බ්‍රිතාන්‍යයේ එලිසබෙත් රැජිණගේ සෞඛ්‍ය තත්ත්වය වෛද්‍යවරුන්ගේ දැඩි අධීක්ෂණය යටතේ පවතින බවට බීබීසී පුවත් සේවය වාර්තා කරයි.
96 හැවිරිදි එංගලන්තයේ දෙවන එලිසබෙත් බැල්මොරල් මාලිගයේ වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවන්නේ වෛද්‍යවරුන් ඇගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව සැලකිලිමත් වීම නිසා බව බකිංහැම් මාලිගය නිවේදනයක් නිකුත් කර තිබේ.
මාලිගය විසින් මෙම නිවේදනය නිකුත් කර තිබෙන්නේ ඊයේ (07) දින ඈ වීඩියෝ තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වූ හමුවකින් අනතුරුව ය.
වෛද්‍යවරුන් විසින් ඇගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කිරීමෙන් අනතුරුව පවසා තිබෙන්නේ ඈ දිගටම වෛද්‍ය අධීක්ෂණය යටතේ විවේක ගත යුතු බවයි.
මීට ඉහත චලන අපහසුතා පමණක් පැවති එලිසබෙත් රැජිණට එම අපහසුතා වලට අමතරව තවත් සෞඛ්‍ය තත්ත්වයන් පිළිබඳව අවධානය අවශ්‍ය වී ඇති බව බීබීසී පුවත් සේවය වාර්තා කරයි.
කෙසේවෙතත්, ඇය සුවපහසුවෙන් පසුවන බව බකිංහැම් මාලිගය විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන් බව ද එම පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කරයි. එමෙන්ම, ඈ සිටින මාලිගයට දැඩි රැකවල් යොදා තිබේ.
චාර්ල්ස් කුමරු ඇතුළු ඇගේ දරුවන් මේ වන විට මාලිගයෙන් බැහැරව සිටින බව ද වාර්තා වේ.
එමෙන්ම ඇගේ සුවදුක් බැලීමට රජ පවුලේ සාමාජිකයන් පැමිණීමට නියමිත බව ද සඳහන්.
මේ අතර, බ්‍රිතාන්‍යයේ නව අග්‍රාමාත්‍ය ලිස් ට්‍රස් මහත්මිය ද එලිසබෙත් රැජිණ ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ පුවත පිළිබඳව සිය දැඩි අවධානය යොමුකර ඇති බව වාර්තා වේ. තමාගේ මෙන්ම එක්සත් රාජධානිය පුරා වෙසෙන ජනතාවගේ සිත්වල මේ මොහොතේ පවතින්නේ රැජිණ ගේ යහපත් සෞඛ්‍යය බව ඈ ප්‍රකාශ කර තිබේ.
ඉකුත් දින බ්‍රිතාන්‍ය පාලක පක්ෂය විසින් නව අග්‍රාමාත්‍යවරයකු තෝරා ගැනීම සඳහා පැවති නිලවරණයෙන් ජයග්‍රහණයට පත්වූයේ ලිස් ට්‍රස් මහත්මිය වන අතර, ඈ අග්‍රාමාත්‍යධුරයේ දිවුරුම් දුන්නේ බ්‍රිතාන්‍ය සම්ප්‍රදාය පරිදි එලිසබෙත් රැජිණ ඉදිරියේ ය.
සාමාන්‍යයෙන් දෙවන එලිසබෙත් රැජිණ ගේ 70 වසරක පමණ පාලනය තුළ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරුන් දිව්රුම් දීම සිදුකෙරුනේ ලන්ඩනයේ බකිංහැම් මාලිගයේ වූව ද, මෙවර විශේෂත්වය වූයේ ලිස් ට්‍රස් මහත්මිය අගමැති ධුරයේ දිව්රුම් දීම සිදුවූයේ බැල්මොරල් මාලිගයේ වීමයි.
මෙය රැජිණගේ සෞඛ්‍ය තත්ත්වය සලකා සිදූවූවක් බවට ඇතැම්හු මත පළකරති.
ඡායාරූප: ගෙටී ඉමේජස්
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…
කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…
උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!
එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.
ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…
මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…
ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.
යුක්‍රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.
වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…
බන්ධනාගාර ගොඩනැඟිලිවලින් විශාල ප්‍රමාණයක් සහ එහි උස් තාප්පයේ කොටසක් කඩා වැටී ඇති අතර, සිරකරුවන් පලාගොස්…
ගිනිකන්ද පුපුරා යාමත් සමඟ සුන්බුන් මුහුදට වැටී සුනාමියක් ඇති ව තිබේ.
ඉන්දියාව පසුගිය වසරේ පස්වන විශාලතම ආර්ථිකය ලෙස එක්සත් රාජධානිය අභිබවා යන ලදී.
G7 කණ්ඩායමට කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ජපානය, බි්‍රතාන්‍ය සහ අමෙරිකාව යන රටවල් අයත් වන අතර මෙම…