ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ බස් රථයක සුක්කානම මතට ගොඩ වැදී බස් රථය පදවාගෙන යන වඳුරකු පිළිබඳ වීඩියෝවක් සමාජ මාධ්‍ය ජාල හරහා පසුගිය දා ප්‍රකට වන්නට පටන් ගත්තේය. වඳුරා සුක්කානම කරකවද්දී රියදුරා තම අසුනේ සිට එක් අතක් පමණක් සුක්කාම මත තබාගෙන හිඳිනු එමඟින් පැහැදිලි විණ. වඳුරා හැසිරවීම රියදුරා කර ඇත්තේ අනෙක් අතිනි.
මඟීන් තිස්දෙනෙකු රැගත් බසය රථය මෙසේ ධාවනය වූයේ කර්ණාටක ප්‍රාන්තයේ කාර්යය බහුල මඟක් ඔස්සේ බව සඳහන් වේ. බස් රථය ධාවනය කෙරෙන අතර තුර රියදුරා මහා මඟ යනෙන සෙසු වාහන ගැන සැලකිල්ලෙන් පසුවන බවක් දක්නට පුළුවන. එහෙත් බස් රථයේ පැති කණ්ණාඩිවලින් ලැබෙන ප්‍රතිබිම්බ ගැන ඔහු සැලකිල්ලක් දක්වන බවක් නොපෙනේ.
බස් රථය පදවා තිබෙන්නේ කර්ණාටක ප්‍රාන්ත මාර්ගස්ථ ප්‍රවාහන සංස්ථාවෙහි සේවයේ නියුතු එම්. ප්‍රකාශ් නමැති රියදුරෙකි.
වීඩියෝව ව්‍යාප්ත වීමත් සමඟම බස් රථයේ රියදුරු ප්‍රකාශ්ගේ වැඩ තහනම් කෙරිණ. ප්‍රකාශ්ට වැඩ වැරදී ඇත්තේ මඟීන්ගේ ජීවිත ගැන නොසලකා අපරික්ෂාකාරී ලෙස රිය ධාවනය කිරීම සම්බන්ධයෙනි.
මේ සිද්ධිය පසුගිය සඳුදා සිදුව ඇතත් බස් රථයේ ගිය කිසිවකු රියදුරාගේ ක්‍රියා කලාපය ගැන මේ වනතුරුත් පැමිණිල්ලක් යොමු කර නැත. සිද්ධිය සිදුවන අවස්ථාවේදීත් මඟීන් කිසිවකු එයට විරෝධය නොපෑම බොහෝදෙනෙකුගේ විමතියට හේතු වී ඇත.
වඳුරා බස් රථය තුළට රැගෙන ඇවිත් තිබෙන්නේ එහි ගමන් ගන්නට පැමිණි මඟියෙකි. එම මඟියා වඳුරාත් රැගෙන අසුන්ගෙන තිබෙන්නේ රියදුරු අසුනට ආසන්නයෙහි වූ අසුනක ය. තම ස්වාමියා ගමනාන්තයට ළඟා වනතුරු වඳුරා බස් රථය ධාවනය කළ බව සඳහන් වේ. ගමනාන්තයට පැමිණි පසු ඌ බසයේ සුක්කානම ප්‍රකාශ් රියදුරු තැනට භාරදී අයිතිකරු සමඟ බසයෙන් බැස ගොස් ඇත.
[embedyt] https://www.youtube.com/watch?v=kij5c1L5zko[/embedyt]
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…
කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…
උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!
එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.
ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…
මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…
ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.
යුක්‍රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.