ලොව යන අත

මොරොක්කෝවේ භූමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව 2000 ඉක්මවයි

පසුගිය සිකුරාදා(08) මධ්‍යම මොරොක්කෝවට බලපාන ලද රික්ටර් මාපකයේ 6.8 ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 2000 ඉක්මවා ඇති අතර, බරපතල තුවාල ලැබුවන් 1400ක් වන බව එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය නිවේදනය කර තිබේ.

මෙම භූමිකම්පාව හයි ඇට්ලස් කඳුකරයේ කිලෝමීටර් 18.5ක් ගැඹුරින් ඇතිව ඇති අතර ඉන් කිලෝමීටර් 350 ක් පමණ දුරින් පිහිටි රබාට් අගනුවරට මෙන්ම කැසබ්ලැන්කා, අගාදිර් සහ එසවුරා වෙත ද දැනී ඇත. අල් හවුස් පළාතේ වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන අතර කඳුකර ගම්මානවල සිදුව ඇති විනාශයේ පරිමාණය තක්සේරු කිරීමට යම් කාලයක් ගතවනු ඇති බවයි ප්‍රකාශ වන්නේ.

විපතට පත් වුවන් වෙනුවෙන් සහය දීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය,ස්පාඤ්ඤය, ප්‍රංශය සහ ඊශ්‍රායලය ඇතුළු රටවල් ගණනාවක් සිය සහයෝගය ලබා දෙන බවට පොරොන්දු වී ඇති අතර, හයවන මොහොමඩ් රජු දින තුනක ජාතික ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර ඇති අතර දිවි ගලවා ගත් අයට නවාතැන්, ආහාර සහ වෙනත් උපකාර ලබා දීම ජාතික ප්‍රයත්නයේ කොටසක් ලෙස සැලකිය යුතු බව නිවේදනය කර ඇත.

මෙම භූමිකම්පාව සියවසකට වැඩි කාලයක් තුළ මොරොක්කෝවට බලපෑ බලවත්ම භූමිකම්පාව වේ.

සශිකලා මධුෂාණි

Share

Recent Posts

ඉන්දීය මැතිවරණයේ පස්වන අදියරේ ඡන්දය ප්‍රකාශ කිරීම අද ඇරඹේ

කෙසේ නමුත් ඉන්දීය ලොව විශාලතම මැතිවරණය පසුගිය අප්‍රේල් 19 වැනි දා ආරම්භ වූ අතර ජූනි…

2 hours ago

ඉරාන ජනාධිපති හෙලිකොප්ටර් අනතුරින් මියගිය බවට ඉරාන රාජ්‍ය මාධ්‍ය තහවුරු කරයි

සටහන: සශිකලා මධුෂාණි,මැයි 20,ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : වයඹ දිග ඉරානයේ ඉරිදා(19) සිදුවූ හෙලිකොප්ටර් අනතුරින් ජනාධිපති ඊබ්‍රාහිම්…

3 hours ago

ඇමරිකානු සමාගම් කිහිපයකට චීනයේ නව ආයෝජන සහ ආනයන හා අපනයන කටයුතු තහනම් වෙයි!

ඇමරිකාවේ General Atomics Aeronautical Systems සහ General Dynamics Land Systems ඇතුළු සමාගම් චීනයේ තායිවාන ප්‍රදේශයට…

4 hours ago

ඉරාන ජනාධිපති හෙලිකොප්ටර් අනතුරින් මියගොස් ඇති බවට සැක පල කෙරේ

හෙලිකොප්ටරය අනතුරින් සම්පූර්ණයෙන්ම දැවී ගොස් ඇත.

4 hours ago

දිල්ලිය ගිනියම් වෙයි!

කාලගුණ අංශ ජනතාවගෙන් ඉල්ලීමක් කරනන්නේ, විවිධ රෝගාබාධ සහිත පුද්ගලයින් , වැඩිහිටි පුරවැසියන් හා ළමුන් කෙරෙහි…

4 hours ago

තායිවානයේ නව ජනාධිපති ලෙස විලියම් ලායි චිං-ටේ දිවුරුම් දේ

චීනය ලායි හඳුන්වන්නේ බෙදුම්වාදියෙකු පමණක් නොව කරදර ඇති කරන්නෙකු ලෙසයි.

6 hours ago

ඉරාන ජනාධිපති තවමත් අතුරුදන්

මුදාගැනීමේ ප්‍රයත්නයන් සංකීර්ණ කර ඇත.

7 hours ago

ඉරාන ජනාධිපති රයිසිගේ හෙලිකොප්ටරය හදිසි ගොඩබෑමකට ලක්වෙයි!

ඉරාන රජය මීට පෙර ප්‍රකාශ කළේ මෙම හෙලිකොප්ටරය අසර්බයිජාන් දේශසීමාව අසල ගමන් කරමින් තිබූ රථ…

16 hours ago

බලතල පුළුල් කරමින් චීනය නව රෙගුලාසි!

පරීක්ෂා කිරීමට සහ සාක්ෂි රැස් කිරීමට නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන්ට ඇති බලතල පුළුල් කරමින් චීනය…

17 hours ago

ඊශ්‍රා­ය­ලය දකුණු අප්‍රි­කාවේ චෝද­නාව ප්‍රති­ක්ෂේප කරයි!

රෆා නුවර සිදු කරන ප්‍රහාර නව­ත්වන ලෙස ඊශ්‍රා­ය­ල­යට නියෝග කර­න්නැයි දකුණු අප්‍රි­කාව කළ ඉල්ලීම ජාත්‍ය­න්තර…

20 hours ago

විකිලීක්ස්හි ජූලියන් අසාන්ජ් පිටුවහල් කිරීමේ නඩුවට මුහුණ දේ

මෙම නඩුව ඉවත් කරන ලෙස ඉල්ලීම් මානව හිමිකම් කණ්ඩායම් සහ සමහර මාධ්‍ය ආයතනවල සිට ඕස්ට්‍රේලියානු…

22 hours ago

ඉන්දුනීසියාවේ ඉබු ගිනි කන්ද සක්‍රිය වේ

ඉබු යනු ඉන්දුනීසියාවේ වඩාත්ම සක්‍රීය ගිනිකඳු වලින් එකක් වන අතර එය පසුගිය වසරේ 21,000 වාරයකට…

23 hours ago

වෙඩි ප්‍රහාරයකට ලක් වූ ස්ලෝවැක් අගමැතිගේ තත්වය බරපතල අතට

ෆිකෝගේ ආධාරකරුවන් පවසන්නේ දේශපාලන ආතතීන් අවුලුවාලීම සඳහා විපක්ෂය අර්ධ වශයෙන් වගකිව යුතු බවයි.

23 hours ago

ගාසා තීරය සඳහා පශ්චාත් යුද සැලැස්මක් නොමැති නම් ඉවත් වන බවට ඊශ්‍රායල යුද කැබිනට් අමාත්‍යවරයා අනතුරු අඟවයි

යුද්ධයේ දිශානතිය සම්බන්ධයෙන් වැඩෙන දේශපාලන විරසකය පැමිණෙන්නේ ගාසා නගරයේ ඓතිහාසික සරණාගත කඳවුරක් වන ජබාලියා වෙත…

1 day ago

බෝට්ටුවකින් ඉතාලිය බලා ගිය ටියුනීසියාවන් 23 දෙනෙකු අතුරුදන්

එක්සත් ජාතීන්ගේ සංඛ්‍යාලේඛන පෙන්වා දෙන්නේ පසුගිය වසරේ ඉතාලියේ වෙරළට ගොඩ බැස ඇති සංක්‍රමණිකයන් 12,000ක්වත් ටියුනීසියාවෙන්…

1 day ago