රාජකීය අවමගුල සඳහා සහභාගි වීමට මේ වනවිටත් විදෙස් රාජ්‍ය නායකයන්, රාජකීය අමුත්තන්, රාජ්‍යතාන්ත්‍රික නිළධාරීන් රැසක් මේ වනවිටත් ලන්ඩන් නගරය වෙත පැමිණ සිටී.
ඊයේ දිනයේදීද රැජිනට අවසන් ගෞරව දැක්වීම සඳහා පැය 15 කට අධික කාලයක් තිස්සේ ජනතාව පෝලිම්වල රැඳී සිටියේය. පෝලිම් තවදුරටත් දිගුවීම හා අවසන් ගෞරව දැක්වීම සඳහා වෙන්කර ඇති කාලය ක්‍රමයෙන් අවමවීම හේතුවෙන් තවදුරටත් පෝලිම්වලට එකතු නොවන ලෙස ඉල්ලා සිටීමට බ්‍රිතාන්‍ය රජයට සිදුවිය.
දෙවැනි එළිසබෙත් රැජිනගේ මුණුපුරන් ඊයේ සිය මිත්තනියට අවසන් ගෞරව දැක්වීමට එක්ව සිටි අතර රජ පවුලෙන් වෙන්ව සිටින හැරී කුමරුටද තාවකාලිකව හමුදා නිළ ඇඳුමින් සැරසීමට එහිදී අවස්ථාව හිමි විය.
ලන්ඩන් නුවර වින්ඩ්සර් මාළිගා පරිශ්‍රයේ සාන්ත ජෝර්ජ් දේවස්ථානයේ පිහිටා තිබෙන රාජකීය සොහොන් ගැබ වසර 20 කට පසු අද දිනයේදී විවෘත වනු ඇත. අවසන් වරට සොහොන් ගැබ විවෘත වූයේ එළිසබෙත් මහ රැජිනගේ මව් රැජිනගේ දේහය තැන්පත් කිරීම සඳහායි.
මව් රැජිනගේ දේහය මෙන්ම එළිසබෙත් රැජිනගේ පියා වන හයවන ජෝර්ජ් රජුගේ දේහයද මෙහි තැන්පත් කර තිබෙනවා.
මහ රැජිනගේ ස්වාමි පුරුෂයා වන පිලිප් කුමරු පසුගිය වසරේදී මියගිය නමුත් ඔහුගේ දේහය සොහොන් ගැබේ තැන්පත් කිරීම ප්‍රමාද කෙරිණි. පිලිප් කුමරුගේ දේහයද මහ රැජිනගේ දේහය සමග මිහිදන් කරනු ඇති බවයි වාර්තා වන්නේ.
බ්‍රිතාන්‍ය රාජකීය සම්ප්‍රදාය අනුව, මේ සඳහා සහභාගිවීමට අවසර හිමි වන්නේ මහ රැජිනගේ දරුවන් සිව්දෙනාට පමණි.
නාමිකව හෝ ලොව රටවල් විශාල ප්‍රමාණයක රාජ්‍ය නායකයා ලෙස වසර 70 කට අධික කාලයක් කටයුතු කළ දෙවැනි එළිසබෙත් රැජිනගේ පුරාවෘත්තය අද සිට ලෝක ඉතිහාසයට එක්වනු ඇත.
UN for LNW
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…
කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…
උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!
එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.
ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…
මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…
ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.
යුක්‍රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.
වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…
බන්ධනාගාර ගොඩනැඟිලිවලින් විශාල ප්‍රමාණයක් සහ එහි උස් තාප්පයේ කොටසක් කඩා වැටී ඇති අතර, සිරකරුවන් පලාගොස්…
ගිනිකන්ද පුපුරා යාමත් සමඟ සුන්බුන් මුහුදට වැටී සුනාමියක් ඇති ව තිබේ.
ඉන්දියාව පසුගිය වසරේ පස්වන විශාලතම ආර්ථිකය ලෙස එක්සත් රාජධානිය අභිබවා යන ලදී.
G7 කණ්ඩායමට කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ජපානය, බි්‍රතාන්‍ය සහ අමෙරිකාව යන රටවල් අයත් වන අතර මෙම…
දින 40ක සටන් විරාමයක් සම්බන්ධයෙන් ඊශ්‍රායලයේ පාර්ශවයෙන් සුභවාදී ප්‍රතිචාරයක් පළවීමත් සමඟ එම සැනසිලිදායක තත්ත්වය මොහොතකට…