ලොව යන අත

2020 දී මිෂෙල් ට්‍රම්ප් ව ගෙදර යවයිද?

2020 වසරේ පැවැත්වෙන මී ලග ඇමරිකානු ජනපතිවරණයට ජනපති ඩොනල්ට්‍රම්ප් ලහි ලහියේ සූදානම් වෙමින් සිටී. මේ අතර තුර ඔහුව පැරදවීමේ ශක්තිය ඇත්තේ හිටපු ජනපති බිරිද මිචෙල් ඔබාමාට සහ ඔප්රා වින්ෆ්‍රේට පමණක් බව අද ලෝකප්‍රසිද්ධ ජනමාධ්‍යවේදී පියර්ස් මොර්ගන් විසින් අනාවැකියක් ඉදිරිපත් කලේය.

ඔහු පැවසුවේ මේ සඳහා අභීත ශක්තියක් ඇත්තේ මේ ගැහණුන් දෙදෙනාට පමණක් බවයි.

කෙසේ වෙතත් දෙවන වතාවටත් ධවල මන්දිරයේ නතර වන්නට උත්සහා ගනිමින් සිටින ට්‍රම්ප් පිළිබදව මේ දිනවල ඇසෙන විවේචන නම් එතරම් සුභ නොවේ‍. ඇමරිකානු අධිකරණ මණ්ඩලයේ ප්‍රධානී ජෙරී නඩ්ලර් පසු ගිය ඉරිදා ට්‍රම්ප් පිළිබද රොබට් මුලර් වාර්ථාව උපුටා දක්වමින් ප්‍රකාශයක් සිදු කරන ලදී. ඔහු සදහන් කලේ ට්‍රම්ප් යනු බරපතල අපරාධ සහ දුකුළාවෙහි වරදකරුවෙකු යැයි පැවසීමට ඕනෑ තරම් සාක්ෂි ඇති බවයි.

කෙසේ වෙතත් පියර්ස් මෝරගන්ගේ අනාගත වාක්‍ය සත්‍යයක් කිරීමේ පසු බිම මේ වන විට මිෂේල් ඔබාමා වටා සැකසෙමින් තිබෙන්නේය.

පසුගියදා ඇය 2019 වසරේ ලොව ප්‍රශංසනාත්මක කාන්තාව ලෙස නම්කරන ලදී, ඒ මෙතෙක් පැවති හොලිවුඩ් නිළි ඇන්ජලීනා ජොලීගේ නම වෙනුවටය. රටවල් 41 ක පුද්ගලයින් 42000ක් සම්මුඛ සාකච්ඡාවට ලක්කිරීමෙන් අනතරුව මෙසේ ලොව ප්‍රශංසනාත්මක කාන්තාව නම්කරනු ලබයි.

එමෙන්ම පසුගිය වසරේ සිදු කළ මත විමසීමකට අනුව මිෂෙල් ඔබාමා එම වසරේ එරට වඩාත් ගෞරවයට ලක් වූ කාන්තාව බවට පත්වූවාය. ඒ නොනවත්වා දාහත් වතාවක් ඇමරිකාවේ ගෞරවයට ලක් වූ කාන්තාවෙ හිලරි ක්ලින්ටන් පරදවමිනි.

වත්මන් ට්‍රම්ප් පාලනය පිළිබදව කිහිප වතාවක්ම මිෂේල් ඔබාමාගෙන් දැඩි විවේචන එල්ල විය. ඇය සමාජ මාධ්‍ය ඔස්සේ ට්‍රම්ප්ගේ ක්‍රියාකලාපය විවේචනය කළ අතර ට්‍රම්ප් ද ඊට ප්‍රතිප්‍රහාර එල්ල කරනු දැකිය හැකි විය.

බැරැක් ඔබාමාගේ පාලන මයෙදී මෙන්ම අර්බුද රහිත පාලනයක් ගෙන යෑම සදහා ඩොනල්ඩ් ට්‍රම්ප් අසමත් වී ඇති බව මිෂෙල්ගේ මතයයි. ඇය මේ පිළිබදව පසුගියදා CBS මාධ්‍ය සමග පැවති සම්මුඛ සාකච්ඡාවේදී ඉතා පැහැදිලිව ප්‍රකාශ කරන්නීය. ඇය විටෙක ට්‍රම්ප්ව හදුන්වන්නේ “one of a handful of people of colour”යනුවෙනි.‍

ට්‍රම්ප් සෑම විටකම අවධාරණය කරන්නට උත්සහා ගත්තේ මිෂේල් ඇතුලු ප්‍රජාතාන්ත්‍රික මත දරන්නන් බෙහෝමයක් ඇමරිකාවෙන් පිටස්තරයන් බවයි. සංක්‍රමණික නීති මෙන්ම ජාතිකත්වය පිළිබදව ද දැඩි පිළිවෙතක් අනුගමනය කරමින් සිටින ට්‍රම්ප්ට මිෂේල්ගේ විවේචන එල්ල වන්නේ ඇමරිකාව සෑම දෙනාටම අයත් රටක් ලෙස උකහා දක්වමිනි.


ඇය පවසන්නේ යමෙක් ඇමරිකානුවකු සේ උපත ලබතත්. නැතිනම් ඇමරිකාවට සරණාගතයෙකු ලෙස පැමිණියත් ඒ සියල්ලන් සදහාම ඇති භූමිය ඇමරිකාව බවයි. ” මෙය මාගේ .. ඔබේ ඇමරිකාව නොව මෙය අපගේ ඇමරිකාව බව ඇය පවසා සිටින්නීය‍.


පියර්ස් මෝරගන් යනු ඩොනල්ඩ් ට්‍රම්ප් එක්සත් රාජධාරනියට පැමැණි අවස්ථාවේ ට්‍රම්ප් ජනපතිවරයා රූපවාහිනී වැඩ සටහනක් සදහා සහභාගී කර ගත හැකි වූ එකම පුද්ගලයා ය. එකී සාකච්ඡාවෙන්ද පසුව පියර්ස් මෝර්ගන්ගේ අවසන් නිගමනය වී ඇත්තේ ට්‍රම්ප්ව පරාජය කිරීමේ ශක්තිය ඇත්තේ ඔප්රා වින්ෆ්‍රේ හෝ මිෂෞල් ඔබාමා යන දෙදෙනාගෙන් අයෙකුට බවයි.
පසුගියදා BBC සේවය ඔස්සේ පැවති දේශපාලන වැඩ සටහනකදී ඔහු පැවසුවේ මී ලග ජනපතිවරණය ජය ගැනීමටනම් ප්‍රජාතන්ත්‍රවාදී පාකෂයට අලුත් බලයක් අවශ්‍ය බවයි.


ඔබ මගෙන් අසනවා නම් ට්‍රම්ප්ව පැරදවිය හැක්කේ කාටදැයි කියා මගේ පිළිතුරු නවන්නේ මිෂේල් ඔබාමා සහ ඔප්රා වින්ෆ්‍රේ ය යනුවෙන් ඔහු එහිදී පැවසීය.
මම හිතන්නේ ඔවුන්ට විශිෂ්ඨ බලයක් තිබෙනවා එමෙන්ම මේ දිනවලදී හොඳ දේශපාලන අපේක්ෂකයෙකු වීමට අවශ්‍ය ටෙලිවිෂන් ගුණාංගයද ඔවුන්ට තිබෙනවා. ම හිතනවා ඔවුන් තුළ විශ්වීය අවශ්‍යතාවක් තිබෙනවා . ඔවුන් ඒ සදහා ඉදිරිපත්වීමට නිර්භීතයි.
ඔහු තව දුරටත් පවසන්නේය.


තමන්ට ජනාධිපතිවරණය සදහා ඉදිරිපත්වීමට කිසිදු අදහසක් නැති බවද ඒ තමන් දේශපාලනයට වැඩි කැමැත්තක් නැති නිසා බවද මෙම වසරේ මුල මිෂේල් ඔබාමා විසින් කළ ප්‍රකාශයක සදහන් කලාය. එසේ වෙතත් මොර්ගන්ගේ මතය වන්නේ ට්‍රම්ප් පැරදවීමේ බලය ඇත්තන් දෙදෙනාගෙන් එක් අයෙක් මිෂෙල් ඔබාමා බවයි.

Share

Recent Posts

සීතල යුද්ධයට විරාමයක්!

දින 40ක සටන් විරාමයක් සම්බන්ධයෙන් ඊශ්‍රායලයේ පාර්ශවයෙන් සුභවාදී ප්‍රතිචාරයක් පළවීමත් සමඟ එම සැනසිලිදායක තත්ත්වය මොහොතකට…

2 hours ago

සෞදියේ ඔටුන්න හිමි කුමරු හමුවූ අමෙරිකානු රාජ්‍ය ලේකම්!

ගාසා තීරයට මානුෂීය ආධාර වැඩි කිරීම, ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා වී…

3 hours ago

රැප් ගායකයාගේ මරණ දණ්ඩනය හේතුවෙන් ඉරානය පුරා නැවත විරෝධතා

මෙම මරණ දණ්ඩනය පැනවීම ජාත්‍යන්තර විරෝධතාවලට ද හේතු වී ඇති අතර මානවහිමිකම් කණ්ඩායම් මෙය මානව…

18 hours ago

කෙන්යාවේ වේල්ලක් පුපුරා යාමෙන් 120දෙනෙකු මිය යයි

මේ මස මුලදී, කෙන්යාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබුණේ, මැයි මාසය දක්වා රටේ විවිධ…

19 hours ago

ශීත කළ පීසාවල අඩංගු ඇතැම් අමුද්‍රව්‍ය සෞඛ්‍යට බලපෑමක් කරන බවට FSIS නිවේදනය කරයි!

සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ශීත කළ පීසා වර්ග භාවිතයෙන්…

23 hours ago

වයස යනු ඉලක්කමක් විතරයි යන්නට මෙවර මිස් යුනිවර්ස්ගෙන් නිදසුනක්!

සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වයස නිකන්ම නිකන් ඉලක්කමක් විතරයි…

1 day ago

ඉන්දීය වෙරළාරක්ෂක බලකාය විසින් පාකිස්ථානයේ සිට ශ්‍රී ලංකාවට ගෙන ආ හෙරොයින් තොගය‍ක් අත්අඩංගුවට ගනී!

අහමදාබාද් නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉන්දීය මාධ්‍යට පවසා ඇත්තේ, මෙවැනි මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සතුටට පත්වන…

1 day ago

සටන් විරාම සාකච්ඡා සඳහා හමාස් නිලධාරීන් ඊජිප්තුවේ කයිරෝ අගනුවරට!

ඊශ්‍රායල අමාත්‍ය මණ්ඩලය අනතුරු අඟවා ඇත්තේ, සටන් විරාමයකට එකඟ වුවහොත් අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ රජය බිඳ…

1 day ago

ඩේවිඩ් කැමරන් දින පහක සංචාරයක් වෙනුවෙන් පවුම් මිලියන 42 ක සුඛෝපභෝගී ජෙට් යානයක් කුලියට ගනියි.

වෙළඳපොලේ ඇති සුඛෝපභෝගී පුද්ගලික ජෙට් එකක් කුලියට ගැනීම සඳහා බදු ගෙවන්නන්ගේ වියදමින් පවුම් ලක්ෂ ගණන්…

1 day ago

හූති කැරළිකරුවන් ඩ්‍රෝන යානයක් බිම හෙළයි!

සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.

2 days ago

ඇන්තනි බ්ලින්කන් සහ ෂී ජින්පිං අතර හමුවක්!

දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…

2 days ago

ටික් ටොක් තරුවට මොකද වුණේ?

නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…

2 days ago

‘අප්‍රේල් 27 යනු අපි අපේ විලංගු ඉවත් කරන දිනයයි. අපේ ශ්‍රේෂ්ඨ රට පුරා නිදහසේ සීනු නාද විය’ ; දකුණු අප්‍රිකාව 30 වසරක නිදහස සමරයි !

1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…

2 days ago

ඊශ්‍රායල් ප්‍රහාරයන්ගෙන් පලස්තීන වැසියන් 27 දෙනෙකු ජීවිතක්ෂයට!

මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…

2 days ago

ප්‍රංශය හොඳම ගෝලීය ආර්ථිකයන් දහයෙන් ඉවතට – IMF

ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…

2 days ago