ලොව යන අත

ගිලෙන මාලදිවයින, චීනය සමග මද සිනාවක!

මාලදිවයිනේ මහ මැතිවරණය ලබන මාසයේ පැවැත්වෙනු ඇති බවට මේ වන විට පළවන වාර්තා බොහොමයකි. එම මහ මැතිවරණයෙන්, දැනට අගමැතිවරයා වශයෙන් කටයුතු කරන, චීනයට ඉතා ලැදි අබ්දුල්ලා යමීන් (Abdulla Yameen) ගේ බලය තහවුරු වනු ඇති බව පැවසේ.

ඇත්ත! මාලදිවයින බොහොම පොඩි රටකි. එහි වර්ගඵලය වර්ග කිලෝමීටර 300 ක් පමණි. එහි වෙසෙන්නේ ද හාරලක්ෂ විසි දහසක (420,000) ජනගහනයක් පමණි. නමුත් එය ඉන්දියන් සාගරය තුළ පිහිටා තිබෙන්නේ අතිශය වැදගත් ස්ථානයක ය. එනම් ඉන්දියාවේ ලක්ෂද්ස්වීප් දූපත් අසල ය. තවද, බ්‍රිතාන්‍ය ඉන්දියා සාගර කලාපය තුළ පිහිටා තිබෙන ප්‍රධාන පෙළේ ඇමරිකානු හමුදා කඳවුරක් වන ඩියොගෝ ගාර්ෂියාවට ද නුදුරෙනි.

1978 සිට 2008 වසර දක්වා මේ මුස්ලිම් ජනරජය පාලනය කළේ මව්මූන් අබ්දුල් ගයූම් (Maumoon Abdul Gayoom) විසිනි. 1948-1949 සමයේ අබ්දුල් ගයූම් ජීවත් වුණේ ලංකාවේ ය. ඒ කාලයේ ගයූම් සිසුවා ගාල්ලේ බොනාවිස්ටා විද්‍යාලයේ ද ඉන්පසු කොළඹ රාජකීය විද්‍යාලයේද අධ්‍යාපනය ලද හෙයින්, ලාංකිකයන් අතර ඔහු ජනප්‍රිය චරිතයකි. ඔහු මාලදිවයින් ජනපති ව සිටි සමයේ ලංකාවට විශේෂ හිතවත්කමක් දැක්වූ බව ද නොරහසකි.

 

Gayoom

ඒකාධිපතිත්වය, දූෂණය යනාදී චෝදනා රැසක් සමග මාලදිවයිනේ ගයූම් සමය හෙවත් 3 වැනි ජනපති සමය 2008 වසරේදී අවසන් වන්නේ මොහොමඩ් නෂීඩ් (Mohammed Nasheed) ජනපති පදවියට පත්වීමත් සමග ය. ගයූම් ඉන්දියාව සමග ඉතා කිට්ටු සබඳතාවක් ගෙන ගියේය. 1988 වසරේදී කුමන්ත්‍රණයකින් ඔහුගේ ජීවිතය අනතුරට පත්ව තිබියදී ඔහුගේ දිවි ගළවා ගත්තේ ද ඉන්දියානු පැරා භටයන් විසින් බව කියයි.

Nasheed

ඒකාධිපතියෙකු වූ ගයූම්ට සාපේක්ෂව නෂීඩ් ප්‍රජාතන්ත්‍රවාදියෙකු විය. ඔහුට ප්‍රජාතාන්ත්‍රික ක්‍රියාකාරිකයෙකු වශයෙන් රට තුළ හොඳ නමක් ද විය. නමුත් ප්‍රජාතන්ත්‍රවාදයට සැබෑ වශයෙන් ගරු කරන නායකයන්ට ආසියාවේ රටවල් තුළ ඒ හැටි ආයුෂ නැත. ඒ නිසා නෂීඩ් හට 2012 වසරේදී බලය අහිමි වන්නේ සිවිල් අසහනය තුළින් පැන නැගෙන කුමන්ත්‍රණයේ ගොදුරක් බවට පත් වීම නිසා ය.

කුමන්ත්‍රණයෙන් පසු 2013 වසරේදී මාලදිවයිනේ ජනපති පදවියට පත්වූයේ වත්මන් නායක අබ්දුල්ලා යමීන් ය. යමීන් චීනයට ළඟින් යමින් මාලදිවයින් යාත්‍රාව පැද යන්නට පටන් ගත්තේය. මාල දිවයිනට චීන තානාපති කාර්යාලයක් තිබුණේ නැත, යමීන් බලයට පත් වන තෙක්!

ඉන්පසු බොහෝ දේවල් වේගයෙන් දියුණු වුණේය. ඇතැමුන් එයට කියන්නේ රට සීඝ්‍රයෙන් දියුණු වූ බව ය. කෙසේ නමුත් මාලේ අගනුවරට නුදුරින් කුඩා දූපතක පිහිටා තිබූ මාලදිවයිනේ කුඩා ගුවන්තොටුපොළ චීන සල්ලිවලින් දැවැන්ත ලෙස ඉදි වුණේය. මේ වන විට එම දූපත සහ මාලේ යා කෙරෙමින් චීන යෙන්වලින් දැවැන්ත පාලමක් ද ඉදි වෙමින් තිබේ.

2017 වසරේදී බෙයිජිං සහ මාලේ, පෙරාටු කොළයක් හෙවත් ප්‍රොටෝකෝලයක් අත්සන් කළේය. ඒ, මාලදිවයින තුළ ඒකාබද්ධ සාගර නිරීක්ෂණාගාරයක් ඉදි කරන්නට ය. ලංකාවේ නෙළුම් පොහොට්ටු හෝ මාගම්පුර වරාය හෝ මත්තල සම්බන්ධයෙන් ඇති වූ කලබගෑනිය මෙහිදී ද ඇති විය. චීනය මෙන්ම මාලදිවයින ද එක හෙළාම කියන්නේ එය කිසිම ආකාරයකින් ඔත්තු බැලීම සඳහා හෝ හමුදා පාදකයක් (මිලිටරි බේස් එකක්) වශයෙන් පාවිච්චි නොකරන බව ය.

යමීන් සහ ගයූම් අතර එක් පැහැදිලි වෙනසක් තිබේ. එය නම් ගයූම් ඉන්දියාව පැත්තට ඇළ වී සිටින අතර යමීන් චීනය පැත්තට ඇළ වෙමින් සිටීමයි. ඒ හැරෙන්නට එහි තිබෙන්නේ සහෝදර සමාගමකි. වෙනකක් තබා, යමීන්ගේ පාලනයේ මුල් අවධියේදී මාලදිවයිනේ විදේශ අමාත්‍යවරිය වූයේ ද ගයුම්ගේ දියණියයි. නමුත් මාලේ දූපත්වල සංචාරක නිකේතන සංවර්ධනය කිරීම සඳහා වූ ගිවිසුමක් තරගකාරී මිල ගණන් කැඳවීමකින් තොරව කළ හැකි වන පරිදි පනත් කෙටුම්පතක් ඉදිරිපත් කරන්නට යන විට ගයූම් එයට විරුද්ධ විය. මාලේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් වූ ගයූම්ගේ පුතා එම කෙටුම්පතට විරුද්ධව ඡන්දය දුන්නේය. එදිනම ගයුම්ගේ දියණිය ද විදේශ අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වූවාය. නමුත් දේශපාලනය තුළ සදාකාලික සතුරන් හෝ මිතුරන් නැත.

නමුත් ඉන්දීය සාගරයේ චීන නාවික හමුදාව නම් දැනටමත් සිටියි. මෙයට සමාන්තරව මාලදිවයිනේ නායක කම කරන්නේ චීනයට හිතැති, චීනය සමග සිනාසෙන ජනාධිපතිවරයෙකි. කලාපයේ ප්‍රවණතාවන් අනුව චීනය සමග සිනාසීම මිස චීනයට දත නියවීම තරම් නොවන බව ඔහු පසක් කරගෙන සිටිනවා විය හැකිය. කෙසේ නමුත් චීනයේ ව්‍යාප්තවාදය ගැන ඉන්දියන් සාගරයේ සෙසු රටවල් වදවන්නේ නම්, ඔවුන් මාලදිවයින ගැන ඇස ගසාගෙන සිටීම වටියි.

ඒ අතරම අමතක නොකළ යුතු තවත් දෙයක් තිබේ. ඒ, තව වසර 30 ක් යන විට මාලදිවයින කොහොමටත්, සම්පූර්ණයෙන්ම මුහුදේ ගිලෙන්නට නියමිත දූපත් රාජ්‍යයක් බව ය!

Share

Recent Posts

ශීත කළ පීසාවල අඩංගු ඇතැම් අමුද්‍රව්‍ය සෞඛ්‍යට බලපෑමක් කරන බවට FSIS නිවේදනය කරයි!

සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ශීත කළ පීසා වර්ග භාවිතයෙන්…

1 hour ago

වයස යනු ඉලක්කමක් විතරයි යන්නට මෙවර මිස් යුනිවර්ස්ගෙන් නිදසුනක්!

සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වයස නිකන්ම නිකන් ඉලක්කමක් විතරයි…

5 hours ago

ඉන්දීය වෙරළාරක්ෂක බලකාය විසින් පාකිස්ථානයේ සිට ශ්‍රී ලංකාවට ගෙන ආ හෙරොයින් තොගය‍ක් අත්අඩංගුවට ගනී!

අහමදාබාද් නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉන්දීය මාධ්‍යට පවසා ඇත්තේ, මෙවැනි මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සතුටට පත්වන…

5 hours ago

සටන් විරාම සාකච්ඡා සඳහා හමාස් නිලධාරීන් ඊජිප්තුවේ කයිරෝ අගනුවරට!

ඊශ්‍රායල අමාත්‍ය මණ්ඩලය අනතුරු අඟවා ඇත්තේ, සටන් විරාමයකට එකඟ වුවහොත් අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ රජය බිඳ…

6 hours ago

ඩේවිඩ් කැමරන් දින පහක සංචාරයක් වෙනුවෙන් පවුම් මිලියන 42 ක සුඛෝපභෝගී ජෙට් යානයක් කුලියට ගනියි.

වෙළඳපොලේ ඇති සුඛෝපභෝගී පුද්ගලික ජෙට් එකක් කුලියට ගැනීම සඳහා බදු ගෙවන්නන්ගේ වියදමින් පවුම් ලක්ෂ ගණන්…

10 hours ago

හූති කැරළිකරුවන් ඩ්‍රෝන යානයක් බිම හෙළයි!

සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.

22 hours ago

ඇන්තනි බ්ලින්කන් සහ ෂී ජින්පිං අතර හමුවක්!

දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…

1 day ago

ටික් ටොක් තරුවට මොකද වුණේ?

නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…

1 day ago

‘අප්‍රේල් 27 යනු අපි අපේ විලංගු ඉවත් කරන දිනයයි. අපේ ශ්‍රේෂ්ඨ රට පුරා නිදහසේ සීනු නාද විය’ ; දකුණු අප්‍රිකාව 30 වසරක නිදහස සමරයි !

1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…

1 day ago

ඊශ්‍රායල් ප්‍රහාරයන්ගෙන් පලස්තීන වැසියන් 27 දෙනෙකු ජීවිතක්ෂයට!

මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…

1 day ago

ප්‍රංශය හොඳම ගෝලීය ආර්ථිකයන් දහයෙන් ඉවතට – IMF

ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…

1 day ago

ටයිටැනික් නෞකාවේ සිටි ධනවත්ම පුද්ගලයාගේ රන් ඔරලෝසුව පවුම් මිලියන 1.2කට අළෙවි වේ

මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.

1 day ago

කාම්බෝජයේ හමුදා කඳවුරක පිපිරීමකින් සොල්දාදුවන් 20 දෙනෙකු මිය යයි

මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…

1 day ago

යුක්රේනයට පෙන්ටගනයෙන් ඩොලර් බිලියන 6ක් වටිනා කඩිනම් ආධාර පැකේජයක්

පෙන්ටගනයේ නව මිලිටරි ආධාර පැකේජය හරහා යුක්රේනයේ පතරොම් නිෂ්පාදනය ආරම්භ කිරීමට සැළසුම් කරයි.

2 days ago

යේමනයේ වෙරළට ඔබ්බෙන් බොරතෙල් නැවකට හවුති ප්‍රහාරයක්!

කෙසේවෙතත් තුවාලකරුවන් හෝ මරණ සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති අතර ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පවත්වන බව…

2 days ago