පලස්තීනයේ අල්-මගාසි හා ජබාලියා සරණාගත කඳවුරුවලට ඊශ්‍රායලය එල්ල කරන ලද ප්‍රහාර හේතුවෙන් 53 දෙනෙකු මියගොස් ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ.
ඒ අනුව, අල්-මගාසි සරණාගත කඳවුරට එල්ලකරන ලද ඊශ්‍රායල ප්‍රහාරයකින් අවම වශයෙන් පුද්ගලයින් 47 දෙනෙකු හා ජබාලියා සරණාගත කඳවුරට එල්ල කරන ලද ප්‍රහාරයෙන් 6 දෙනෙකු මෙලෙස මියගොස් තිබේ.
ඒ අනුව ඔක්තෝබර් 7 වන දා හමාස් සංවිධානය එල්ල කළ ප්‍රහාර හේතුවෙන් ඊශ්‍රායලයේ මියගිය සංඛ්‍යාව 1430ක් හා 5,600 ක් ලෙස වාර්තා වන අතර එතැන් සිට ඊශ්‍රායල් ප්‍රහාර හේතුවෙන් පලස්තීනයේ මියගිය සංඛ්‍යාව 9,633 දක්වා ඉහල ගොස් ඇති අතර තුවාල ලැබුවන් සංඛ්‍යාව 26,258ක් ලෙස වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් ප්‍රංශ විදේශ ඇමතිනී කැතරින් කොලොනා ප්‍රකාශ කර තිබුණේ, ගාසා තීරයේ කාන්තාවන්, දරුවන් සහ අලුත උපන් බිළිඳුන් අසමානුපාතික ලෙස යුද්දයේ බර උසුලන බවත්, ගාසාහි පාසල්, රෝහල්, මානුෂීය සේවකයින් සහ මාධ්‍යවේදීන් ආරක්ෂා කළ යුතු බවත්, ජාත්‍යන්තර නීතියට ගරු කිරීම යටතේ, සෞඛ්‍යය, ජලය, බලශක්තිය සහ ආහාර වැනි මූලික අවශ්‍යතා ආවරණය වන අතර ගාසා තීරයේ සිවිල් වැසියන් සඳහා ස්ථිර ක්‍රියාමාර්ගයක් ගත යුතු බවත්ය.
සති හතරකට ආසන්න කාලයක් පුරා පැවති යුද්ධයේන් ගාසා තීරයේ මියගිය අයගෙන් 40% කට වඩා වැඩි ප්‍රමාණයක් දරුවන් වන අතර, 3,900 ළමා ගොදුරු බවට වාර්තා වී තිබේ. තවත් 1,250 ක් අතුරුදහන් වී ඇති අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුර අඟවා තිබුණේ, ඉන්කියුබේටර්වල නොමේරූ ළදරුවන් 130ක් අවදානමට ලක්ව ඇති බවයි.
මේ වන විට ගාසා තීරයේ ගැබිණි කාන්තාවන් 50,000ක් පමණ සිටින බව ගණන් බලා ඇති අතර, රෝහල් 14ක් සහ සායන 45ක් වසා දමා තිබේ. එබැවින් සමහර කාන්තාවන්ට නවාතැන්පලවල, තම නිවෙස්වල හා වීදිවල සුන්බුන් මධ්‍යයේ දරු ප්‍රසූතියට සිදුවනු ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු අඟවා තිබේ.
සශිකලා මධුෂාණි
පක්ෂයේ මධ්‍යම කාරක සභාව සඳහන් කර තිබුණේ, සියලුම ඉහළ නායකත්වයන් එක්සත්ව, ආදර්ශමත්ව, මුළු හදින් සහ…
ඇෆ්ගනිස්ථානය ස්වභාවික විපත්වලට ගොදුරු වන අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය එය දේශගුණික විපර්යාසවලට වඩාත්ම අවදානමට ලක්විය…
ඇකඩමි සම්මානයක්, ප්‍රයිම් ටයිම් එමී සම්මානයක්, ග්‍රැමී සම්මාන 18ක්, හිමිකරගෙන ඇත.
ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකු භාරගෙන නැත.
කෙන්ටකි හි ලුයිස්විල් හි පැවති PGA ශූරතාවලියෙන් පිටතදී ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.
සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Cryptosporidium යනු මිනිසුන්ට සහ සමහර…
රජය පැවසුවේ මෙම නියෝගය LGBTQ පුද්ගලයින් අතර අමනාපයක් ඇති කරන නමුත් ඔවුන් කිසිදු විකල්ප ප්‍රතිකාරයකට…
සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Netflix හි නවතම කතා මාලාවක්…
වෙළඳසල්වල රාක්ක වලින් මේ වන විට ඒවා ඉවත් කරමින් තිබේ.
අගනුවර වන නූමියා යනු කැරලිකරුවන් සිය ගණනක් සිටින ප්‍රදේශයක් වන අතර ඔවුන් තවදුරටත් ප්‍රචණ්ඩක්‍රියා සිදු…
මෙවර 4,000කට අධික පිරිසක් මෙම තරඟය වෙනුවෙන් ඉල්ලුම් කර ඇති අතර ඉන් සුදුසුකම් ලබා ඇත්තේ…
ලොව විශාලතම කුළුබඩු අපනයනකරු, පාරිභෝගිකයා සහ නිෂ්පාදකයා වන ඉන්දියාව වේ.
මෙම හමුව මේ වන විට එක්සත් ජනපදය ඇතුළු ලෝකයේම අවධානයට ලක්ව ඇත.
එරට ආරක්ෂක අමාත්‍ය රොබට් කලිනක් පැවසුවේ අගමැතිවරයාට ශල්‍යකර්මයක් සිදු කළ බවයි.කෙසේ වුවද ඔහුගේ තත්වය බරපතල…