පුවත්

”පාකිස්ථානය වෙනුවෙන් ඔබේ ආධාරය ලබා දෙන්න” -එක්සත් ජාතීන්ගේ මහ ලේකම්

ව්‍යසනකාරී ගංවතුර හේතුවෙන් පාකිස්ථානයේ සමස්ත භූමියෙන් තුනෙන් එකක් ජලයෙන් යටවී ඇත. ව්‍යසනයෙන් විපතට පත් මිලියන 33 කට වැඩි පකිස්ථානුවන් සඳහා ඩොලර් මිලියන 160 ක් ලබා දීමට එක්සත් ජාතීන් තීරණය කර ඇත. අදාළ අවස්ථාවට සම්බන්ධ වෙමින් ඇන්ටෝනියෝ ගුටරෙස් පාකිස්තානය වෙනුවෙන් ආධාර ලබා දීමට ලෝකයට ආරාධනා කරන්නට විය.
එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් මේ සම්බන්ධයෙන් ප්‍රකාශ කර තිබුණේ දේශගුණික විපර්යාස පෘතුවිය විනාශය දෙසට ගෙන යමින් ඇත. එය අද පකිස්ථානයේ දැක ගත හැක. හෙට එය ඔබේ රටේ විය හැක. ගංවතුරෙන් අවතැන්ව ඇති පාකිස්ථානුවන් සඳහා ආහාර, ජලය, සනීපාරක්ෂාව, කූඩාරම්, හදිසි අධ්‍යාපනය සහ සෞඛ්‍ය ආධාර අවශ්‍ය වන බව පැවසේ.

ජූනි මාසයේ සිට විනාශකාරී ගංවතුර හේතුවෙන් පාකිස්ථානයේ අවම වශයෙන් පුද්ගලයින් 2000කට වැඩි පිරිසක් මිය ගොස් ඇති අතර රට පුරා මාර්ග, භෝග, නිවාස සහ පාලම් විනාශව ඇත.එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා පැවසූයේ දේශගුණික බලපෑම් හේතුවෙන් මිනිසුන් මියයාමේ සම්භාවිතාව 15 ගුණයකින් වැඩි වී ඇති බවයි.

බලධාරීන් ඇස්තමේන්තු කරන්නේ සහන අවශ්‍ය බවයි. මේ විට, ප්‍රධාන වශයෙන් කූඩාරම්, නවාතැන් සහ මූලික ආහාර වැනි ප්‍රථමාධාර සහන අවශ්‍ය වේ, එමෙන්ම පිරිසිදු ජලය අවශ්‍යය බව පැවසේ. පකිස්ථානය ගෝලීය හරිතාගාර වායු විමෝචනයෙන් 1% කට වඩා අඩු ප්‍රමාණයක් නිපදවන නමුත් දේශගුණික විපර්යාසවල බලපෑමට වඩාත්ම අවදානමට ලක්විය හැකි රටවල් 10 තුළ අඛණ්ඩව ශ්‍රේණිගත වේ.දේශගුණික විපර්යාස නිසා ඇතිවන උණුසුම් වායුගෝලය අධික වර්ෂාපතනයක් ඇති කරයි.

මේ වන විට පාකිස්ථානයේ ගංවතුර හේතුවෙන් සිදුව ඇති හාන්ය අවම වශයෙන් ඩොලර් බිලියන 10ක (පවුම් බිලියන 8.5ක) පමණ වෙතැයි පුරෝකතනය කර ඇත. පාකිස්ථානු සැළසුම් අධ්‍යක්ෂකවරයාට අනුව ගංවතුර තත්වය පැමිණෙන විටත් ආර්ථික අර්බුදයකින් පීඩා විඳිමින් සිටියේය. මේ වන විට පාකිස්ථානයේ කෘෂිකාර්මික ඉඩම් විශාල ප්‍රමාණයක් විනාශ වී ඇති අතර, ආහාර ද්‍රව්‍යන්ගේ මිල ගණන්ද සාමාන්‍ය මිනිසුන්ට දැරිය නොහැකි තරම් විශාල වශයෙන් ඉහළ ගොස් තිබේ.

ගංවතුර තත්ත්වය වඩාත් දරුණු වශයෙන් සින්ද් සහ බලුකිස්තාන් මෙන්ම කයිබර් පක්තුන්ක්වා හි කඳුකර ප්‍රදේශ වලට බලපා ඇති බව වාර්තා වේ. උතුරු ස්වාත් නිම්නයේ ගම්මානවල දහස් ගණනකට ආරක්ෂිත ස්ථාන වලට යොමු වන ලෙස නියෝග කර ඇත.

එක්සත් ජාතීන්ගේ මහ ලේකම්තුමාගේ ආරාධනයත් සමඟ එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ තුර්කිය, එක්සත් ජනපදය සහ බ්‍රිතාන්‍යය ඔවුන්ගේ සහය ලබා දීමට ප්‍රතිඥා දී ඇත. එමෙන් ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පැවසුවේ රට සඳහා ඩොලර් බිලියන 1.2 ක ණයක් අනුමත කර ඇති බවයි.

සශිකලා මධුෂාණී_

Share

Recent Posts

දකුණු වියට්නාමයේ ජලාශයක මත්ස්‍යයින් විශාල සංඛ්‍යාවක් මිය යයි!

මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…

36 mins ago

ගිටාර් වීරයා DUANE EDDY ගිටාරය තනිකර ජීවන රිද්මයට තිත තබයි!

මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…

7 hours ago

බ්‍රසීලයට ගං වතුර, 10ක් මිය යයි!21ක් අතුරුදහන්

පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…

9 hours ago

කාන්තාවන් පිරිමින්ට වඩා වසර ගණනාවක් ජිවත්වන මුත් දිගුකාලින අසනීප තත්වයන්ගෙන් පෙළෙන බව අධ්‍යනයකින් හෙළි වේ

කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…

9 hours ago

චාලි මා හදවතෙහි ජීවත් ව හිඳී

උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!

10 hours ago

අවිහිංසාවාදී විශ්ව විද්‍යාල උද්ගොෂණයට පොලිසිය කඩා වැදීමත් සමඟ එක්සත් ජනපදයේ භාෂණයේ නිදහස පිළිබඳව ප්‍රශ්න මතු කෙරේ

එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.

10 hours ago

ට්‍රම්ප්ට ඇ. ඩොලර් 9,000 ක දඩයක්!

ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…

1 day ago

මයික්‍රොසොෆ්ට් ඉන්දුනීසියාවේ ඩොලර් බිලියන 1.7 ක් ආයෝජනය කරයි

මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…

1 day ago

දකුණු චීනයේ මාර්ගයක් කඩා වැටීමෙන් 19දෙනෙකු මිය යයි

ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.

1 day ago

කළු මුහුදේ වරාය නගරයක් වන ඔඩෙසා වෙත රුසියානු මිසයිල ප්‍රහාරයක්!

යුක්‍රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.

1 day ago

CLARA CHIZOBA තැබූ ගිනස් වාර්තාව!

වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…

1 day ago

සිරකරුවන් 118 දෙනකු පැන ගිහින්!

බන්ධනාගාර ගොඩනැඟිලිවලින් විශාල ප්‍රමාණයක් සහ එහි උස් තාප්පයේ කොටසක් කඩා වැටී ඇති අතර, සිරකරුවන් පලාගොස්…

1 day ago

ඉන්දුනීසියාවේ රුවන්ග් ගිනිකන්ද නැවත පුපුරා යයි

ගිනිකන්ද පුපුරා යාමත් සමඟ සුන්බුන් මුහුදට වැටී සුනාමියක් ඇති ව තිබේ.

1 day ago

2047 වන විට ඉන්දියාව ලෝකයේ තෙවන විශාලතම ආර්ථික බලවතා බවට පත්වේ

ඉන්දියාව පසුගිය වසරේ පස්වන විශාලතම ආර්ථිකය ලෙස එක්සත් රාජධානිය අභිබවා යන ලදී.

1 day ago

රෆා ප්‍රහාරය දියත් කරන බවට නෙතන්යාහු සහතික වේ

පලස්තීන ජනතාවගේ ඉතිහාසයේ විශාලතම ව්‍යසනය..

1 day ago