Movies

ප්‍රහසන කලාවේ ඔටුන්නක් කඩා වැටෙයි: ‘කිංග් ඔෆ් සාර්කැස්ම්’ හෙවත් ෆ්‍රෙන්ඩ්ස් හි චැන්ඩ්ලර් දිවිසැරිය නිමාකරයි!

ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 2023 ඔක්තෝබර් 29 වන දිනය ආරම්භ කිරීමට සිදුවන්නේ සිට්කොම් රසිකයන්ට ඉතා ඛේදනීය පුවතක් සමඟිනි.

එක්සත් ජනපදයේ මෙන්ම ලොව පුරා වැඩිපුරම ජනාදරයට පාත්‍ර වූ සිට්කොම් ප්‍රහසන කතාමාලාවක් වූ ෆ්‍රෙන්ඩ්ස් (F.R.I.E.N.D.S) හි මිතුරන් සය දෙනාගෙන් එක් අයකු සදහටම අප අතරින් සමු ගැනීම ඊට හේතුවයි.

ෆ්‍රෙන්ඩ්ස් කතා මාලාවේ චැන්ඩ්ලර් බිංග් ගේ චරිතයට පණ පෙවූ මැතිව් පෙරී අද (29) දින අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වේ.

මිය යන විට ඒ මහතා 54 වන වියේ පසුවිය.

ඔහු මරණයට පත්ව තිබෙන්නේ සිය ලොස් ඇන්ජලිස් නිවසේදී දියේ ගිලීමකින් බවට සඳහන්.

ඔහුගේ මරණය පිළිබඳ සැක සහිත තොරතුරක් මෙතෙක් වාර්තා නොවන මුත්, ඒ පිළිබඳව විමර්ශන සිදුවන බව ද වාර්තා වේ.

කිංග් ඔෆ් සාර්කැස්ම් හෙවත් ප්‍රහසනයේ රජු යන අන්වර්ත නාමයෙන් හැඳින්වූ මැතිව් පෙරී ඔහුගේ ව්‍යංගය මුසු ප්‍රහසන කලාව නිසා පුංචි තිරයේ අතිශයින් අවධානය දිනා ගත්තේය.

සිට්කොම් කතාමාලාවක් වන ෆ්‍රෙන්ඩ්ස් 1994 සිට 2004 දක්වා කතා පරිච්ඡේද 10 ක් දක්වා දිව ගිය අතර, ජෙනිෆර් ඇනිස්ටන්, ඩේවිඩ් ෂ්ව්‍රිමර්, මැට් ලබ්ලාන්ක්, ලීසා කුඩ්‍රෝ සහ කෝර්ට්නි කොක්ස් සමඟ අද්විතීය මිතුදමක් සහ සිනා සාගරයක් පුරා දශකයක කාලයක් රසික ජනතාවට රැගෙන ඒමට මැතිව් ෆ්‍රෙන්ඩ්ස් හරහා සමත් විය.

Share

Recent Posts

ස්ලෝවැක් අගමැතිවරයා වෙඩි ප්‍රහාරයකට ලක්වේ

වෙඩි තැබූ බව කියන පුද්ගලයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

10 hours ago

බයිඩන් චීනයේ විදුලි වාහන සඳහා 100%ක තීරු බද්දක් පනවයි

සටහන: සශිකලා මධුෂාණි,මැයි 15,ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් එරට නිෂ්පාදකයන් ලාභදායි ආනයන…

12 hours ago

රුසියානු ජනාධිපතිවරයා බීජිංහිදී , ෂී ජින්පින් හමුවීමට නියමිතයි

චීනය බටහිරට එරෙහිව රුසියාව සමඟ “සීමා රහිත” සම්බන්ධතාවයක් ප්‍රකාශ කර ඇත.

1 day ago

කාශ්මීරයේ පිටි සහ විදුලි මිල ඉහළ යාමට එරෙහිව විරෝධතා; තිදෙනෙකු මාරුට

මේවන විට පකිස්ථාන අගමැති ෂෙහ්බාස් ෂරීෆ් සඳුදා රුපියල් බිලියන 23 (ඩොලර් මිලියන 83; පවුම් මිලියන…

2 days ago

මුම්බායි හි දැන්වීම් පුවරුවක් කඩා වැටීමෙන් 14දෙනෙකු මරුට

ප්‍රෙස් ට්‍රස්ට් ඔෆ් ඉන්දියා ප්‍රවෘත්ති ඒජන්සිය මේ සම්බන්ධයෙන් වාර්තා කර තිබුණේ මෙම දැන්වීම් පුවරුව ඉදිකිරිම…

2 days ago

ලෝක මාධ්‍ය නිදහසේ අංක එකේ රට නෝර්වේ!

ඩෙන්මාර්කය දෙවැනි තැනටත්, ස්වීඩනය හා නෙදර්ලන්තය තුන්වැනි හා සිව්වැනි ස්ථානවලට පත්වී ඇති අතර, ෆින්ලන්තය පස්වැනි…

2 days ago

පියාඹන ටැක්සි!

මේ දක්වා ලෝක ප්‍රවාහන ක්ෂේත්‍රයේ නව පෙරළියක් සිදු කරමින් එම ටැක්සි සේවය ක්‍රියාත්මක වනු ඇතැයි ද…

2 days ago

රතු තොල් සායම් ගෑවොත් දැඩි දඬුවම්!

රතු තොල් සායම් පමණක් නොව, ගෝලීය වශයෙන් ජනප්‍රිය විලාසිතා ද තහනම් කිරීමට උතුරු කොරියානු රෙජීමය…

2 days ago

පුටින්ගේ තවත් තීරණයක්!

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් විසින් කැබිනට් සංශෝධනයක කොටසක් ලෙස Sergei Shoigu ආරක්ෂක අමාත්‍ය ධුරයෙන් ඉවත්…

3 days ago

‘එවරස්ට් මිනිසා’ 29වැනි වරටත් කඳු මුදුන තරණය කරයි

Kami Rita 29වන වරටත් එවරස්ට් තරණය කරමින් තමන්ගේ වාර්තාව තමා විසින්ම අභිබවා ඇත.

3 days ago

මොදී කාශ්මීරයෙන් තරඟ නොකරයි

භාරතීය ජනතා පක්ෂය 1996 න් පසු කලාපයේ මහ මැතිවරණයකට ඉදිරිපත් නොවූ පළමු අවස්ථාව වේ.

4 days ago

ඇෆ්ගනිස්ථානයට බලපෑ හදිසි ගංවතුර තත්වය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 300 ඉක්මවයි

ජාත්‍යන්තර ගලවා ගැනීමේ කමිටුව (IRC) විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ලෝක නායකයන්ට මතක්කර දී තිබුණේ, දශක…

4 days ago

දිල්ලි මහා ඇමති කෙජ්රිවාල් ඇප මත මුදා හැරේ

බන්ධනාගාරයෙන් නිදහස් වූ විගස, සිය ආධාර කරුවන් හමුවෙමින් දිල්ලි මහ ඇමතිවරයා සඳහන් කර තිබුණේ, ඔබ…

5 days ago