කාලීන

එක්සත් රාජධානියට ලබන සතියේ සිට කෝවිඩ්-19 වැක්සීනයක් – Pfizer/BioNTech වැක්සිනයට අනුමැතිය

බ්‍රිතාන්‍යයේ ඖෂධ නියාමන අධිකාරිය වන MHRA පවසන්නේ 95%ක සාර්ථකත්වයක් පෙන්වන මෙම එන්නත, මහා පරිමාණ බෙදාහැරීම සඳහා සුදුසු බවයි.

ඒ අනුව පළමු මාත්‍රා 80,000 ලබන සතිය තුළ නිකුත් කෙරෙනු ඇත. එය අවශ්‍ය අය වෙත ලබාදෙන්නේ ජාතික සෞඛ්‍ය සේවය හෙවත් NHS හරහා ය.

ප්‍රමුඛතාවය වියපත් වූවන්ට

මෙහිදී එන්නත ලබා දෙන්නේ ප්‍රමුඛතා ලැයිස්තුවකට අනුව ය. ඒ අනුව කෝවිඩ්-19 අධි අවදානම් ප්‍රජාවන් ලෙස හඳුනාගෙන තිබෙන වියපත් වූවන්, සාත්තු නිවාසවල නේවාසිකව පසුවන්නන් සහ NHS කාර්ය මණ්ඩලයේ තෝරාගත් පිරිස්වලට මෙය මුලින් ලබාදීමට නියමිත ය.

Pfizer/BioNTech ජයග්‍රහණය

මේ වන විට බෙල්ජියම කේන්ද්‍රකරගත් මෙම එන්නත් නිෂ්පාදකයන් විසින්, සාමාන්‍යයෙන් වසර 10 ක් ගත වන එන්නත් පර්යේෂණ ක්‍රියාවලිය මාස 10 කින් අවසන් කිරීමට සමත් වී තිබේ.

එක්සත් රාජධානිය මේ වන විට මෙම එන්නතෙන් මාත්‍රා මිලියන 40 ක් ඇණවුම් කර ඇත. එය මිලියන 20 ක ජනගහනයක් සඳහා සෑහෙයි.

එම සැපයුම ලබාදෙන්නට සමාගම සමත් වූ විගසම ඒවා මිලදී ගන්නට ද එක්සත් රාජධානිය බලාපොරොත්තු වෙයි.

ඔක්ස්ෆර්ඩ් වැක්සිනයට මොකද වුණේ?

මේ වන විට ලෝකයේ රටවල් ගණනාවක් එන්නත් තරගයට ප්‍රවිශ්ට වී ඇති අතර, ඔක්ස්ෆර්ඩ් සරසවිය ඇස්ට්‍රාසෙනෙකා සමාගම සමග එක් වී ලෝකයේ පළමු මහා පරිමාණ එන්නතේ අවසන් අදියරේ කටයුතුවල නිතර වී සිටි බව මීට පෙර පැහැදිලි විය.

ඒ අනුව බොහෝ දෙනාගේ අදහස වූයේ ලෝකයේ පළමු කෝවිඩ්-19 වැක්සිනය ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා වැක්සිනය බවට පත් වනු ඇති බවයි.

කෙසේ නමුත් පසුගිය සතියේ වාර්තා වූයේ මෙම ඔක්ස්ෆර්ඩ් වැක්සිනය, එය විසින් වාර්තා කළ 95%ක සාර්ථකත්වය තවත් ඉහළ නංවා ගැනීම සඳහා වැඩිදුර සායනික පර්යේෂණවලට යොමු කර ඇති බවයි.

මේ අතර, ෆයිසර්-බයොන්ටෙක් වැක්සිනය භාවිතයට ඇති දුෂ්කරතා ගැන ද කතා බහක් මතු ව තිබේ.

ඒ අතරින් ප්‍රධානම දේ වන්නේ මෙම  ෆයිසර්-බයොන්ටෙක් වැක්සිනය සෙල්සියස් අංශක – 70 ක තරම් අතිශය ශීතලක ගබඩා කළ යුතු වීමයි.

මෙය එක්සත් රාජධානිය වැනි ශීතල රටකට වුවත් ප්‍රායෝගික ව තරමක් දුෂ්කර අධි වියදම් කටයුත්තක් වනු ඇත. ඒ අනුව ලංකාව වැනි ඝර්ම කලාපීය රටවලට ෆයිසර් වැක්සිනය කොතරම් ඵලදායක වේ ද යන්න ගැන මතුව තිබෙන්නේ සැකයකි.

ඒ අනුව සාමාන්‍ය ශීතකරණ උෂ්ණත්වයේ වුවත් තබාගත හැකි ඔක්ස්ෆර්ඩ් වැක්සිනය මේ ගෝලීය වසංගතයට ලැබෙන හොඳම පිළිතුර බවට පත් වීමට තවදුරටත් විශාල අවකාශයක් තිබේ.

Share

Recent Posts

ඉන්දියාව මියන්මාර සරණාගතයින් පිටුවහල් කරයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…

7 hours ago

ඡන්ද මධ්‍යස්ථානයකින් ආපසු හරවා යැවු එංගලන්තයේ හිටපු අගමැති බොරිස් ජෝන්සන්!

විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…

8 hours ago

චීනය සඳ මත කඳවුරු බැඳීමේ මෙහෙයුම දියත් කරයි

මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…

9 hours ago

තුර්කිය ඊශ්‍රායලය සමඟ පැවති වෙළඳ සබඳතා අත්හිටුවයි

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…

9 hours ago

දකුණු වියට්නාමයේ ජලාශයක මත්ස්‍යයින් විශාල සංඛ්‍යාවක් මිය යයි!

මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…

1 day ago

ගිටාර් වීරයා DUANE EDDY ගිටාරය තනිකර ජීවන රිද්මයට තිත තබයි!

මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…

1 day ago

බ්‍රසීලයට ගං වතුර, 10ක් මිය යයි!21ක් අතුරුදහන්

පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…

1 day ago

කාන්තාවන් පිරිමින්ට වඩා වසර ගණනාවක් ජිවත්වන මුත් දිගුකාලින අසනීප තත්වයන්ගෙන් පෙළෙන බව අධ්‍යනයකින් හෙළි වේ

කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…

1 day ago

චාලි මා හදවතෙහි ජීවත් ව හිඳී

උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!

1 day ago

අවිහිංසාවාදී විශ්ව විද්‍යාල උද්ගොෂණයට පොලිසිය කඩා වැදීමත් සමඟ එක්සත් ජනපදයේ භාෂණයේ නිදහස පිළිබඳව ප්‍රශ්න මතු කෙරේ

එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.

1 day ago

ට්‍රම්ප්ට ඇ. ඩොලර් 9,000 ක දඩයක්!

ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…

2 days ago

මයික්‍රොසොෆ්ට් ඉන්දුනීසියාවේ ඩොලර් බිලියන 1.7 ක් ආයෝජනය කරයි

මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…

2 days ago

දකුණු චීනයේ මාර්ගයක් කඩා වැටීමෙන් 19දෙනෙකු මිය යයි

ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.

2 days ago

කළු මුහුදේ වරාය නගරයක් වන ඔඩෙසා වෙත රුසියානු මිසයිල ප්‍රහාරයක්!

යුක්‍රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.

2 days ago