කාලීන

ශීර්ෂපාඨ කෙසේ මැවුණත් පාප්වහන්සේ LGBT විවාහ සමානාත්මතාවයට සහාය දක්වන්නේ නැහැ – වතිකානුව කියයි !

සම්මුඛ සාකච්ඡාවේ දී එතුමා “සමරිසි විවාහ පිළිබඳ කතා කිරීම පරස්පර විරෝධයක්” යැයි කියන අවස්ථාවක් ද වතිකානුව විසින් නිකුත් කර තිබෙන්නේ පාප් වහන්සේ සමරිසි අයිතිවාසිකම්වලට සහාය පළ කරන්නේ ය යනුවෙන් මෑතකදී සිට පළවූ මතය ට දැඩි පහරක් එල්ල කරමිනි.

‘ෆ්‍රැන්සෙස්කෝ‘ නම් වූ එම වාර්තා චිත්‍රපටයේ, “සමරිසි පුද්ගලයන්ට පවුලක කොටසක් වන්නට අයිතිය ඇතැ”යි ෆ්‍රැන්සිස් පාප් වහන්සේ කියා සිටියි. තවදුරටත්, “ඔවුන් ද දෙවියන් ගේ දරුවන්. ඔවුන්ට පවුලකට අයිතිය තිබෙනවා. කවුරුන් හෝ (පවුලකින්) ඉවත් කළ යුතු හෝ දුක්ඛිත තත්ත්වයකට පත් කළ යුතු නැහැ” යයි ද පවසයි.

“අප කළ යුත්තේ සිවිල් එක්වීම සම්බන්ධ නීති සම්පාදනය කිරීම යි. ඒ අනුව ඔවුන් නීතිමය වශයෙන් ආවරණය වනවා. මා ඒ වෙනුවෙන් පෙනී සිටිනවා,” එතුමා පවසයි.

කතෝලික ප්‍රවෘත්ති සේවාවකට අනුව, මේ උදෘත ෆ්‍රැන්සිස්කෝ චිත්‍රපටය නිර්මාණය කළ ඉයුජිනි ඇෆිනීව්ස්කි සමග කළ සාකච්ඡාවේ දී ලබා දුන්නක් නො වේ; එය 2019 වසරේ දී වතිකානුව විසින් පටිගත කරන ලද, මෙක්සිකානු මාධ්‍යවේදී වැලන්ටිනා ඇලස්‍රාකි සමග කරන ලද සම්මුඛ සාකච්ඡාව දී කියන ලද්දකි. ඇෆිනීව්ස්කි කර ඇත්තේ එම සාකච්ඡාවේ කොටස් ගෙන එකට පිරිද්දිමකි.

ස්පාඤ්ඤ බසින් කරන ලද ඇලස්‍රාකි සමග කළ සම්මුඛ සාකච්ඡාවේ දී පාප් වහන්සේ කියූ තවත් දේ වතිකානුව විසින් නිවේදනය කර තිබේ. ඒ අනුව, “මා සැමවිට ම ධර්මය වෙනුවෙන් පෙනී සිටිනවා. සමරිසි විවාහය පිළිබඳ තත්ත්වය කුතුහලය දනවනවා – සමරිසි විවාහ පිළිබද කතා කිරීම පරස්පර විරෝධී බවක්. එහෙත් අප නිර්මාණය කළ යුත්තේ සිවිල් එකතුව සම්බන්ධ නීතියක්; ඒ අනුව එය නීතිමය වශයෙන් ආවරණය වනවා. මා පෙනී සිටින්නේ ඒ වෙනුවෙන්,” යැයි එතුමා කියා තිබේ.

ෆ්‍රැන්සිස් පාප් වහන්සේ එතුමා “එක්ව ජීවත්වීම සම්බන්ධ සිවිල් නීතියකට” සහය දක්වන බව කියා තිබේ. මේවා ගෘහස්ථ සහකාරීත්ව (domestic partnerships) සහ සිවිල් එක්වීම් ලෙස සාමාන්‍යයෙන් සලකන අතර නීතියේදී මෙම තත්වය හඳුන්වන්නේ ‘සිවිල් සමවාය‘ යනුවෙනි. නමුත් මේවාට හැමවිටම විවාහයට සාපේක්ෂව තිබෙන්නේ අඩු අයිතිවාසිකම් ය. පාප් වහන්සේ “එක්ව ජීවත්වීම” පිළිබඳ පවසන විට ඊට දරුවන් කුලවද්දා ගැනීම (දරුවන් හදා ගැනීම)ට අදාළ නීතින් පිළිබද නොසිතූ බව ද ගම්‍ය වේ.

වතිකානුවට අනුව පුද්ගලයන්ට පවුලක කොටසක් වීමට ඇති අයිතිය පිළිබඳ පාප් වහන්සේ ගේ ප්‍රකාශවලින් එතුමා අදහස් කර ඇත්තේ  LGBTQ ප්‍රජාවේ දරුවන් ඔවුන් ගේ දෙමව්පියන් හා ඇති සම්බන්ධය පිළිබද ව ය.

Source: Pope Francis doesn’t support LGBTQ families after all according to newly released quotes

පෙර ලිපිය

Share

Recent Posts

වයස යනු ඉලක්කමක් විතරයි යන්නට මෙවර මිස් යුනිවර්ස්ගෙන් නිදසුනක්!

සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වයස නිකන්ම නිකන් ඉලක්කමක් විතරයි…

3 hours ago

ඉන්දීය වෙරළාරක්ෂක බලකාය විසින් පාකිස්ථානයේ සිට ශ්‍රී ලංකාවට ගෙන ආ හෙරොයින් තොගය‍ක් අත්අඩංගුවට ගනී!

අහමදාබාද් නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉන්දීය මාධ්‍යට පවසා ඇත්තේ, මෙවැනි මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සතුටට පත්වන…

4 hours ago

සටන් විරාම සාකච්ඡා සඳහා හමාස් නිලධාරීන් ඊජිප්තුවේ කයිරෝ අගනුවරට!

ඊශ්‍රායල අමාත්‍ය මණ්ඩලය අනතුරු අඟවා ඇත්තේ, සටන් විරාමයකට එකඟ වුවහොත් අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ රජය බිඳ…

4 hours ago

ඩේවිඩ් කැමරන් දින පහක සංචාරයක් වෙනුවෙන් පවුම් මිලියන 42 ක සුඛෝපභෝගී ජෙට් යානයක් කුලියට ගනියි.

වෙළඳපොලේ ඇති සුඛෝපභෝගී පුද්ගලික ජෙට් එකක් කුලියට ගැනීම සඳහා බදු ගෙවන්නන්ගේ වියදමින් පවුම් ලක්ෂ ගණන්…

8 hours ago

හූති කැරළිකරුවන් ඩ්‍රෝන යානයක් බිම හෙළයි!

සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.

21 hours ago

ඇන්තනි බ්ලින්කන් සහ ෂී ජින්පිං අතර හමුවක්!

දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…

1 day ago

ටික් ටොක් තරුවට මොකද වුණේ?

නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…

1 day ago

‘අප්‍රේල් 27 යනු අපි අපේ විලංගු ඉවත් කරන දිනයයි. අපේ ශ්‍රේෂ්ඨ රට පුරා නිදහසේ සීනු නාද විය’ ; දකුණු අප්‍රිකාව 30 වසරක නිදහස සමරයි !

1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…

1 day ago

ඊශ්‍රායල් ප්‍රහාරයන්ගෙන් පලස්තීන වැසියන් 27 දෙනෙකු ජීවිතක්ෂයට!

මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…

1 day ago

ප්‍රංශය හොඳම ගෝලීය ආර්ථිකයන් දහයෙන් ඉවතට – IMF

ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…

1 day ago

ටයිටැනික් නෞකාවේ සිටි ධනවත්ම පුද්ගලයාගේ රන් ඔරලෝසුව පවුම් මිලියන 1.2කට අළෙවි වේ

මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.

1 day ago

කාම්බෝජයේ හමුදා කඳවුරක පිපිරීමකින් සොල්දාදුවන් 20 දෙනෙකු මිය යයි

මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…

1 day ago

යුක්රේනයට පෙන්ටගනයෙන් ඩොලර් බිලියන 6ක් වටිනා කඩිනම් ආධාර පැකේජයක්

පෙන්ටගනයේ නව මිලිටරි ආධාර පැකේජය හරහා යුක්රේනයේ පතරොම් නිෂ්පාදනය ආරම්භ කිරීමට සැළසුම් කරයි.

2 days ago

යේමනයේ වෙරළට ඔබ්බෙන් බොරතෙල් නැවකට හවුති ප්‍රහාරයක්!

කෙසේවෙතත් තුවාලකරුවන් හෝ මරණ සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති අතර ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පවත්වන බව…

2 days ago

තායිවානයේ රික්ටර් මාපකයේ ඒකක 6.1 ක ප්‍රබල භූකම්පනයක්!

තායිවාන බලධාරීන් සඳහන් කර ඇත්තේ, භූකම්පනය තායිපේ අගනුවරට ද දැනී ඇති බව සඳහන් වන අතර…

2 days ago