කාලීන

රුවන්ඩාවට වොක්ස්වගන් (Volkswagen) කම්හල ගිය හැටි!

රුවන්ඩාව ලෝකයේ දුප්පත්ම රටවල් 50 න් එකකි. එසේම ත්‍රීරෝද රථ ගණනටම මෝටර් රථ තිබෙන ලංකාව මෙන් නොව, රුවන්ඩාවේ මෝටර් රථ හිමිකරුවන් ගණන ද ඉතා අල්ප ය. නමුත් පසුගිය ජූනි මාසයේ රුවන්ඩාවේ ආරම්භ කළ ප්‍රථම වොක්ස්වැගන් කම්හල මේ වන විට ඉතා හොඳින් ක්‍රියාත්මක වෙමින් තිබේ.

යුරෝපයේ විශාලතම මෝටර් රථ නිෂ්පාදකයා වන වොක්ස්වැගන්, සිය අලුත්ම කම්හල පිහිටුවීම සඳහා කිසිදු පැකිළීමකින් තොරව තෝරාගත්තේ රුවන්ඩාවේ කිගාලි අගනුවරයි.

මෙම ජර්මානු මෝටර් රථ සමාගමේ අලුත්ම රුවන්ඩා එකලස් කිරීම වන්නේ Polo ය. පළමු අදියරේදී එම වර්ගයේ කාර් 5000 ක් එකලස් කිරීමට යෝජිත ය. ඒ හැරුණු විට Passat, Tiguan, Amarok සහTeramont වර්ගයේ මෝටර් රථ ද එහිදී නිපදවෙනු ඇති.

ඒ සඳහා අමුද්‍රව්‍ය වශයෙන් යොදාගන්නේ කෙන්යාව හරහා දකුණු අප්‍රිකාවේ සිට රුවන්ඩාව වෙත නැව්ගත කරනු ලබන මෝටර් රථ කොටස් හා අමුද්‍රව්‍යයන් ය. එය ඇමරිකානු ඩොලර් මිලියන 20 ක ආයෝජනයකි. රැකියා 1000 ක් මේ පළමු අදියරේදී උත්පාදනය වේ.

රුවන්ඩාව ජීවත් කරවීමට නම් වසරකට ඇමරිකානු ඩොලර් බිලියනයක විදේශ ආධාර අවශ්‍ය ය. රුවන්ඩාවේ ජනගහනය මිලියන 12 කි. ඒ අතරින් මෝටර් රථයක් හිමි අය සිටිනුයේ මුළු රටටම ලක්ෂ 2 ක් පමණකි. මෙම මෝටර් රථවලින් ද වැඩි කොටස සෙකන්ඩ් හෑන්ඩ් ජපන් කාර් ය. නමුත් ඒ තත්වය ඉදිරියේදී වෙනස් වනු ඇත.

2015 මහ මැතිවරණ සමයේදී ලංකාවේ කුලියාපිටිය ප්‍රදේශයට වොක්ස්වැගන් කර්මාන්ත ශාලාවක් ගෙන එන බවට දේශපාලකයන් ගැසූ කයිවාරු ඔබට මතක ඇති. නමුත් එය අවසානයේ ගියේ පොල්ගහවෙලට නොව කිගාලියට ය. රුවන්ඩාව සැබවින්ම අපට වඩා ගව් ගණනක් ඉදිරියෙනි.අද වන විට රුවන්ඩාව අප්‍රිකාවේ ඩිජිටල් විප්ලවයේ පෙර ගමන්කරුවෙකි. පොදු බස් රථ, රෝහල්, ටැක්සි රථගාල්වල පවා ෆ්‍රී වයිෆයි තිබේ. කොරියා ටෙලිකොම් සමාගමේ හවුල්කාරිත්වය යටතේ ජනගහනයෙන් 95%කට 4G පහසුකම් ලබාදීමට සැලසුම් කර තිබේ. ඔබට රුවන්ඩාවේ දී දින 2 කින් සියලු නීතිමය අවශ්‍යතා සම්පූර්ණ කර, ව්‍යාපාරයක් ආරම්භ කළ හැක. ෆිච් ශ්‍රේණිගත කිරීම්වලට අනුව රුවන්ඩාව සීඝ්‍ර ආර්ථික වර්ධනයක් ලබමින් සිටින රටකි. රුවන්ඩාවේ ජනගහනයෙන් 90%කට වඩා සෞඛ්‍ය රක්ෂණ තිබේ. රුවන්ඩාවේ මිලියන 12 ක ජනගහනයෙන් මිලියන 1ක්ම 2006-2011 අතර කාලයේදී දුප්පත්කම පිටුදැක ඇත. ඒ සඳහා ගෘහ කේන්ද්‍රීය සංවර්ධන විසඳුම් ඔවුන් විසින් හඳුන්වා දෙනු ලැබිණි. Girinka වැඩසටහන එයින් එකකි. මේ යටතේ රටේ සෑම දුප්පත් පවුලකටම එළදෙනක් ලබාදුන්නේ කෘෂිකාර්මික කටයුතුවල පහසුව සඳහා පමණක් නොව ඔවුන්ගේ මන්දපෝෂණ අවදානම ද දුරලීම සඳහා ය. කුඩා ව්‍යාපාර අවස්ථා ද ඒ අනුව ජනනය විණි. 2007 වසරේදී රුවන්ඩාව ප්ලාස්ටික් බෑග් භාවිතය සම්පූර්ණයෙන්ම තහනම් කළ පළමු රට බවට පත්විය. ලෝකයේ ස්ත්‍රී පුරුෂ සමාජභාවී වෙනස්කම් අවම රටවල් අතරින් රුවන්ඩාව පුරා වර්ෂ ගණනක් තිස්සේ පසුවන්නේ මුල් දස දෙනා අතර ය.

සෑම මාසයකම අවසන් සෙනසුරාදා රුවන්ඩා වැසියෝ සිය ජනාධිපතිවරයා ද සමග ‘උමුගන්ඩා‘ දිනය සමරති. එය වනාහී ජාතික ප්‍රජා සේවා දිනයයි. රුවන්ඩා වැසියන් එදිනට ස්වෙච්ඡාවෙන් රජයේ ගොඩනැගිලිවල ඉදිකිරීමේ කටයුතුවලට සහාය දෙති. කෘෂිකර්මයට රුකුල් දෙන තෙත් බිම් ශුද්ධ පවිත්‍ර කර ගනිති. සිය නගර සහ ගම් පිරිසිදු කර ගනිති. මේ වන විට කිගාලි අගනුවර සැලකෙන්නේ ලෝකයේ පිරිසිදුම නගරයක් ලෙස ය.

මේ බොහෝ ජයග්‍රහණවල පෙර ගමන්කරුවා ජනපති පෝල් කගාමේ (Paul Kagame) ය. ‘‘වොක්ස්වැගන් කම්හල රුවන්ඩාව ආර්ථික ප්‍රතිසංස්කරණ වෙත යන ගමනේ අලුත් පරිච්ඡේදයක්‘ බව ඔහු කීවේය.

පෝල් කගාමි භාරගත්තේ 90 දශකයේදී ටුට්සි – හුටූ සංහාරවලින් ලක්ෂ 8 ක් පිරිමින් කැති ගෑ දේශයකි. මේ රටේ පිරිමින් හිඟ ය. රටේ ශ්‍රම බලකායෙන් 86% ක් කාන්තාවන් ය. අද දිනය වන විට රුවන්ඩාව හැඳින්වෙන්නේ ‘අප්‍රිකාවේ සිංගප්පූරුව‘ යනුවෙනි. එදා සිංගප්පූරුවේ නිර්මාතෘවරුන් සුද්දා දමා ගිය ලංකාව පෙන්නා, ‘මේ තිබෙන්නේ ආසියාවේ මීළඟ ආශ්චර්යය‘ යැයි කීවේය. පසුකලෙක මේ යෙදුම ලංකා දේශපාලනයේ ප්‍රහසනයක් බවට පත්වෙද්දී රුවන්ඩාව දැන් අප්‍රිකාවේ නියම ආශ්චර්යය බවට පත් වෙමින් තිබේ.

Share

Recent Posts

නායයෑම් හා ගංවතුර නිසා ඉන්දුනීසියාවේ 15 දෙනෙකු ජීවිතක්ෂයට!

ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…

4 hours ago

ඊශ්‍රායලයට යන නැව්වලට සිය සිමාව තුළ අනිවාර්යෙන් ප්‍රහාර එල්ල කරන බව හූතිවරු පවසයි

එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…

8 hours ago

එළඹෙන සති අන්තයේ ඇමරිකා විශ්වවිද්‍යාල ගාසා යුද විරෝධතාකරුවන්ගෙන් බාධා එල්ල වේ යැයි සැකයක්!

විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…

11 hours ago

බ්‍රසීලය වසර 80කට පසු මාරාන්තික ගංවතුරකට මුහුණ දේ; 37ක් මියගොස් 74 දෙනෙකු අතුරුදන්

එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…

13 hours ago

සික් බෙදුම්වාදී නායක නිජ්ජාර්ගේ ඝාතනය සම්බන්ධයෙන් කැනඩාව තිදෙනෙකු අත්අඩංගුවට ගනී

පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…

13 hours ago

ඉන්දියාව මියන්මාර සරණාගතයින් පිටුවහල් කරයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…

1 day ago

ඡන්ද මධ්‍යස්ථානයකින් ආපසු හරවා යැවු එංගලන්තයේ හිටපු අගමැති බොරිස් ජෝන්සන්!

විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…

1 day ago

චීනය සඳ මත කඳවුරු බැඳීමේ මෙහෙයුම දියත් කරයි

මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…

1 day ago

තුර්කිය ඊශ්‍රායලය සමඟ පැවති වෙළඳ සබඳතා අත්හිටුවයි

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…

1 day ago

දකුණු වියට්නාමයේ ජලාශයක මත්ස්‍යයින් විශාල සංඛ්‍යාවක් මිය යයි!

මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…

2 days ago

ගිටාර් වීරයා DUANE EDDY ගිටාරය තනිකර ජීවන රිද්මයට තිත තබයි!

මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…

2 days ago

බ්‍රසීලයට ගං වතුර, 10ක් මිය යයි!21ක් අතුරුදහන්

පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…

2 days ago

කාන්තාවන් පිරිමින්ට වඩා වසර ගණනාවක් ජිවත්වන මුත් දිගුකාලින අසනීප තත්වයන්ගෙන් පෙළෙන බව අධ්‍යනයකින් හෙළි වේ

කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…

2 days ago

චාලි මා හදවතෙහි ජීවත් ව හිඳී

උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!

3 days ago