ඒ අනුව චීනයේ කෙමෙන් වැඩිවන බලය සම්බන්ධයෙන් වහාම අවධානය යොමු කළ යුතු බව නේටෝ නායකයන්ගේ අදහස වී ඇත.
සාමාජිකයන් 30 දෙනෙකුගෙන් සමන්විත නේටෝ රටවල්, පසුගිය වසර දක්වාම කටයුතු කළේ රුසියාව කෙරෙහි කේන්ද්‍රීය අවධානයක් යොමු කරමිනි.
නමුත් 2021 නේටෝ සමුළුවේ අවසන් සන්නිවේදනය වශයෙන් ඔවුන් ලෝක ආරක්ෂාවට එල්ල වී ඇති නවතම තර්ජනය ලෙසින් හඳුනා ගන්නේ චීනයයි.
”චීනය විසින් ප්‍රකාශ කර ඇති අපේක්ෂාවන් සහ ඔවුන් පෙන්වන හැසිරීම විසින් අන්තර්ජාතික සාමය ට ක්‍රමානුකූල අභියෝග එල්ල වෙමින් තිබෙන බව’ එහි දැක්වේ.
ඒ අනුව ඔවුන් නව ඇමරිකානු පාලනයෙන් ඉල්ලා සිටින්නේ මේ පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන ලෙසටයි.
තවද ෂින්ජියැන් හි උයිගුර් මුස්ලිම්වරුන් සම්බන්ධයෙන් දක්වන ආකල්පය, න්‍යෂ්ටික අවි වැඩි දියුණු කිරීමේ උත්සාහයන් සහ ” වැඩි වැඩියෙන් දක්නට ලැබෙන විනිවිදභාවයේ සහ සාවද්‍ය තොරතුරු භාවිතා කිරීමේ ප්‍රවණතාවය’ ගැන ද ඔවුන්ගේ අවධානය යොමු ව තිබේ.
මෙහිදී නේටෝව විසින් චීනය පිළිබඳ සිය නිගමනය දැක්වීමේදී භාවිතා කරන භාෂාව, පසුගියදා එක්සත් රාජධානියේ කෝන්වෝල් හිදී අවසන් වූ G7 සමුළුවේදී භාවිතා වූ භාෂාවට වඩා ප්‍රබල බව ද විචාකරයෝ පෙන්වා දෙති. ඒ අනුව බෙයිජිං හි වර්ධනය වෙමින් යන ආර්ථික හා මිලිටරි බලය ප්‍රජාතන්ත්‍රික රටවල් කෙරෙහි ඇති කරන බලපෑම සුළුවෙන් නොතැකිය යුතු බව ඔවුන්ගේ අදහස වී ඇත.
චීනය ඉක්මනින්ම ලෝකයේ විශාලතම ආර්ථිකය හිමි රට බවට පත්වීමට නියමිත බවත්, දැනටමත් ලෝකයේ දෙවැනියට විශාලතම ආරක්ෂක අයවැය සහිත රට වීමත්, විශාලතම නාවික හමුදාව සහිත රට වීමත් යන කරුණු ද මෙහිදී නේටෝ මහලේකම් ජෙන්ස් ස්ටොල්ටෙන්බර්ග්ගේ අවධානයට යොමු විය.
1949 වසරේදී ශීතල යුද්ධයේ ආරම්භත් සමග බිහි වූ නේටෝව, සෝවියට් සංගමයට සහ මෑත කාලක් වන තෙක් රුසියාව කෙරෙහි සිය ප්‍රධාන අවධානය යොමු කර තිබූ අතර, චීනය කෙරෙහි ඔවුන් මෙසේ දැඩි අවධානයක් යොමු කරන්නේ ප්‍රථම වතාවට ය.
Photograph: Stéphanie Lecocq/AFP/Getty Image
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…
කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…
උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!
එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.
ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…
මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…
ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.
යුක්‍රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.