ලොව යන අත

සඳ ගමනට පාර පෙන්වූ  නාසා හී සැඟවුණ ගණන්කාරිය කැතරින් ජොන්සන් අවසන් සුසුම හෙළයි.

නාසා ආයතනයේ ප්‍රමුඛ සහ මුල්කාලීන ගණිතඥවරියක වූ අප්‍රිකානු ඇමරිකානු ජාතික කැතරින් ජොන්සන් වයස අවුරුදු 101 දී සිය ජීවිතයේ අවසන් සුසුම ඊයේ දිනයේ හෙළූ බව නාසා ආයතනය දැනුම් දෙන ලදී.

ඇගේ සමුගැන්ම ට්විටර් පණිවිඩයක් ඔස්සේ නිවේදනය කරමින් නාසා ආයතනය පවසන්නේ “වාර්ගික හා සමාජීය බාධක බිඳ දැමූ විශිෂ්ටත්වයේ උරුමය බදු ඇගේ ජීවිතය” ට නාසා හී ගෞරව පුද කෙරෙන බවයි.
ඇය නාසාහී මුල් කාලීන අභ්‍යවකාශ මෙහෙයුම් සඳහා ගමන් පථ පිළිබද ගණනයන්  කළ විශේෂඥවරියක සේ කටයුතු කලාය. 2016 වසරේ ඔස්කා සම්මානය සඳහා යෝජනා වූ Hidden Figures චිත්‍රපටයට මුල් වූ ඇගේ ජීවිත කථාව අප්‍රිකානු ඇමරිකානු කාන්තාවන් සතු වූ ගණිතමය හැකියාව ගැන ලෝකයට අති විශාල පාඩමක් කියා දුන්නක් විය.

සජීවී කළු පරිගණකය ලෙස නාසා තුළ හැදින්වූ කැතරින් ජොන්සන්ගේ මූලික කාර්ය භාරය වූයේ අභ්‍යවකාශ යානා ගමන් කරවීම සදහා මාර්ගය ගණනය කිරීමය. ඈ ඒ සදහා නිවැරදිවම ගණනය සිදු කළ ගණිතඥවරිය ලෙස ප්‍රසිද්ධ වී සිටියාය. නාසාහී මුල් කාලීන් මෙහෙයුම් වලදී මෙන්ම පසු කාලීනවද ඇගේ අවශ්‍යතාව අතිශය වැදගත් එකක් විය. වර්ණභේදවාදය ඉහළින්ම තිබූ යුගයකදී පවා කළු ජාතික කාන්තාවක් ලෙස ඇගේ මෙහෙය පිළිබදව නාසා ආයතනය අදද ඇයට ස්තූතිවන්ත වෙමින් සිටී. මුල්කාලීන මර්කරි සඳතරණ ව්‍යාපෘතියේ සිට ඇපලෝ වැඩසටහනත් එහි සඳමත මිනිස් පියසටහන තැබූ ඇපලෝ 11 ව්‍යාපෘතියේත්, පසුකාලීන අභ්‍යවකාශ ෂටල වැඩපිළිවෙළේ මෙන්ම මෑතක ඇරුඹුණු අඟහරු වැඩසටහන්වලද යානාවන්ට අඳුරු අභ්‍යවකාශයේ රුදුරු බොරු වළවල් මඟහැර නිරුපද්‍රිතව නිවැරදිව නිසි ඉලක්කය කරා යන්නට පහසුම මග සොයාදුන්නේ කැතරින්ය.

අභ්‍යවකාශය වෙත ගමන් කළ පළමු ඇමරිකානුවා වූ අපලෝ මෙහෙයුමේ මූලිකත්වය දැරූ ජෝන් ග්ලේන් සිය මෙහෙයුම අභ්‍යවකාශය වෙත අරඹන්නට පෙර කියා සිටියේ ” සිය අභ්‍යවකාශ ගමන යන්නටනම් කැතරින් විසින් අනිවාර්යෙන් සිය මාර්ගය ගණනය කළ යුතු බවයි.. කැතරින්ට එන්න කියන්න. ඇය ගමන්මග ගණනය කර දුන්නොත්, මම බයනැතිව යනවා… ඔහු නාසා හී පාලකයන්ට කියා තිබුණේ එලෙසිනි.

කෙසේ වෙතත් කළු ජාතික කාන්තාවක ලෙස කැතරින්ද ඇතුළුව නාසාහී සේවය කළ තවත් අතලොස්සක් කාන්තාවන්ට නාසා හී සේවයට එක්වන්නටත් එක් වූ පසුව එහි සේවය කරන්නටත් තිබූ බාධා අපමණය. සාමාන්‍ය සේවකයන්ට මෙන් නොව ඉතා අඩු සැළකිල්ලක් සහ අවමන් මැද සේවය කරන්නය සිදු වූ ඇයට සේවය කරන්නට සිදු වූයේ පොදු ස්ථාන තහනම් , වෙනම ආහාර ගත යුතු වූ කළු ජාතිකයන් සදහා වෙන්වූ තැනක සේවය කරන්නට සිදු වූ පසුබිමක් මතයි. නමුත් එකී අසාධාරණයන් අභියෝගයන් සේ සළකා සිය හැකියාව නාසා වෙත ඈ උපරිමව ලබා දුන්නාය.

1918 වසරේ ගෝස්තුවේ වෙස්ට් වර්ජිනියා හී කුඩා නගරයක කැතරින් උපත ලැබුවාය. කුඩා කල අධ්‍යාපනය ලද ප්‍රාදේශීය පාසලෙන් 8 පංතිය දක්වා අධ්‍යාපය ලද ඇය ඇතුළු කිසිදු කළු ජාතිකයෙකුට රජයේ හසුකම් මැද ඊට වැඩි දුරක් අධ්‍යාපනයෙන් ඉදිරියට යන්නට වරම් නොලැබිණ. නමුත් ගණිතය කෙරේහි වූ ඇගේ ආශාවත් දක්ෂතාවත් හේතුවෙන් දෙමාපියන් ඇයව මුදල් ගෙවා උගන්වන්නට තීරණය කළෝය. වයස අවුරුදු 14වන විට අසාමාන්‍ය දක්ෂතාවන් පෙන්වමින් විශිෂ්ඨයෙකු වූ ඇය වරිජිනියා විශ්වවිද්‍යාලයට අධ්‍යාපන වරම් ලැබුවාය. ගුරුවරුන් ආචජර්ය මහාචාර්යවරුන් පරදවන සුළු ගණිතමය හැකියාවත් තිබූ ඇය 1937 දී ගණිතය පිළිබද විශේෂ උපාධිය හිමි කර ගත්තාය.

එක්සත් ජනපදයත් සෝවියට් දේශයක් අතර අභ්‍යවකකාශය ජය ගැනීම සදහා සදාකාලික තරගයේ මුල් කාලය වූ එකල අසාධාරණ කම් මැද වුවද , වෙනස් කොට සැළකුම් ලබමින් සිටියදී වුවද සිය සේවය ඇමරිකා එක්සත් ජනපදයට අපමණව ලබා දුන් ඇය පැවසුවේ ” අසමාන හා අසාධාරණ ලෙස සැළකුම් වලට භාජනය වීම පිළිබදව සිතන්නට මට වෙලාවක් නැහැ මම ඒ තරමට කාර්යබහුලයි ” යනුවෙනි.

2008 වසරේදී ඈ තම තත්ත්වය පිළිබදව නාසා ආයකනයේදී මෙසේ පැවසුවාය ” මගේ පියා මට පවසා ඇත්තේ ඔබ මේ නගරයේ සිටින හොඳ පුද්ගලයන් වගේම හොදයි.. නමුත් ඔබ හොඳම කෙනා නෙවෙයි.. යනුවෙනි. මට මා පහත් අයෙක් යැයි හැඟීමක් නැහැ.. කවදාවත් එවැනි හැගීමක් මට තිබුනේ නැහැ… මම අනෙක් අය තරමටම හොදයි..නමුත් මම හොදම කෙනො නෙවෙයි යනුවෙනි…

ඇගේ සමුගැන්මත් සමග නාසා ආයතනය ඈ ” ඇමරිකානු වීරවරියක් ” ලෙස නම් කරන ලදී.
Hidden Figures චිත්‍රපටයේ ඇගේ චරිතයට පණ පෙවූ ටරාජී පී හෙනසන් කැතරින් ජොන්සන් නම් මහා චරිතය සිය බුද්ධිය.. කරුණාව සහ බුද්ධියේ අලංකාරය ලෝකය සමග බෙදා ගත් කාන්තාවක් ලෙස නම් කර තිබිණි.

වෙහෙස වී ඔබ කළ සේවය නිසා ලෝකය පුරා වෙහෙස වී වැඩ කරන කුඩා දැරියන්ට සඳ මෙන් විශාල වූ සිහින දකින්නට හැකිවී ඇත… ඇය එසේද සදහන් කර තිබිණි.

Share

Recent Posts

සීතල යුද්ධයට විරාමයක්!

දින 40ක සටන් විරාමයක් සම්බන්ධයෙන් ඊශ්‍රායලයේ පාර්ශවයෙන් සුභවාදී ප්‍රතිචාරයක් පළවීමත් සමඟ එම සැනසිලිදායක තත්ත්වය මොහොතකට…

2 hours ago

සෞදියේ ඔටුන්න හිමි කුමරු හමුවූ අමෙරිකානු රාජ්‍ය ලේකම්!

ගාසා තීරයට මානුෂීය ආධාර වැඩි කිරීම, ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා වී…

3 hours ago

රැප් ගායකයාගේ මරණ දණ්ඩනය හේතුවෙන් ඉරානය පුරා නැවත විරෝධතා

මෙම මරණ දණ්ඩනය පැනවීම ජාත්‍යන්තර විරෝධතාවලට ද හේතු වී ඇති අතර මානවහිමිකම් කණ්ඩායම් මෙය මානව…

18 hours ago

කෙන්යාවේ වේල්ලක් පුපුරා යාමෙන් 120දෙනෙකු මිය යයි

මේ මස මුලදී, කෙන්යාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබුණේ, මැයි මාසය දක්වා රටේ විවිධ…

18 hours ago

ශීත කළ පීසාවල අඩංගු ඇතැම් අමුද්‍රව්‍ය සෞඛ්‍යට බලපෑමක් කරන බවට FSIS නිවේදනය කරයි!

සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ශීත කළ පීසා වර්ග භාවිතයෙන්…

22 hours ago

වයස යනු ඉලක්කමක් විතරයි යන්නට මෙවර මිස් යුනිවර්ස්ගෙන් නිදසුනක්!

සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වයස නිකන්ම නිකන් ඉලක්කමක් විතරයි…

1 day ago

ඉන්දීය වෙරළාරක්ෂක බලකාය විසින් පාකිස්ථානයේ සිට ශ්‍රී ලංකාවට ගෙන ආ හෙරොයින් තොගය‍ක් අත්අඩංගුවට ගනී!

අහමදාබාද් නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉන්දීය මාධ්‍යට පවසා ඇත්තේ, මෙවැනි මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සතුටට පත්වන…

1 day ago

සටන් විරාම සාකච්ඡා සඳහා හමාස් නිලධාරීන් ඊජිප්තුවේ කයිරෝ අගනුවරට!

ඊශ්‍රායල අමාත්‍ය මණ්ඩලය අනතුරු අඟවා ඇත්තේ, සටන් විරාමයකට එකඟ වුවහොත් අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ රජය බිඳ…

1 day ago

ඩේවිඩ් කැමරන් දින පහක සංචාරයක් වෙනුවෙන් පවුම් මිලියන 42 ක සුඛෝපභෝගී ජෙට් යානයක් කුලියට ගනියි.

වෙළඳපොලේ ඇති සුඛෝපභෝගී පුද්ගලික ජෙට් එකක් කුලියට ගැනීම සඳහා බදු ගෙවන්නන්ගේ වියදමින් පවුම් ලක්ෂ ගණන්…

1 day ago

හූති කැරළිකරුවන් ඩ්‍රෝන යානයක් බිම හෙළයි!

සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.

2 days ago

ඇන්තනි බ්ලින්කන් සහ ෂී ජින්පිං අතර හමුවක්!

දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…

2 days ago

ටික් ටොක් තරුවට මොකද වුණේ?

නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…

2 days ago

‘අප්‍රේල් 27 යනු අපි අපේ විලංගු ඉවත් කරන දිනයයි. අපේ ශ්‍රේෂ්ඨ රට පුරා නිදහසේ සීනු නාද විය’ ; දකුණු අප්‍රිකාව 30 වසරක නිදහස සමරයි !

1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…

2 days ago

ඊශ්‍රායල් ප්‍රහාරයන්ගෙන් පලස්තීන වැසියන් 27 දෙනෙකු ජීවිතක්ෂයට!

මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…

2 days ago

ප්‍රංශය හොඳම ගෝලීය ආර්ථිකයන් දහයෙන් ඉවතට – IMF

ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…

2 days ago