ක්‍රීඩා

”පේලේ” එදා මෙදාතුර පාපන්දු ලෝකයේ පහළ වූ ශ්‍රේෂ්ඨතමයා

 1940 වසරේ උපන් විට පේලේට නම තැබුණේ එවකට සිටි මහා නව නිපැයුම්කරු වූ තෝමස් අල්වා එඩිසන් සිහිවන්නට ය. ඒ අනුව ඔහුගේ නම එඩිසන් අරන්ටෙස් ඩො නාසිමෙන්ටෝ විය. නමුත් ඔහු ගේ පියා ඩොන්ඩින්හෝ බ්‍රසීලයේ සිටි සාර්ථකම ක්‍රීඩා සමාජ පාපන්දු ශූරයෙකු විය. එනිසා උපතේ පටන් ම පේලේ ගේ ජීවිතය පාපන්දුව විය. වයස අවුරුදු 15 දී ඔහු සැන්ටෝස් පිල සමග වෘත්තීය ක්‍රීඩකයෙක් ලෙස එක්විය. අසමාන ජවයකින් හෙබි වූ මේ කළු කොලුවා 1956 වසරේ පැවති සිය පළමු තරගයේදීම ගෝල 4 ක් වාර්තා කළේය. ඔහු ව සැන්ටෝස් පිල වෙත ගෙන ආවේ සමකාලීන ශ්‍රේෂ්ඨයෙකු වූ වැල්ඩෙමාර් ඩි බි්‍රටෝ විසිනි. “පේලේ මතු දිනෙක ලෝකයේ ශ්‍රේෂ්ඨතම පාපන්දු ක්‍රීඩකයා වනු ඇතැයි මුලින්ම අනාවැකි කීවේ බි්‍රටෝ ය. එය සැබෑවක් කරමින් ඔහු එයින් දෙවසරකට පසු එනම් වයස අවුරුදු 17 දී පාපන්දු ලෝක ශූරතාවය සිට රටට ගෙනැවිත් දුන්නේය. ඒ, බ්‍රසීල පිලේ සිටි ළාබලතම ක්‍රීඩකයා වශයෙනි. පේලේ ගේ ජීවිතයේ දේශපාලන බැඳීමක් ද තිබේ. 1995 සිට 1998 දක්වා ඔහු බ්‍රසීලයේ ක්‍රීඩා ඇමතිවරයා වශයෙන් ද කටයුතු කළේය. අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව 1999 දී ඡන්ද විමසීමකින් පසු නිවේදනය කර සිටියේ ගෙවී ගිය සියවසේ ක්‍රීඩකයා පේලේ මිස අන් කෙනෙක් නොවන බවයි. බි්‍රතාන්‍යය 1997 වසරේදී ඔහුට නයිට් පදවිය පිරිනැමීය. 2000 වසරේදී බීබීසී නාලිකාව පැවසුවේ පෙලේ, බොක්සිං ශ්‍රේෂ්ඨයා වන මොහොමඞ් අලි ට පමණක් දෙවැනි වෙමින් සියවසේ ක්‍රීඩකයන් අතරින් දෙවැනි තැනට පත් වූ බවයි.

පේලේ හා තවත් පාපන්දු විශිෂ්ටයෙක් වන මැරඩෝනා අතර එතරම් හොඳ හිතක් කිසිදිනෙක නොතිබූ බව ද ප්‍රසිද්ධ රහසකි. වරක් මැරඩෝනා පිළිබඳ පේලේ පැවසුවේ මෙසේ ය. “ඔහු තාරුණ්‍යය සඳහා හොඳ උදාහරණයක් නොවෙයි. පාපන්දු ක්‍රීඩා කිරීම සඳහා දෙවියන් වහන්සේ ඔහුට තෑග්ගක් දී තිබෙනවා. ඒ නිසා ඔහු වාසනාවන්තයි. එපමණයි..” මේ ප්‍රකාශය සඳහා මැරඩෝනාගේ ප්‍රතිචාරය වූයේ, “පේලේ කියන දේ කවුද ගණන් ගන්නේ..?

පේලේ විසින් පළමු පෙළ ගෝල 1283 ක් වාර්තා කර ඇති බව ඉතිහාසයේ සඳහන් ය. එයින් හැත්තෑ හතක් සිය ජාතික පිල වූ බ්‍රසීල කණ්ඩායම වෙනුවෙනි. නමුත් මේ පිළිබඳ මතභේද තිබේ. ඒවාට අනුව මෙම ගෝල අතරින් ගෝල 526 ක්ම සුහද තරග හෝ සංචාරක තරගවලදී වාර්තා කළ ඒවා වන අතර ඒ අනුව නිල ගෝල වශයෙන් නොගිණිය යුතුය. පේලේ ෆිෆා ලෝක කුසලාන පාපන්දු තරගාවලි හතරකට ක්‍රීඩා කළ ද ඒ කිසිවකදී කැපී පෙනෙන දස්කම් නොදැක්වීය යන්න ඔහුට එල්ලවන තවත් චෝදනාවකි. නමුත් ඔහු තෙවරක් සිය කණ්ඩායම ලෝක කුසලානය වෙත මෙහෙයවූ බව ප්‍රතික්ෂේප කළ නොහැකි සත්‍යයයි. පේලේ, දඬුවම් පහරක් වූ සිය දහස්වන ගෝලය වාර්තා කළේ 1969 නොවැම්බර් 19 වැනි දා ය. ඒ ඓතිහාසික මොහොතේ නරඹන්නන් දහස් ගණනින් ඔහුට සුබපැතීමට ක්‍රීඩා පිටිය වෙත කුණාටුවක් මෙන් කඩා වැදුණෙන් තරගය ආරම්භ කිරීමට සිදුවූයේ තවත් මිනිත්තු තිහකට පසුව ය. අදටත් සෑම වසරකම නොවැම්බර් 19 වැනිදා සැන්ටෝස් පිල ඒ ඓතිහාසික දිනය සැමරීමට අමතක නොකරයි. ඔවුන් එදින ‘පේලේ දිනය’ යෙනුවෙන් නම් කර තිබේ. මේ අතර ම පේලේගේ ජීවිතයේ මතභේදාත්මක අංශ ද නැතිවා නොවේ. ඔහු, තමන් ව්‍යාඝ්‍රා කාමෝද්දීපක පෙති භාවිතා කරන්නෙකු බව ප්‍රසිද්ධියේ පවසන්නෙකි. එසේම ව්‍යාඝ්‍රා වෙළඳ දැන්වීම් සඳහා ද ඔහු පෙනී සිටියේය. පේලේ හා තවත් පාපන්දු විශිෂ්ටයෙක් වන මැරඩෝනා අතර එතරම් හොඳ හිතක් කිසිදිනෙක නොතිබූ බව ද ප්‍රසිද්ධ රහසකි. වරක් මැරඩෝනා පිළිබඳ පේලේ පැවසුවේ මෙසේ ය.

“ඔහු තාරුණ්‍යය සඳහා හොඳ උදාහරණයක් නොවෙයි. පාපන්දු ”පේලේ” එදා මෙදාතුර පාපන්දු ලෝකයේ පහළ වූ ශ්‍රේෂ්ඨතමයා

ක්‍රීඩා කිරීම සඳහා දෙවියන් වහන්සේ ඔහුට තෑග්ගක් දී තිබෙනවා. ඒ නිසා ඔහු වාසනාවන්තයි. එපමණයි..”

මේ ප්‍රකාශය සඳහා මැරඩෝනාගේ ප්‍රතිචාරය වූයේ, “පේලේ කියන දේ කවුද ගණන් ගන්නේ..? ඔහු දැන් අයිති කෞතුකාගාරයටයි’ යනුවෙනි. පේලේ දෙවරක් විවාහ විය. 1966 වසරේ රෝස්මෙරී ඩොස් රෙයිස් චොල්බි සමග සිදුවූ පළමු විවාහයෙන් දියණියන් දෙදෙනෙකු සිටියි. පසුව 1982 වසරේදී ඔවුන් දික්කසාද වූ අතර දෙවන විවාහය 1994 දී සිදුවූයේ මනෝවෛද්‍යවරියක සමග ය. මේ අතර කාලයේදි පේලේ 17 හැවිරිදි මෝස්තර නිරූපිකාවක සමග ගෘංගාරාත්මක සබඳතාවක් ගෙන ගිය බව ප්‍රසිද්ධ ය. තවද පේලේ එකෝස්ටික් ගිටාරය වාදනය කිරීමට අතිශය ආශා කරන කරන්නෙකි. ඔහු මේ පිළිබඳ ඇල්බමයක් ද නිකුත් කර තිබේ. අද වන විට සොකර් හෙවත් පාපන්දු ක්‍රීඩාව ලයනල් මෙසී, ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ, රොනාල්ඩිනෝ වැනි නූතන ක්‍රීඩකයන්ගේ අණසකට යටත් වී ඇත.

පේලේ 1977 දී පාපන්දු පිටියෙන් සමුගත්තේය. නමුත් අදටත් ලෝකයේ සිටින ශ්‍රේෂ්ඨතම පාපන්දු ලකුණ ඔහු ය. පිටියෙන් සමුගෙන දශක කිහිපයකට පසුව වුවත් පේලේ නාමයට සම්භාවනීයත්වයෙන් අඩුවක් වී නැත. “පේලේ තමයි ශ්‍රේෂ්ඨයා.. මේ ලෝකයට සිටින්නේ එක පේලේ කෙනෙකු පමණයි..” නූතන ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩිනෝ පේලේ පිළිබඳ කියන්නේ එසේ ය.

Share

Recent Posts

ට්‍රම්ප්ට ඇ. ඩොලර් 9,000 ක දඩයක්!

ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…

13 hours ago

මයික්‍රොසොෆ්ට් ඉන්දුනීසියාවේ ඩොලර් බිලියන 1.7 ක් ආයෝජනය කරයි

මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…

16 hours ago

දකුණු චීනයේ මාර්ගයක් කඩා වැටීමෙන් 19දෙනෙකු මිය යයි

ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.

17 hours ago

කළු මුහුදේ වරාය නගරයක් වන ඔඩෙසා වෙත රුසියානු මිසයිල ප්‍රහාරයක්!

යුක්‍රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.

17 hours ago

CLARA CHIZOBA තැබූ ගිනස් වාර්තාව!

වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…

18 hours ago

සිරකරුවන් 118 දෙනකු පැන ගිහින්!

බන්ධනාගාර ගොඩනැඟිලිවලින් විශාල ප්‍රමාණයක් සහ එහි උස් තාප්පයේ කොටසක් කඩා වැටී ඇති අතර, සිරකරුවන් පලාගොස්…

18 hours ago

ඉන්දුනීසියාවේ රුවන්ග් ගිනිකන්ද නැවත පුපුරා යයි

ගිනිකන්ද පුපුරා යාමත් සමඟ සුන්බුන් මුහුදට වැටී සුනාමියක් ඇති ව තිබේ.

18 hours ago

2047 වන විට ඉන්දියාව ලෝකයේ තෙවන විශාලතම ආර්ථික බලවතා බවට පත්වේ

ඉන්දියාව පසුගිය වසරේ පස්වන විශාලතම ආර්ථිකය ලෙස එක්සත් රාජධානිය අභිබවා යන ලදී.

21 hours ago

රෆා ප්‍රහාරය දියත් කරන බවට නෙතන්යාහු සහතික වේ

පලස්තීන ජනතාවගේ ඉතිහාසයේ විශාලතම ව්‍යසනය..

23 hours ago

G7 කණ්ඩායම දේශගුණික විපර්යාස පාලන කිරීම සම්බන්ධයෙන් දැඩි තීරණයක!

G7 කණ්ඩායමට කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ජපානය, බි්‍රතාන්‍ය සහ අමෙරිකාව යන රටවල් අයත් වන අතර මෙම…

2 days ago

සීතල යුද්ධයට විරාමයක්!

දින 40ක සටන් විරාමයක් සම්බන්ධයෙන් ඊශ්‍රායලයේ පාර්ශවයෙන් සුභවාදී ප්‍රතිචාරයක් පළවීමත් සමඟ එම සැනසිලිදායක තත්ත්වය මොහොතකට…

2 days ago

සෞදියේ ඔටුන්න හිමි කුමරු හමුවූ අමෙරිකානු රාජ්‍ය ලේකම්!

ගාසා තීරයට මානුෂීය ආධාර වැඩි කිරීම, ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා වී…

2 days ago

රැප් ගායකයාගේ මරණ දණ්ඩනය හේතුවෙන් ඉරානය පුරා නැවත විරෝධතා

මෙම මරණ දණ්ඩනය පැනවීම ජාත්‍යන්තර විරෝධතාවලට ද හේතු වී ඇති අතර මානවහිමිකම් කණ්ඩායම් මෙය මානව…

2 days ago

කෙන්යාවේ වේල්ලක් පුපුරා යාමෙන් 120දෙනෙකු මිය යයි

මේ මස මුලදී, කෙන්යාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබුණේ, මැයි මාසය දක්වා රටේ විවිධ…

3 days ago

ශීත කළ පීසාවල අඩංගු ඇතැම් අමුද්‍රව්‍ය සෞඛ්‍යට බලපෑමක් කරන බවට FSIS නිවේදනය කරයි!

සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ශීත කළ පීසා වර්ග භාවිතයෙන්…

3 days ago