පසුගියදා ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ (IOC) විසින් 2024 පැරිස් ඔලිම්පික් උළෙල වෙනුවෙන් සහභාගී වීමට රුසියානුවන්ට සහ බෙලරුසියානුවන්ට ඉඩ ලබා දෙන බවට නිවේදනය වීමත් සමඟ පෝලන්තයේ ක්‍රීඩා සහ සංචාරක අමාත්‍ය Kamil Bortniczuk පවසා තිබුණේ පෝලන්තය, ලිතුවේනියාව, එස්තෝනියාව සහ ලැට්වියාව ඒකාබද්ධව මෙම තීරණය ප්‍රතික්ෂේප කරන බවත් රටවල් 40ක් පමණ ඉදිරියේදී ඔලිම්පික් උළෙල වර්ජනය කරනු ඇති බවත්ය.
පසුගියදා යුක්රේන ජනාධිපතිවරයා විසින් ද රුසියානුවන්ට සහ බෙලරුසියානුවන්ට මෙවර ඔලිම්පික් උළලේ ඉඩ ලබා දෙන්නේ නම්, යුක්රේනයද පැරිස් ඔලිම්පික් උළෙල වර්ජනය කරන බවට අනතුරු ඇඟවීමෙන් පසු පෝලන්ත ක්‍රීඩා අමාත්‍යවරයා මෙලෙස ප්‍රකාශ කර තිබිණි.
IOC හි සැලසුම් අවහිර කිරීමට සහය දැක්වීම සඳහා මහා බ්‍රිතාන්‍යය, එක්සත් ජනපදය සහ කැනඩාව ඇතුළු රටවල් 40 ක සන්ධානයක් ගොඩනැගීමට හැකි වනු ඇතැයි තමා විශ්වාස කරන බව පෝලන්ත ක්‍රීඩා අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබූ අතර, යුද්ධය අවසන් වන තුරු රුසියානු සහ බෙලරුසියානු ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජාත්‍යන්තර තරඟවලින් ඉවත් කරන ලෙස ඔවුන් සියලු ජාත්‍යන්තර ක්‍රීඩා සංවිධාන සහ සම්මේලන වලින් ඉල්ලා සිටියහ.
මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ (IOC)ප්‍රකාශ කර තිබුණේ, රුසියානු සහ බෙලාරුසියානු ක්‍රීඩක ක්‍රීඩිකාවන් තරඟයට නැවත පැමිණීම පිළිබඳ කිසිදු සාකච්ඡාවක් තවම සිදුවී නොමැති බවත්, වර්ජනය, තර්ජනය කිරීමේ හේතුවෙන් යුක්රේනය හා අනෙකුත් ජාතීන්ට සිය අප්‍රසාදය පලකරන බවත්ය.
එමෙන්ම ඔවුන් වැඩිදුරටත් මෙහිදී සඳහන් කර තිබුණේ වර්ජනයක් යනු ඔලිම්පික් ප්‍රඥප්තිය උල්ලංඝණය කිරීමක් වන බවත්, ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට වෙනස්කොට සැළකීම නොකළ යුතු බවත්ය.
සශිකලා මධුෂාණී_
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…
කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…
උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!
එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.
ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…
මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…
ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.
යුක්රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.
වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…
බන්ධනාගාර ගොඩනැඟිලිවලින් විශාල ප්‍රමාණයක් සහ එහි උස් තාප්පයේ කොටසක් කඩා වැටී ඇති අතර, සිරකරුවන් පලාගොස්…