ලොව යන අත

‘අයිස් ආගන්තුකයාගෙන්‘ අනූ නවයෙන් බේරුණු ‘නිව් හොරයිසන්‘

මේ යෝධ – දිගටි අයිස් ලෝකයේ ගැටුණා නම්, පෘථිවි විද්‍යාඥයන් විසින් මහත් බලාපොරොත්තු තබාගෙන සිටින නිව් හොරයිසන් යානයේ ඉරණම එතෙකින්ම අවසන් වීමට ඉඩ තිබිණි.

අපගේ සෞරග්‍රහ මණ්ඩලය තුළ, පෘථිවියට දුරින්ම පිහිටා තිබෙන වස්තුව ලෙස මෙතෙක් හඳුනා ගැනෙන්නේ මේ දිගටි අයිස් කුට්ටියයි. එය පිහිටා ඇත්තේ සැතපුම් බිලියන 4 ක් හෙවත් කිලෝමීටර බිලියන 6.5 ක් ඈතිනි.

එය ළඟින්, එය පසුකර යන අවස්ථාවේදී නිව් හොරයිසන් යානය අගනා ඡායාරූප ගණනාවක් ද ලබාගැනීමට සමත් විය. ඒවා ඉදිරි මාස කිහිපය තුළ පෘථිවිය වෙත ලැබීමට නියමිත ය.

තමන් නිරුපද්‍රිත බවට නිව් හොරයිසන් හි රොබෝ යන්ත්‍ර විසින් එවනු ලැබූ රේඩියෝ පණිවුඩ, ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් හි පිහිටා තිබෙන දැවැන්ත ඇන්ටනාවලට ග්‍රහණය වූයේ මෙයට පැය කිහිපයකට පෙර ය. එම රේඩියෝ තරංගවලට පෘථිවිය කරා ළඟා වීමට පමණක් පැය 6 ක් සහ විනාඩි 8 ක් ගතවිය. නාසා හි විද්‍යාඥයන් සැනසුම් සුසුම් හෙළුවේ එයින් පසුව ය.මේරිලන්ඩ් හි හොප්කින්ස් සරසවියේ ව්‍යවහාරික භෞතික විද්‍යා අංශයේ විද්‍යාඥයන් එකිනෙකා වැළඳගෙන සුබ පැතුවේ එයින් පසුව ය. එය, තාරකා විද්‍යා ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථානයකි. ඒ, මිනිසා විසින් යවනු ලැබූ යානාවක්, සාර්ථක ලෙස සෞර ග්‍රහ මණ්ඩලයේ දුරින්ම පිහිටි වස්තුව නිරුපද්‍රිතව පසුකරගෙන යාමට සමත් වූ බැවිනි.

තාරකා විද්‍යාඥයන් අවසානයේ සැනසුම් සුසුම් හෙළමින් | NASA

මොකක්ද මේ අල්ටිමා තූල්?

අල්ටිමා තූල්, කුයිපර් පටියේ (Kuiper belt) සාමාජිකයෙකි. කුයිපර් පටිය යනු කුමක්දැයි මුලින් දැන සිටිය යුතුය. එය, සූර්යයාගේ කක්ෂයේ පිහිටා ඇති අයිස්වලින් මිදී ගිය වස්තූන්ගෙන් සමන්විත කලාපයයි. සූර්යයාගේ මතුපිට උණුසුම පමණක් සෙල්සියස් අංශක 6000 කි. එවිට ඒ වටා අයිස් මිදුණු වස්තු පිහිටන්නේ කෙසේද? සූර්යයා අතිශය උණුසුම් වුවත්, එයින් ඈතට යන්නට යන්නට අති ශීතල කලාප හමු වේ. ඒවායේ ජීවය රහිත බවට පූර්ව නිගමනයක් ඇත. කුයිපර් පටිය පිහිටා තිබෙන්නේ එසේ හිරුගේ කිරණවලින් උණුසුම් වීමට වරම් නැති ශීත කලාපයේ ය. එනම්, නෙප්චූන් ග්‍රහයාගේ සිට කිලෝමීටර බිලියන 2 ක් ඈතිනි. 2015 දී නිව් හොරයිසන් යානය සැප දුක බලා ආ ප්ලූටෝ කුරු ග්‍රහයාගේ සිට කිලෝමීටර බිලියන 1/2 ක් ඈතින් ය. මේ කලාපයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක සෘණ 30-40 ක් පමණ වේ. මේ අධික ශීතල හේතුවෙන්ම මේවා තුළ රසායනික ප්‍රතික්‍රියා සිදුවීම ඇණ හිට තිබේ. එනම්, ඒවා බිහිවූ තත්වයෙන්ම අදටත් බොහෝ දුරකට පවතින්නේ යැයි සිතයි. එය විද්‍යාඥයන්ගේ සිත්, උනන්දුවෙන් මත් කරවනසුලු කාරණයකි.

අල්ටිමා තූල් අයිස් කුට්ටිය – දිගටි ආගන්තුකයා| NASA

කුයිපර් පටියේ අල්ටිමා තූල් වැනි අයිස් බැඳුණු සාමාජිකයෝ බොහෝ වෙති. සිය දහස් ගණනින් වෙති. අප අයත් සෞර ග්‍රහ මණ්ඩලය බිහි වුණේ මෙයට වසර බිලියන 4.6කට එපිට ය. විද්‍යාඥයන් විශ්වාස කරන්නේ මේ මිදුණු තත්වයේ පවතින අල්ටිමා තූල් වැනි අයිස් කුට්ටි තුළ, සෞර ග්‍රහ මණ්ඩලය බිහිවීම ගැන රහස් රැසක් සැඟවී ඇතැයි කියා ය.

ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් නුවර පිහිටා තිබෙන රේඩියෝ ඇන්ටෙනාවලින් සුබ පණිවුඩය ග්‍රහණය කර ගැණිනි.| NASA

එසේම අල්ටිමා තූල් හි විද්‍යාඥයන් දකින තවත් විශේෂත්වයක් සැඟවී තිබෙන්නේ එහි ප්‍රමාණය තුළ ය. එය, කුයිපර් පටියේ ජීවත් වන සෙසු සාමාජිකයන්ට සාපේක්ෂව කුඩා ය. එහි පළල කිලෝමීටර 30කට වඩා නැත. සාමාන්‍යෙයන් විශ්වයේ දැවැන්ත වස්තුවලට එහි දැවැන්ත ස්වරූපය පවත්වාගෙන යාම සඳහා විශේෂ වෙහෙසක් දරන්නට සිදු වෙයි. මෙය පොදු ධර්මතාවයකි. භූගෝලීය වශයෙන් එම හැඩය පවත්වාගෙන යාම සඳහා එම වස්තුව අභ්‍යන්තරයේ ‘ජියොලොජිකල් එන්ජින්‘ හෙවත් ‘භූගෝලීය එන්ජිමක්‘ ක්‍රියාත්මක වන්නේ යැයි සැලකේ. නමුත් කුඩා වස්තු මෙම අමතර වෙහෙසෙන් මිදේ. ඒ අනුව, එය, බිහිවන අවස්ථාවේදී පැවති ස්වභාවික තත්වය දිගින් දිගටම පවත්වා ගැනීමට සමත් වෙයි.

කුයිපර් පටිය තුළ අල්ටිමා තූල් අයිස් කුට්ටිය. නිව් හොරයිසන් යානයේ ගමන් කාලසටහන මෙහි දැක්වේ.

අල්ටිමා තූල් අවට කුයිපර් පටියේ පරිසරය අතිශය සන්සුන් ය. එය ද විද්‍යාඥයන්ට පහසුවක් වන්නේ, අභ්‍යවකාශය තුළ වස්තූන් එකිනෙක ගැටීම නිසා ඇතිවන කලබගෑනිය මේ නිසල කලාපය තුළ නොමැති නිසා ය.

තත්පරයට කිලෝමීටර 14 ක වේගයක්

නිව් හොරයිසන් යානය බලය ලබන්නේ ප්ලූටෝනියම් බැටරියකිනි. එය, සෞර ග්‍රහ මණ්ඩලයෙන් නික්ම යන අවස්ථාව පවා සටහන් කරගනු ඇත. මේ වන විට අල්ටිමා තූල්ගේ ඡායාරූප ගැනීම නිසා යානයේ මතකය අවම වෙමින් තිබුණත්, ඒවා නැවත පෘථිවිය බලා එවීමෙන් පසුව මතක ධාරිතාව නැවත වැඩිවනු ඇත. පෘථිවි විද්‍යාඥයන් පුල පුලා බලා සිටින බොහෝ සාක්ෂි මේ ඡායාරූපවල ගැබ්ව තිබෙනවා ඇත. ඒ අතරම තත්පරයට කිලෝමීටර 14 ක වේගයෙන් (4km/s) එය විශ්වයේ නොදුටු මාන පසුකරමින් ඇදී යනවා ඇත.

නිව් හොරයිසන් යානය

මේ අනුව, නිව් හොරයිසන් යානය, එහි නොහැප්පෙමින්, එය නිරුපද්‍රිතව පසුකරගෙන යාම මානවයා ලැබූ සැබෑ ජයග්‍රහණයකි. දැන් එහි සම්භවය, එහි ව්‍යූහය, එයට කෘත්‍රිම ග්‍රහයන් පිහිටා තිබේද, එයට වායුගෝලයක් තිබේද යන වැදගත් ප්‍රශ්නවලට පිළිතුරු සොයාගැනීම ආරම්භ කරන්නට පුළුවන. ඒ ඇසුරෙන් ඔවුන් සැබවින්ම සොයාබලන්නේ හුදෙකලා, දුරබැහැර අයිස් කුට්ටියක් ගැන නොව, විද්‍යාවේ සදාතනික අබිරහසක් බවට පත්ව තිබෙන සෞරග්‍රහ මණ්ඩලයේ සම්භවය පිළිබඳව ය.

විශ්වය තවත් සියවස් ගණනක් ඇතුළත මිනිස් වාසයට නුසුදුසු තැනක් වනු ඇතැයි විද්‍යාඥයෝ විස්තර කරති. මේ අතර පෘථිවි වැසියන්, දේශගුණික විපර්යාස පාලනය කර ගැනීම සඳහා පැරිස් සම්මුතියෙන් අනුදකින සෙල්සියස් අංශක 1.5 සීමාව පවත්වාගෙන යාමට පවා කැප වන්නේ නැත. ජීවත් වන මිහිතලය බේරාගැනීම වෙනුවට, වෙනත් මිහිතලයක් සොයායාමේ ආශාව මිනිසා පසුපස නිබඳව ලුහු බඳියි. ‘‘පෘථිවිය මානවයාගේ තොටිල්ල ය. නමුත් මිනිසාට සැමදා තොටිල්ලේ සිටිය නොහැක‘‘ යැයි කීවේ, අජටාකාශ විද්‍යාවේ පියා ලෙස සලකන ශ්‍රේෂ්ඨ සෝවියට් විද්‍යාඥ කොන්ස්ටන්ටයින් සියොල්කොවුස්කි ය. ඉතින් අපි වෙන කුමක් කරමුද..?

කවරයේ ඡායාරූපය: Discover Magazine Blogs

කොන්ස්ටන්ටයින් සියොල්කොවුස්කි ගැන සවිස්තරාත්මක ලිපිය මෙතැනින් කියවන්න.

‘‘නිහඬ කලූගාවේ ඌරන් අතර හිඳ සිහින දකින්නා‘‘

Share

Recent Posts

ගිටාර් වීරයා DUANE EDDY ගිටාරය තනිකර ජීවන රිද්මයට තිත තබයි!

මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…

4 hours ago

බ්‍රසීලයට ගං වතුර, 10ක් මිය යයි!21ක් අතුරුදහන්

පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…

5 hours ago

කාන්තාවන් පිරිමින්ට වඩා වසර ගණනාවක් ජිවත්වන මුත් දිගුකාලින අසනීප තත්වයන්ගෙන් පෙළෙන බව අධ්‍යනයකින් හෙළි වේ

කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…

6 hours ago

චාලි මා හදවතෙහි ජීවත් ව හිඳී

උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!

7 hours ago

අවිහිංසාවාදී විශ්ව විද්‍යාල උද්ගොෂණයට පොලිසිය කඩා වැදීමත් සමඟ එක්සත් ජනපදයේ භාෂණයේ නිදහස පිළිබඳව ප්‍රශ්න මතු කෙරේ

එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.

7 hours ago

ට්‍රම්ප්ට ඇ. ඩොලර් 9,000 ක දඩයක්!

ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…

21 hours ago

මයික්‍රොසොෆ්ට් ඉන්දුනීසියාවේ ඩොලර් බිලියන 1.7 ක් ආයෝජනය කරයි

මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…

1 day ago

දකුණු චීනයේ මාර්ගයක් කඩා වැටීමෙන් 19දෙනෙකු මිය යයි

ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.

1 day ago

කළු මුහුදේ වරාය නගරයක් වන ඔඩෙසා වෙත රුසියානු මිසයිල ප්‍රහාරයක්!

යුක්‍රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.

1 day ago

CLARA CHIZOBA තැබූ ගිනස් වාර්තාව!

වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…

1 day ago

සිරකරුවන් 118 දෙනකු පැන ගිහින්!

බන්ධනාගාර ගොඩනැඟිලිවලින් විශාල ප්‍රමාණයක් සහ එහි උස් තාප්පයේ කොටසක් කඩා වැටී ඇති අතර, සිරකරුවන් පලාගොස්…

1 day ago

ඉන්දුනීසියාවේ රුවන්ග් ගිනිකන්ද නැවත පුපුරා යයි

ගිනිකන්ද පුපුරා යාමත් සමඟ සුන්බුන් මුහුදට වැටී සුනාමියක් ඇති ව තිබේ.

1 day ago

2047 වන විට ඉන්දියාව ලෝකයේ තෙවන විශාලතම ආර්ථික බලවතා බවට පත්වේ

ඉන්දියාව පසුගිය වසරේ පස්වන විශාලතම ආර්ථිකය ලෙස එක්සත් රාජධානිය අභිබවා යන ලදී.

1 day ago

රෆා ප්‍රහාරය දියත් කරන බවට නෙතන්යාහු සහතික වේ

පලස්තීන ජනතාවගේ ඉතිහාසයේ විශාලතම ව්‍යසනය..

1 day ago

G7 කණ්ඩායම දේශගුණික විපර්යාස පාලන කිරීම සම්බන්ධයෙන් දැඩි තීරණයක!

G7 කණ්ඩායමට කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ජපානය, බි්‍රතාන්‍ය සහ අමෙරිකාව යන රටවල් අයත් වන අතර මෙම…

2 days ago