37 හැවිරිදි මෙගන් කුමරිය, 2019 වසරේ වසන්ත සෘතුවේදී බිළිඳෙකු බිහි කරන්නට බලාපොරොත්තුවෙන් සිටින බව එහි දැක්වෙනවා.
එම නිවේදනය නිකුත් කෙරුණේ මෙඝන් මර්කල් කුමරිය සති දොළහක ගැබිණියක බව රැජින වෙත සැලකිරීමෙන් අනතුරුවයි. හැරී කුමරු සහ මෙඝන් කුමරිය මේ පුවත දෙවන එළිසබෙත් රැජිනට දැනුම් දුන්නේ ඉයුජින් කුමරියගේ විවාහ මංගලෝත්සව අවස්ථාවේදී බව සඳහන් වේ.
මේඝන් කුමරිය දරු ප්‍රසූතිය සිදු කරනු ඇත්තේ ලබන අප්‍රේල් මස 23වැනිදා විය හැකියැයි නිල නොවන වාර්තා පවසයි. ඒ අනුව විලියම් කුමරුගේ සහ කේට් කුමරියගේ තෙවැනි දරුවා වන ලුවිස් කුමරුගේ උපන් දිනය දා මේඝන් කුමරියගේ දරුවාත් උපත ලබනු ඇත. මෙඝන් කුමරියගේ දරුවා “බ්‍රෙක්සිට් බේබි” (Brexit Baby) යන නමින් ඇතැම් සමාජ මාධ්‍ය ජාල හඳුන්වා දී තිබේ. බ්‍රිතාන්‍යය, යුරෝපා සංගමයෙන් ලබන මාර්තු 29වැනිදා ඉවත් වීමට නියමිතය. මේ ඉවත් වීමෙන් නොබෝ දිනකට පසුව දරුවා උපත ලබන බැවින් ඒ නම තබා ඇති බව සඳහන් වේ. මෙඝන් කුමරියට ඉපැදෙන දරුවා රජ කිරුළට හිමිකම් කියන හත්වන සාමාජිකයා වනු ඇත. රජ ගෙදර අනුගමනය කරන සම්ප්‍රදායන් සහ නීති රීති අනුව මෙඝන් කුමරියගේ දරුවා කුමරා හෝ කුමරිය හෝ වශයෙන් හැඳින්වීමට ඉඩක් නැත. එසේ වූවත් පියා සහ මව සසෙක්ස්හි ආදිපාදවරයා සහ ආදිපාදවරිය වන බැවින් දරුවාගේ නමටත් සසෙක්ස් යන පදය එකතු වීමට නියමිතය. දරුවා, ඇමෙරිකාව සහ බ්‍රිතාන්‍යය යන දෙරටේම පුරවැසිකම් ලබනු ඇති බවට මත පළ වේ.
බ්‍රිතාන්‍යය රජ ගෙදරට අලුතින් එකතු වන සාමාජිකයන් බලා ගැනීමට ආයම්මලා යෙදවීම සාමාන්‍ය සම්ප්‍රදායයි. මෙඝන් කුමරියගේ මව – ඩෝරියා රැග්ලන්ඩ් ඇමෙරිකාවේ කැලිෆෝර්නියාහි පැවැත්වෙන බබාලා බලාගැනීමේ විශේෂ පන්තියකට මේ දිනවල සහභාගී වෙමින් සිටින බව පැවසේ. මේ නිසා මෙඝන් කුමරියගේ දරුවා බලා ගැනීම බොහෝ විට සිදුවනු ඇත්තේ ඩෝරියා රැග්ලන්ඩ් අතිනි.
හැරී කුමරු සහ මෙඝන් කුමරිය දින දහසයක ඕස්ට්‍රේලියා සංචාරයක් මේ වනවිට අරඹා සිටිති. ඔවුන් දෙපළ නවසීලන්තය, ෆීජි සහ ටොංගා යන රාජ්‍යවලත් සංචාරය කිරීමට නියමිතව ඇත.
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…
කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…
උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!
එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.
ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…
මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…
ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.
යුක්‍රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.
වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…
බන්ධනාගාර ගොඩනැඟිලිවලින් විශාල ප්‍රමාණයක් සහ එහි උස් තාප්පයේ කොටසක් කඩා වැටී ඇති අතර, සිරකරුවන් පලාගොස්…
ගිනිකන්ද පුපුරා යාමත් සමඟ සුන්බුන් මුහුදට වැටී සුනාමියක් ඇති ව තිබේ.
ඉන්දියාව පසුගිය වසරේ පස්වන විශාලතම ආර්ථිකය ලෙස එක්සත් රාජධානිය අභිබවා යන ලදී.