යේමනයේ සවුදි ප්‍රමුඛ සන්ධාන සටනට අයත් යුධ ගුවන් යානයක් යේමනයේ උතුරු පළාතේ අල්-ජව්ෆ්හිදී කඩා වැටී තිබේ.
සවුදි අරාබියේ රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය වන එස්පීඒ පුවත්පතට අනුව යේමනයේ හමුදා ඒකක අසල ආධාරක මෙහෙයුමක් දියත් කරමින් සිටියදී මෙම සවුදි ටෝනාඩෝ ප්‍රහාරක ජෙට් යානය කඩා වැටී ඇති බව ප්‍රකාශකයෙක් තහවුරු කර ඇත.
යේමනයේ හූති කැරලිකරුවන් පැවසුවේ සිකුරාදා රාත්‍රියේ ඔවුන් යානයට වෙඩි තැබූ බවයි.
එක්සත් ජාතීන්ගේ සංවිධානය පැවසුවේ සෙනසුරාදා අල්-ජව්ෆ්හි සෞදි ගුවන් ප්‍රහාරවලින් සිවිල් වැසියන් 31 දෙනෙකු මිය ගිය බවයි. යේමනයේ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක කාර්යාලයෙන් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ ගුවන් ප්‍රහාරවලින් අවම වශයෙන් තවත් 12 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.
සවුදි ප්‍රමුඛ සන්ධානය 2015 සිට යේමනයේ කැරලිකාර හූති ව්‍යාපාරය සමඟ පොරබදමින් සිටී. හූතිවරු සානා අගනුවර ජාත්‍යන්තර වශයෙන් පිළිගත් රජය බලයෙන් නෙරපා දැමීමෙන් පසුව එය ඇරඹී ඇත.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…
කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…
උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!
එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.
ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…
මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…
ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.
යුක්‍රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.
වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…