සාරාංශය නමැති පොත හමුවුණේය. එය ලියැවී තිබුණේ ඉතා ලුහුඬු සහ සරල බසකිනි. ඔහු එයින් මන්මත් විය. තමන්ටම ගණිතය උගන්වා ගැනීම ඔහු ආරම්භ කළේය. ඉන්පසු සංකීර්ණ ගණිත සමීකරණ සොයාගැනීම ඇරඹුවේය. ගණිතයේ පමණක් නොව පාසලේ සෑම විෂයකම දක්ෂතා දැක්වූ ඔහු, 1904 වසරේදී ශිෂ්‍යත්වයක් ලබා කුම්බකෝනම් රජයේ විදුහලට ඇතුළත් විය.

ඒ ශිෂ්‍යත්වය ඔහුට ලැබුණේ පළමු වසරේදී පමණි. එයට හේතුව බලධාරීන්ගේ වරදක් නොවේ. කොලුවා ගණන් පමණක් සාදන, ගණිතයට ඇබ්බැහි වූවෙකු බවට පත්ව සිටියේය. මුදල් අසීරුකම් ඇති විය. එවිට දෙමාපියන්ටත් නොකියා ඔහු මදුරාසියට හැතැක්ම 650 ක් දුරින් පිහිටි විසාගපට්නම් නගරය වෙත පළා ගියේය. ටික කලක් ජීවත් වෙමින් ගණන්ම සෑදුවේය. ඊළඟ වසරේදී මුදල් ටිකක් ද සොයාගෙන මදුරාසියට ගොස් පාචායියප්පා විදුහලට ඇතුළත් විය. මදුරාසි සරසවියට ඇතුළත් වීමට සිහින මැවූ නමුත්, සුපුරුදු පරිදි ගණිතය හැර සෙසු සියලු කලා විෂයන් අසමත් විය.

ශ්‍රීනිවාස රාමනුජන් අසනීප වන්නට පටන් ගෙන තිබුණේය. 1908 වසරේදී ඔහු බරපතළ ලෙස රෝගාතුර වී සැත්කමකට ද මුහුණ දුන්නේය. ඔහුට ගෙදර යන්නට සිදුවිය.

ගෙදර ගිය විට ඔහුගේ අම්මා කළේ ළමා විවාහ අති බහුල වී තිබූ ඒ කාලයේ ඕනෑම කුම්බකෝනම් ගැහැණියක කරන දෙයයි. අවුරුදු 10 ක කුඩා දැරියක වූ එස්. ජානකී අම්මාල් ව ඔහුට සරණ පාවා දීම සිදුවිය. අවුරුදු 2 ක් යන තෙක් ශ්‍රීනිවාස ඇය දෙස බැලුවේ පවා නැත.

පසුව ඔහු විනෝදයට මෙන් Journal of the Indian Mathematical Society හි පළ වූ ගණිත ගැටළු විසඳන්නට පටන් ගත්තේය. 1911 වසරේදී බර්නූලි අංක ගැන අති විශිෂ්ට පර්යේෂණ පත්‍රිකාවක් එළි දැක්වූයේය. ඔහුගේ දෛවය පාර සොයාගෙන තිබිණි. ඉන්දියානු ගණිත සංගමයට ඔහු ගැන ඉව වැටුණේය. පිළිගැනීම ලැබෙන්නට පටන් ගත්තේය. මදුරාසියේදී කොලුවාට ‘ගණං කාරයෙකු‘ ලෙස ගෞරවය ලැබෙන්නට පටන් ගත්තේය. ඒ වසරේදීම ඔහු මේ ගණිත සංගමයේ නිර්මාතෘවරයා සොයායන්නේ රැකියාවක් සඳහා උපදෙසක් පතමිනි. ඒ අනුව මදුරාසියේ ගිණුම් මහලේකම් කාර්යාලයේ තාවකාලික රස්සාවක් ඔහු සොයාගත්තේය.

ඉන්දියාවේ ගණිත සමාජයේ නිර්මාතෘවරයා වන්නේ රාමචන්ද්‍ර රාඕ ය. ඔහු මෙසේ ලියයි..

‘‘අසෝබන, මිටි, මහත, රැවුල නොකැපූ, ඒ මදිවාට අපිරිසිදු, අති දීප්තිමත් ඇස් ඇති ගැටවරයෙක් ගෙවීගිය සටහන් පොතක් කිහිල්ලේ ගසාගෙන මා හමුවට ආවේය. ඔහු කාලකණ්නි දුප්පත්කමකින් පෙළෙමින් සිටියේය… සිය අතේ තිබුණු පොත පෙරළා තමන් විසින් සිදුකළ සොයාගැනීම් ඔහු මට විස්තර කරන්නට පටන් ගත්තේය. මම මොහොතකට ගොළුවුණා.. අමුත්තක් තිබෙනවා.. නමුත් ඔහු කියවන්නේ ඇත්තද, නැතිනම් විකාරදැයි අසන්නට මගේ දැනුම මට ඉඩ දුන්නේ නැහැ.. .. ඔහුට උවමනා මොනවාදැයි මම ඇසුවා.. ඔහුට උවමනා කර තිබුණේ තුට්ටු දෙකක රස්සාවක්.. ඒක ලැබුණොත් මේ ගණිත වැඩ පර්යේෂණ දිගටම කරගෙන යා හැකි බව ඔහු පැවසුවා…‘‘

A short uncouth figure, stout, unshaven, not over clean, with one conspicuous feature-shining eyes- walked in with a frayed notebook under his arm. He was miserably poor. … He opened his book and began to explain some of his discoveries….

පිස්සෙක්ද? ප්‍රාඥයෙක්ද?

ටික කලකින් මදුරාසි වරායේ භාර කාර්යාලයේ ලිපිකරු රැකියාවක් ද ශ්‍රීනිවාස හට ලැබුණේය. එහි කළමනාකරු වූ එස්.එන්. අයියර් ගේ මනුෂ්‍යත්වයේ දෑත ඔහු වෙත යොමුවිය. කේම්බ්‍රිජ් සරසවියේ ට්‍රිනිටි කොලෙජ් හි සිටි ප්‍රකට ඉංග්‍රීසි ගණිතඥයෙකු වූ ජී.එච්. හාඩි වෙත ලිපියක් ලියන ලෙස මේ දුප්පත් මදුරාසි කොලුවාට අදහස දුන්නේ අයියර් ය.

රාමනුජන් මේ ලිපිය ලියන්නේ, තමන් විසින් කළ වැඩවලට සාක්ෂි පිණිස තමන්ම සොයාගත් ගණිත ප්‍රමේයයන් 120 ක් ද අමුණමිනි.

රාමනුජන් යැවූ ලිපිය කේම්බ්‍රිජ් වෙත ලැබුණේය. හාඩි සහ ඔහුගේ සහායක ජේ.ඊ ලිට්ල්වුඩ් ඒ ගැන මෙබඳු අදහසක් දැරුවෝය. ‘‘එක්කෝ පිස්සෙක්.. නැතිනම් මහා ප්‍රාඥයෙක් ..!‘‘ (“crank or a genius.”)

අවසානයේ සුප්‍රසිද්ධ ගණිතඥයා මෙසේ ද නිගමනය කළේය. ‘‘මේ ප්‍රමේයයන් සැබෑවක් විය යුතුයි. මොකද ඒවා සත්‍ය නෙවෙයි නම් කිසිම කෙනෙක් ඒවා හොයාගන්නට හිතන්නේවත් නැහැ…‘‘

දෛවය කණපිටට

හාඩි, වහාම ශ්‍රීනිවාස රාමනුජන් හට කේම්බ්‍රිජ් සරසවියට ඇරයුම් කළේය. වසර 5 ක වෘත්තීය සබඳතාවක් දෙන්නා අතර හටගත්තේ එසේ ය. ඒ කාලය තුළ ඔවුන් දෙදෙනා එක්ව පර්යේෂණ පත්‍රිකා 30කට වඩා එළිදැක්වූහ. “On certain arithmetical functions” නමින් එළිදැක්වූ පර්යේෂණ පත්‍රිකාව ගණිත ලෝකය සොළවා තැබුවේය. ඔවුන් දෙදෙනා පසුකලෙක හැඳින්වුණේ ඉතිහාසයේ බිහිවූ ශ්‍රේෂ්ඨතම ගණිතඥ සංකලනය වූ ‘ඉයුලර් සහ ජැකෝබි‘ ට සමාන කරමිනි.

කේම්බ්‍රිජ් උපාධිය ලබා..

අවසානයේදී 1916 දී රාමනුජන්, තමන්ට මදුරාසියේදී ඉටුකරගත නොහැකි සිහිනය කේම්බ්‍රිජ් සරසවියේදී ඉටු කර ගත්තේය. ඒ පර්යේෂණ උපාධියක් වශයෙන් පළමු උපාධිය ලබා ගනිමිනි. එයින් ලන්ඩන් ගණිත සමාජය (London Mathematical Society) ට ඔහුට දොර ඇරුණේය. ඒ හා සමකාලීනවම ඔහු රාජකීය ගණිත සමාජයේ ද ළාබාලතම සාමාජිකයා බවට පත් විය.

මිය ගිය හැටි

ලෝකයම ඔහු අබියස තිබුණත් ළමා මන්දපෝෂණය තුළින් උපත ලැබූ ඔහුගේ කායික පිරිහීම ශීත දේශගුණය විසින් ඉක්මන් කර තිබිණි. ඔහුගේ සිරුර නිතර රිදුම් දුන්නේය. අතීසාරයට ගොදුරු විය. අවසානයේ 1917 දී වෛද්‍යවරුන් නිගමනය කරන්නේ කුමක්ද? ඔහු අති දරුණු විටමින් ඌනතාවයකින් විශාල කාලයක් පීඩා විඳ ඇති බවයි….

1919 වසරේදී ඉන්දියාවේ බොම්බේ නගරය බලා අවසාන වතාවට එන විට ඔහු, සිය අධ්‍යයන කටයුතුවලට ගත කරනවාට වඩා වැඩි කාලයක් රෝහල්ගත වීම් සඳහා වැය කරමින් සිටියේය. ඔහු ඉක්මනින් ආපසු එංගලන්තය බලා ආවේය. දුප්පත්කම විසින් ඇති කළ නිදන්ගත දුර්වල කම් විසින් ඔහුව තීව්‍ර ඉරණම් ගමනක් වෙත තල්ලු කරමින් සිටියේය. 1920 අප්‍රේල් මාසයේදී සොයාගැනෙන්නේ ඔහු ආමාශයේ වණ සහ ක්ෂය රෝගයෙන් එකවිට පෙළෙන බවයි….

අවසානයේ තමන්ට ආලෝකයක් පෙන්වූ දුප්පත් නගරය කුම්බකෝනම් වෙත ම යන ශ්‍රීනිවාස රාමනුජන් වයස අවුරුදු 32 දී අවසන් හුස්ම හෙළන විට ක්ෂය රෝගය විසින් පෙණහළු ද අඩපණ කර තිබිණි.

ඒ 20 වන සියවසේදී සෞඛ්‍ය සේවය ලෝකයේ මේ තරම් දියුනු නොවූ නිසා මේ මහා ගණිතඥයා අපට අහිමි වූවා යැයි ඔබට කියන්නට පුළුවන. නමුත්.. සිතා බලන්න. වයස 32 ක් පමණක් ජීවත් වූ, වයස 64 ක් ජීවත් වූවාටත් වඩා මහා වැඩ කොටසක් ලෝකය වෙනුවෙන් කළ මේ විරල- කෙසඟ ප්‍රාඥයා අකාලයේ ගොදුරු කර ගත් නිදන්ගත රෝගය අන් කිසිවක් නොව, අත්‍යන්ත දුප්පත් කමයි.

රාමනුජන්ගේ 75 වැනි ජන්ම සංවත්සරය සමරමින් ඉන්දියාව 1962 වසරේදී නිකුත් කළ තැපැල් මුද්දරය

ඉන්දියානුවෝ දෙසැම්බර් 22 වැනිදා ට යෙදී තිබූ ඔහුගේ ජන්ම දිනය මෙවර ද මහ ඉහළින් සමරති. ඔහු වෙනුවෙන් ගණිත තරග පවත්වති. සමරු ප්‍රදර්ශන පවත්වති. තැපැල් මුද්දර ද නිකුත් කරති. නමුත් මේ ලෝකයට එක් ප්‍රධාන දෙයක් සහමුලින්ම අමතක වී තිබේ. ඔහුගේ ජීවිතය දෝලනය වූ මදුරාසිය, කුම්බකෝනම් සහ ඉන්දියාවේ අදටත් ශ්‍රී නිවාස වැනි දරුවෝ අත්‍යන්ත දුප්පත්කමෙන් සිඟා කති. ශ්‍රීනිවාස රාමනුජන්ලා මේ ලෝකයට අකාලයේ අහිමි කරන දුප්පත්කම, සාගින්න තුරන් කළ හැකි නම්, එය ඔහුට පිදෙන සැබෑ උපහාරයයි.

 ‘The man who knew infinity’- ‘‘අනන්තය දැන සිටි මිනිසා‘‘.. මේ අද වන විට ශ්‍රීනිවාස රාමනුජන් හැඳින්වීමට යොදන අන්වර්ථ නාමයයි. ශ්‍රීනිවාස සැබවින්ම අනන්තයන් දෙකක් ගැන දැන සිටියේය. එකක් නම් ගණිතමය ලෝකයේ අනන්තයයි. අනෙක නම් දුප්පත්කමේ සහ සාගින්නේ අනන්තයයි…

Share

Recent Posts

ට්‍රම්ප්ට ඇ. ඩොලර් 9,000 ක දඩයක්!

ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…

11 hours ago

මයික්‍රොසොෆ්ට් ඉන්දුනීසියාවේ ඩොලර් බිලියන 1.7 ක් ආයෝජනය කරයි

මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…

14 hours ago

දකුණු චීනයේ මාර්ගයක් කඩා වැටීමෙන් 19දෙනෙකු මිය යයි

ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.

14 hours ago

කළු මුහුදේ වරාය නගරයක් වන ඔඩෙසා වෙත රුසියානු මිසයිල ප්‍රහාරයක්!

යුක්‍රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.

15 hours ago

CLARA CHIZOBA තැබූ ගිනස් වාර්තාව!

වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…

15 hours ago

සිරකරුවන් 118 දෙනකු පැන ගිහින්!

බන්ධනාගාර ගොඩනැඟිලිවලින් විශාල ප්‍රමාණයක් සහ එහි උස් තාප්පයේ කොටසක් කඩා වැටී ඇති අතර, සිරකරුවන් පලාගොස්…

16 hours ago

ඉන්දුනීසියාවේ රුවන්ග් ගිනිකන්ද නැවත පුපුරා යයි

ගිනිකන්ද පුපුරා යාමත් සමඟ සුන්බුන් මුහුදට වැටී සුනාමියක් ඇති ව තිබේ.

16 hours ago

2047 වන විට ඉන්දියාව ලෝකයේ තෙවන විශාලතම ආර්ථික බලවතා බවට පත්වේ

ඉන්දියාව පසුගිය වසරේ පස්වන විශාලතම ආර්ථිකය ලෙස එක්සත් රාජධානිය අභිබවා යන ලදී.

18 hours ago

රෆා ප්‍රහාරය දියත් කරන බවට නෙතන්යාහු සහතික වේ

පලස්තීන ජනතාවගේ ඉතිහාසයේ විශාලතම ව්‍යසනය..

21 hours ago

G7 කණ්ඩායම දේශගුණික විපර්යාස පාලන කිරීම සම්බන්ධයෙන් දැඩි තීරණයක!

G7 කණ්ඩායමට කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ජපානය, බි්‍රතාන්‍ය සහ අමෙරිකාව යන රටවල් අයත් වන අතර මෙම…

2 days ago

සීතල යුද්ධයට විරාමයක්!

දින 40ක සටන් විරාමයක් සම්බන්ධයෙන් ඊශ්‍රායලයේ පාර්ශවයෙන් සුභවාදී ප්‍රතිචාරයක් පළවීමත් සමඟ එම සැනසිලිදායක තත්ත්වය මොහොතකට…

2 days ago

සෞදියේ ඔටුන්න හිමි කුමරු හමුවූ අමෙරිකානු රාජ්‍ය ලේකම්!

ගාසා තීරයට මානුෂීය ආධාර වැඩි කිරීම, ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා වී…

2 days ago

රැප් ගායකයාගේ මරණ දණ්ඩනය හේතුවෙන් ඉරානය පුරා නැවත විරෝධතා

මෙම මරණ දණ්ඩනය පැනවීම ජාත්‍යන්තර විරෝධතාවලට ද හේතු වී ඇති අතර මානවහිමිකම් කණ්ඩායම් මෙය මානව…

2 days ago

කෙන්යාවේ වේල්ලක් පුපුරා යාමෙන් 120දෙනෙකු මිය යයි

මේ මස මුලදී, කෙන්යාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබුණේ, මැයි මාසය දක්වා රටේ විවිධ…

2 days ago

ශීත කළ පීසාවල අඩංගු ඇතැම් අමුද්‍රව්‍ය සෞඛ්‍යට බලපෑමක් කරන බවට FSIS නිවේදනය කරයි!

සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ශීත කළ පීසා වර්ග භාවිතයෙන්…

3 days ago