චරිත

චාල්ස් කුමරුට 70 යි!

එය සැමරීම සඳහා බොහෝ කටයුතු සූදානම් වෙමින් තිබේ. ක්ලැරන්ස් හවුස් වෙතින් චාල්ස් කුමරුගේ අලුත්ම පවුලේ ඡායාරූප 2 ක් නිකුත් කර ඇති අතර, මේ  දිස් වන්නේ එයින් එක් ඡායාරූපයකි.

CHRIS JACKSON CLARENCE HOUSE

සිය ලොකු පුතාගේ 70 වැනි උපන්දිනය දා 92 හැවිරිදි එලිසබෙත් රැජින විශේෂ කතාවක් පැවැත්වීමට ද නියමිත ය. Prince Charles reveals love of ‘groussaka’ as he turns 70

වේල්ස් හි ආදිපාද චාල්ස් කුමරු සහ ඔහුගේ බිරිඳ වන කෝන්වෝල් හි ආදිපාදවරිය නොහොත් කැමිලා, ලන්ඩනයේ ස්පෙන්සර් හවුස් හිදී මේ උපන්දිනය නිමිත්තෙන් විශේෂ තේ සාදයකට ද සහභාගි වනු ඇත. ටවර් ඔෆ් ලන්ඩන් හි සම්ප්‍රදායික කාල තුවක්කු වෙඩි මුර ද පැවැත්වීමට නියමිතව තිබෙන්නේ රාජකීය සම්ප්‍රදාය පරිදි ය. ඒ වේලාවේදීම වෙස්මිනිස්ටර් ඇබේ ආසන දෙව් මැදුරේ සීනුව ද නාද වනු ඇත.

Reader’s Digest

ඒ සමගම ඔහුගේ හැත්තෑ අවුරුදු ජීවිතයේ නොදන්නා තොරතුරු රාශියක් ද හෙළිදරව් වෙමින් තිබේ.

චාල්ස් කුමරු ද අන් කවරදාටත් වඩා තමන් ජීවිතයේ කැමති දේවල් ගැන කතා කරන්නට ද පටන් ගෙන තිබේ. Country Life සඟරාවට ඔහු එවැනි බොහෝ තොරතුරු හෙළිදරව් කර තිබෙන්නේ මෙසේ ය. මේවා ඔහු විසින්ම සඟරාවට ලියා ඇති තොරතුරු වීමත් විශේෂත්වයකි.

එයට අනුව ඔහු රතු ලේනුන්ට ඉතා ප්‍රිය ය. තමන් ජීවත් වන තැන අවට රතු ලේනුන් දුව ඇවිදිනු නරඹන්නට පරිසරයට ආදරය කරන චාල්ස් කුමරු ඉතා කැමති ය. රැජිනට අයත් බැල්මෝරල් වත්තේ පිහිටා තිබෙන බර්ක්හෝල් නිවස ඒ අන්දමින් රතු ලේනුන් නිතර යන එන තැනකි. ‘‘සමහර වෙලාවට මම ජැකට් එක පුටුව උඩ දාල ගියාම, මට පේනවා උන් ඒක ඇතුළට රිංගලා සෙල්ලම් කරන හැටි“ යැයි ද කුමරු කියයි.

චාල්ස් කුමරුගේ ප්‍රියතම කෑමක් වන්නේ pheasant crumble pie වේ. එය පක්ෂි විශේෂයක මස් යොදා පිළියෙළ කරන්නකි.

එසේම මුසාකා moussaka යනු ග්‍රීක රස මසවුළකි. එය සාදන්නේ බැටළු මස්, චීස් සෝස්, තක්කාලි යනාදියෙනි. නමුත් චාල්ස් කුමරු තමන්ගේම සොයාගැනීමක් කර තිබේ. බැටළු මස් වෙනුවට කළුකුම් වර්ගයේ grouse මස් යොදා එය පිළියෙළ කරයි. කුමරු එයට කියන්නේ මුසාකා නොව, ‘‘ගෘසාකා‘‘ “groussaka” කියා ය. එය ඔහුම දමාගත් නමකි.

එසේම එම කෑම වර්ගයත් තමන්ගේම සොයාගැනීමක් බව කුමරු කියයි.

මේ සමගම බකිංහැම් මාළිගය විසින් චාල්ස් කුමරුගේ 70 වන උපන්දිනය වෙනුවෙන් ඔහු ගැන ලෝකය නොදන්නා අප්‍රකට එහෙත් රසවත් තොරතුරු 70 ක් ද හෙළිදරව් කර තිබේ. මේ ඒ අතරින් කිහිපයකි.

චාල්ස් කුමරු දිවා ආහාරය ගන්නේ නැත.

ඔහුගේ ජනප්‍රියම කපා ආහාරය වන්නේ කිරි පැණි සමග ඩාජිලින් ය. ඩාජිලින් යනු උතුරු ඉන්දියාවේ වැවෙන ඉහළ තත්වයේ තේ වර්ගයකි.

ANDREW MILLIGAN

චාල්ස් කුමරු හොඳ චිත්‍ර ශිල්පියෙකි. ඔහුගේ ප්‍රියතම මාධ්‍යය දිය සායම් ය.

Daily Express

1987 වසරේ ඔහු විසින් රාජකීය ඇඩකමියේ ගිම්හාන චිත්‍ර ප්‍රදර්ශනය සඳහා කදිම දිය සායම් චිත්‍රයක් ඉදිරිපත් කර තිබේ. කෙසේ නමුත් චාල්ස් කුමරු මෙම චිත්‍රය ඉදිරිපත් කර තිබෙන්නේ නිර්නාමිකව ය.

පහත දැක්වෙන්නේ චාල්ස් කුමරු විසින් අඳින ලද දිය සායම් චිත්‍ර කිහිපයකි.

blueworldwebmuseum.org

 

Daily Express

azra.ba

artnet News

චාල්ස් කුමරු ජීවිතයේ වැදගත් අවස්ථාවලදී පැළ රෝපණය කිරීමට ප්‍රිය කරන අයෙකි. ගසක් රෝපණය කිරීමෙන් පසු හැමවිටම, ඔහු එම පැළයේ අත්තකට අතට අත දීමට අමතක නොකරයි.

චාල්ස් කුමරුගේ නමින් මැඩියෙකු නම් කර තිබේ. ඒ, කුමරුගේ පරිසර හිතකාමිත්වයට ගෞරවයක් පිණිස ය. එම මැඩියාගේ විද්‍යාත්මක නාමය වන්නේ Hyloscirtus Princecherlesi – හයිලොස්කර්ටස් ප්‍රින්ස්චෙලසි හෙවත් Prince Charles Magnificent Tree Frog ය. මෙය සරල සිංහලයට පරිවර්තනය කිරීමට සිදුවන්නේ ‘‘මහේශාක්‍ය චාල්ස් කුමාර ගස් ගෙම්බා‘‘ යනුවෙනි!

wikipedia

බ්‍රිතාන්‍ය රජ පෙළපතේ උපාධිධාරී ඔටුන්න හිමි කුමාරයා බවට පත්වූ පළමුවැන්නා චාල්ස් කුමරු ය. ඒ, 1970 වසරේදී ය. කේම්බ්‍රිජ් සරසවියෙන් ලත් උපාධියේදී චාල්ස් කුමරු පළමු වසරේදී විෂයන් වශයෙන් තෝරාගත්තේ පුරාවිද්‍යාව සහ මානව විද්‍යාවයි. පසුව ඔහු ඉතිහාසය තෝරාගත්තේය.

Share

Recent Posts

වියට්නාමය නව ජනාධිපතිවරයා ලෙස මහජන ආරක්ෂක ඇමතිවරයා නම් කෙරේ

පක්ෂයේ මධ්‍යම කාරක සභාව සඳහන් කර තිබුණේ, සියලුම ඉහළ නායකත්වයන් එක්සත්ව, ආදර්ශමත්ව, මුළු හදින් සහ…

11 hours ago

RISHI SUNAK එංගලන්තයේ ධනවතුන්ගේ ලැයිස්තුවට!

මේ වන විට ඔහුගේ වත්කම පවුම් මිලියන 651ක්.

12 hours ago

අධික වර්ෂාවත් සමඟ ඇති වූ ගංවතුර තත්වය හේතුවෙන් ඇෆ්ගනිස්ථානයේ 50 දෙනෙකු මරුට

ඇෆ්ගනිස්ථානය ස්වභාවික විපත්වලට ගොදුරු වන අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය එය දේශගුණික විපර්යාසවලට වඩාත්ම අවදානමට ලක්විය…

13 hours ago

පෝල් මැකාට්නි එක්සත් රාජධානියේ පළමු ප්‍රකෝටිපති සංගීතඥයා බවට පත් වෙයි

ඇකඩමි සම්මානයක්, ප්‍රයිම් ටයිම් එමී සම්මානයක්, ග්‍රැමී සම්මාන 18ක්, හිමිකරගෙන ඇත.

15 hours ago

ඇෆ්ගනිස්ථාන ප්‍රහාරයකින් ස්පාඤ්ඤ සංචාරකයින් තිදෙනෙකු මරුට

ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකු භාරගෙන නැත.

23 hours ago

ලෝකයේ අංක එකේ ගොල්ෆ් ක්‍රීඩක ස්කොටී ෂෙෆ්ලර් අත්අඩංගුවට

කෙන්ටකි හි ලුයිස්විල් හි පැවති PGA ශූරතාවලියෙන් පිටතදී ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.

1 day ago

සමහර අසනීපයන්ට වගකිවයුතු ද්‍රව පරපෝෂිතයා – Cryptosporidium

සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Cryptosporidium යනු මිනිසුන්ට සහ සමහර…

2 days ago

සංක්‍රාන්ති ලිංගිකයන් ‘මානසික රෝගීන්’ ලෙස පේරු හි නිල වශයෙන් පවසයි!

රජය පැවසුවේ මෙම නියෝගය LGBTQ පුද්ගලයින් අතර අමනාපයක් ඇති කරන නමුත් ඔවුන් කිසිදු විකල්ප ප්‍රතිකාරයකට…

2 days ago

Baby Reindeer හි මාර්තා චරිතයෙහි සැබෑ කතා නායිකාව පිළිබඳ ආන්දෝලනයක්!

සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Netflix හි නවතම කතා මාලාවක්…

2 days ago

tortilla chip අභියෝගයකට මුහුණ දුන් 14 හැවිරිදි දරුවකු හෘදයාබාධයකින් මරුට

වෙළඳසල්වල රාක්ක වලින් මේ වන විට ඒවා ඉවත් කරමින් තිබේ.

2 days ago

ප්‍රංශයේ නව කැලිඩෝනියාහි කෝලහාල තත්වයක්; හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කෙරේ

අගනුවර වන නූමියා යනු කැරලිකරුවන් සිය ගණනක් සිටින ප්‍රදේශයක් වන අතර ඔවුන් තවදුරටත් ප්‍රචණ්ඩක්‍රියා සිදු…

2 days ago

කිසිවක් නොකර සිටීමට හොඳම කවුදැයි බැලීමට දකුණු කොරියානුවන් අතර තරඟයක්

මෙවර 4,000කට අධික පිරිසක් මෙම තරඟය වෙනුවෙන් ඉල්ලුම් කර ඇති අතර ඉන් සුදුසුකම් ලබා ඇත්තේ…

2 days ago

එක්සත් රාජධානිය ඉන්දිය කුළුබඩු දැඩි පරික්ෂාවකට ලක් කරයි

ලොව විශාලතම කුළුබඩු අපනයනකරු, පාරිභෝගිකයා සහ නිෂ්පාදකයා වන ඉන්දියාව වේ.

3 days ago

චීන ජනාධිපතිවරයා පුටින්ව හරසරින් පිළිගනියි

මෙම හමුව මේ වන විට එක්සත් ජනපදය ඇතුළු ලෝකයේම අවධානයට ලක්ව ඇත.

3 days ago

ROBERT FICO ගේ තත්ත්වය නරක අතට!

එරට  ආරක්ෂක අමාත්‍ය රොබට් කලිනක් පැවසුවේ අගමැතිවරයාට ශල්‍යකර්මයක් සිදු කළ බවයි.කෙසේ වුවද  ඔහුගේ  තත්වය බරපතල…

3 days ago