ඉන්දීය ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ මුතුවේල් කරුණානිධිගේ ආදාහන කටයුතු මරීනා වෙරළ තීරයේදී සිදු කිරීමට මදුරාසි මහාධිකරණය අවසරය ලබා දෙයි. ඒ අනුව ආදාහන පෙරහැර මරීනා වෙරළ තීරය බලා ගමන් අරඹා ඇති බව සඳහන් වේ.
මහාධිකරණය යට කී තීන්දුව ලබා දුන්නේ අද උදෑසන පැවැති විශේෂ අධිකරණ රැස්වීමකින් අනතුරුව ය. කරුණානිධිගේ පුත් එම්.කේ. ස්ටාලින් සිය පියාගේ ආදහන කටයුතු මරීනාහිදී සිදු කිරීම සඳහා තමිල්නාඩු ප්‍රාන්ත රජයෙන් ඉල්ලීමක් කර තිබිණ. ස්ටාලින්ගේ ඉල්ලීම තමිල්නාඩු ප්‍රාන්ත රජය විසින් ප්‍රතික්ෂේප කරන ලදී. ඔවුන් එම ප්‍රතික්ෂේප කිරීම සිදුකර තිබුණේ මරීනා වෙරළ තීරයේදී මිහිදන් කිරීමට අවසරය ලබා දිය හැකි වන්නේ බලයේ සිටින ප්‍රධාන අමාත්‍යයවරයකු මියගියහොත් පමණෙකැයි කියන පදනම යටතේය.
1969 – 2011 අතර කාලපරාසයේදී වාර පහක් ප්‍රධාන අමාත්‍ය ධුරය හෙබවූ කරුණානිධිගේ ආදාහන කටයුතු වෙනුවෙන් මරීනා වෙරළ තීරය ලබා ගැනීම සම්බන්ධයෙන් ප්‍රශ්නකාරී තත්ත්වයක් මතු විණ. එනිසා මදුරාසි මහාධිකරණයට පෙත්සමක් ගොනු කරන්නට ස්ටලින්ට සිදු විය. එම පෙත්සම ඊයේ රාත්‍රියේදීම ගොනු කෙරිණ. මෙයට පෙර බලයේ සිටි ප්‍රධාන අමාත්‍යවරුන් කිහිප දෙනෙකුගේම ආදාහන කටයුතු මරීනා වෙරළ තීරයේදී සිදු කෙරුණු බව සඳහන් වේ.
මහාධිකරණ අවසරය හිමි වීමෙන් පසු කරුණානිධිගේ ආදාහන කටයුතු මරීනාහිදී සිදු කිරීමට අවශ්‍ය කටයුතු සංවිධානය කෙරිණ. ගෝපාලපුරම් නිවසේ තැන්පත් කර තිබුණු හිටපු ප්‍රධාන අමාත්‍යවරයාගේ දේහය මහජන ගෞරවය සඳහා අද උදෑසන රජාජි ශාලාව වෙත රැගෙන එන ලදී. ආදහන කටයුතු සඳහා දේහය රැගෙන යන්නේ එහි සිටය. රජාජි ශාලාවටත් මරීනා වෙරළ තීරයටත් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් එක්රැස් වී සිටිති. මේ නිසා ආරක්ෂක අංශ යොදවමින් ඇතිවිය හැකි අනතුරු සහ බාධාවන් අවම කරන්නට ප්‍රාන්ත රජයට සිදුව තිබේ. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී සහ ප්‍රමුඛ පෙළේ දෙශ්පාලනඥයන්, නළු නිළියන් සහ සම්භාවනීය පිරිස් ද දේහයට අවසන් ගෞවරය දක්වන්නට යන – එන බැවින් ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක් සපයන්නටත් සිදුව ඇත.
මේ අතර ආදහන කටයුතු සිදුවන ප්‍රදේශවලට රැස් වූ ජනයා තදබදයකට ලක්වීමෙන් පුද්ගලයන් දෙදෙනකු ජීවිතක්ෂයට පත් වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. ජීවිතක්ෂයට පත්ව තිබෙන්නේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් දෙදෙනෙකු බැව් දැක් වේ.
රාජ්‍ය ගෞරව සහිතව ආදාහන උත්සවය ඉන්දීය වේලාවෙන් පස්වරු 5.30 පමණ වනවිට ආරම්භ වන බව දැක්වේ.
ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…
මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…
ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.
යුක්‍රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.
වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…
බන්ධනාගාර ගොඩනැඟිලිවලින් විශාල ප්‍රමාණයක් සහ එහි උස් තාප්පයේ කොටසක් කඩා වැටී ඇති අතර, සිරකරුවන් පලාගොස්…
ගිනිකන්ද පුපුරා යාමත් සමඟ සුන්බුන් මුහුදට වැටී සුනාමියක් ඇති ව තිබේ.
ඉන්දියාව පසුගිය වසරේ පස්වන විශාලතම ආර්ථිකය ලෙස එක්සත් රාජධානිය අභිබවා යන ලදී.
පලස්තීන ජනතාවගේ ඉතිහාසයේ විශාලතම ව්‍යසනය..
G7 කණ්ඩායමට කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ජපානය, බි්‍රතාන්‍ය සහ අමෙරිකාව යන රටවල් අයත් වන අතර මෙම…
දින 40ක සටන් විරාමයක් සම්බන්ධයෙන් ඊශ්‍රායලයේ පාර්ශවයෙන් සුභවාදී ප්‍රතිචාරයක් පළවීමත් සමඟ එම සැනසිලිදායක තත්ත්වය මොහොතකට…
ගාසා තීරයට මානුෂීය ආධාර වැඩි කිරීම, ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා වී…
මෙම මරණ දණ්ඩනය පැනවීම ජාත්‍යන්තර විරෝධතාවලට ද හේතු වී ඇති අතර මානවහිමිකම් කණ්ඩායම් මෙය මානව…
මේ මස මුලදී, කෙන්යාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබුණේ, මැයි මාසය දක්වා රටේ විවිධ…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ශීත කළ පීසා වර්ග භාවිතයෙන්…