නියමිත වේලාවට විනාඩි තුනකට කලින් සිය දහවල ආහරය ලබා ගැනීමට යෑම නිසා ජපානයේ සිවිල් සේවකයෙකු වෙත දඩුවම් කළ පුවතක් වාර්ථා වේ.
work-life balance නැත්නම් රැකියාව සහ ජීවිතය අතර සමතුලිත තාව පිළිබඳව දැඩි අර්බුධයක සිටින රටක් ලෙස ජපානය සැළකේ. මෙවැනි සිදුවීම් සමග එම තත්ත්වය නැවත නැවතත් රජයෙන් සහ ආයතන ප්‍රධානීන්ගෙන් ප්‍රශ්න කරන්නට එරට ජනතාවට සිදුව ඇත.
අදාළ ආයතනයේ බලධාරීන් විසින් මෙම දඬුවම පිළිබඳව මාධ්‍ය සාකච්ඡාවතක් පවත්වමින් ප්‍රකාශ කර ඇත්තේ අදාල සේවකයා සිය වරද සම්බන්ධව දැඩි ලෙස කණගාටු වූ බවත් ඔහු ඊට සමාව ඇයැද සිටි බවත්ය. අදාල සේවකයා එරට සිවිල් සේවය සඳහා ඇති නීති රීති කඩ කර ඇති බවට ඔවුන් චෝදනා කර සිටියි. ඒ සේවකයන් විසින් සිය රාජකාරිය සඳහා අවධානය යොමු කළ යුතු යැයි යන නීතියයි.
අදාළ සේවකයා නියමිත කාලයට විනාඩි තුනකට පෙර සිය මේසයෙන් නැගිට ආහාර මිලදී ගැනීමට යෑම දුටු ආයතනයේ ප්‍රධානියෙක් විසින් පැමිණිලි කිරීමෙන් පසු මෙම දඩුවම ඔහුට ලැබී ඇත.
මෙවැනි සිදු වීමක් වාර්ථා වන්නේ පාර්ලිමේන්තුව වෙත නියමිත කාලය ඉක්මවා පුද්ගලයින් සේවයේ යෙදවීම නීති විරෝධී ක්‍රියාවක් බවට පත් කෙරෙන පනතක් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කර තිබෙන අවස්ථාවකය.
පසුගිය මාසයේදී එරට පහළ මන්ත්‍රී මණ්ඩලය විසින් මසකට පැය 100ක අතිකාලය ඉක්මවා සේවය කිරීම වැළැක්වීමේ අරමුණින් පනතක් සම්මත කරන ලදී. ජපානය තුළ පුද්ගලයින් බහුල වශයෙන් අනවශ්‍ය පමණට වඩා රැකියාවට යොමුවීමේ හේතුවෙන් මිය ගොස් ඇති බව අනාවරණය වීම මෙවැනි පනතක් ගෙන ඒමට හේතුවයි. මෙසේ පමණ ඉක්මවා සේවය කිරීමෙන් මිය යෑම karoshi, හෙවත් death from overwork ලෙස හඳුන්වනු ලැබේ.
2015 වසරේදී ජපානයේ වෙළඳ දැන්වීම් ආයතනයක් වන ඩෙන්ට්සු හී සේවිකාවක වූ මට්සුරි ටකහෂී සිය දිවි හානි කර ගත්තේ මසකට පැය 100කට වැඩි අතිකාල සේවයක් සඳහා ඇගේ ආයතනය විසින් බල කිරීමේ ප්‍රතිපලයක් ලෙසිනි..
ඒත් සමග ජපන් ජාතිකයන් පස් දෙනෙකු ගෙන් අයෙක් පමණට වඩා සේවය හේතුවෙන් මිය යාමේ අවධානමක සිටින බව එරට රජය විසින් අවධාරණය කර ඇත.
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…
කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…
උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!
එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.
ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…
මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…
ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.
යුක්රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.