පුවත්

ආසියානු ඉතිහාසයේ වාර්තා වී ඇති දරුණුතම තාප තරංගය රටවල් ගිල ගනිමින් ඇත.

දේශගුණ විද්‍යාඥයන් හා කාලගුණ ඉතිහාසඥයන් ප්‍රකාශ කරන පරිදි ආසියානු ඉතිහාසයේ නරකම අප්‍රේල් තාප තරංගයන් ඉන්දියාව, චීනය, තායිලන්තය, බංග්ලාදේශය හා ගිණිකොනදිග ආසියානු රටවල් හා මධ්‍ය ආසියානු රටවල් ගිල ගනිමින් පවතින බව වාර්තා කෙරේ.

ඉන්දියාවේ හා චීනයේ මේ වන විට වාර්තාගත උෂ්ණත්වයක් ඇති අතර බොහෝ නගර වල උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 ඉක්මවා ඇත.

ඉන්දියාවේ ග්‍රාමීය කම්කරුවන් සහ කම්කරුවන් වැඩි ප්‍රතිශතයක් සිටින බීහාර්, ජාර්කන්ඩ්, ඔඩිෂා, ආන්ද්‍ර ප්‍රදේශ් සහ බටහිර බෙංගාල ප්‍රාන්තවල දැඩි තාප තරංගයක් පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මේ සතියේ තැඹිලි අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති අතර උතුරු සහ නැගෙනහිර ඉන්දියාවේ නගර 6 ක උෂ්ණත්වය සෙල්සියස් අංශක 44 ට ඉක්මවූ අතර අගනුවර වන දිල්ලි හි අඟහරුවාදා සෙල්සියස් අංශක 40.4 ක් වාර්තා විය.


එමෙන්ම ඉන්දියාවේ අධික උෂ්ණත්වය හේතුවෙන් බටහිර බෙංගාලයේ ප්‍රධාන අමාත්‍ය මමතා බැනර්ජි, මේ සතියේ ප්‍රාන්තයේ සියලුම පාසල් වසා දැමූ අතර, එම පියවර ගන්නා ලෙස පෞද්ගලික අධ්‍යාපන ආයතනවලින් ද ඉල්ලා ඇත. මේ වන විට අධික උෂ්ණත්වය හේතුවෙන් පුද්ගලයන් 13 දෙනෙකු මිය ගොස් ඇති බව ද වාර්තා වේ.

මී අමතරව චීනයේ ද Chengdu, Zhejiang, Nanjing, Hangzhou සහ Yangtze ගංගා ඩෙල්ටා කලාපයේ අනෙකුත් ප්‍රදේශ ඇතුළු බොහෝ ස්ථානවල වාර්තාගන උෂ්ණත්වයක් නිරීක්ෂණය කර බව ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කර තිබේ.

තායිලන්තයේ, 2016 න් අනතුරුව වාර්තාවූ ඉහළම උෂ්ණත්වය මෙවර රටේ වයඹ දෙසින් පිහිටි Tak හි රජයේ නිරීක්ෂණ මධ්‍යස්ථානයක් සෙනසුරාදා 45.4C වාර්තා කර තිබූ අතර දේශගුණික අර්බුදයේ ඉදිරියෙන්ම සිටින රටක් වන බංග්ලාදේශයේ වසර 58 කට පසු උණුසුම්ම දිනය පසුගිය සෙ‌නසුරාදා සෙල්සියස් අංශක 40ක් ලෙස ඩකාහිදී වාර්තා විය. මේ සම්බන්ධයෙන් පරිසර, වන හා දේශගුණික විපර්යාස පිළිබඳ අමාත්‍යාංශයේ නිලධාරියෙකු පවසා තිබුණේ තාපය පහව නොයන්නේ නම්, ඇතැම් ප්‍රදේශවල උෂ්ණත්ව හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කරන බවයි.

අසාමාන්‍ය ලෙස උණුසුම් කාලගුණය පිළිබඳව තායිලන්තයේ සෞඛ්‍ය අනතුරු ඇඟවීම් ද ලබා දී ඇති අතර ඉදිකිරීම් කම්කරුවන් සහ ගොවීන් වැනි අය වෙනුවෙන් ආඝාත අවදානම ගැන සෞඛ්‍ය අමාත්‍යංශය අනතුරු ඇඟවීම් නිවේදනය කර තිබේ.

මීට අමතරව ජපානයේද උෂ්ණත්වය 30C ට වඩා ඉහළ ගොස් ඇති අතර, Kumamoto ප්‍රාන්තයේ Minamata 30.2C ලෙස වාර්තා වය.

සශිකලා මධුෂාණී_

Share

Recent Posts

දකුණු වියට්නාමයේ ජලාශයක මත්ස්‍යයින් විශාල සංඛ්‍යාවක් මිය යයි!

මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…

4 hours ago

ගිටාර් වීරයා DUANE EDDY ගිටාරය තනිකර ජීවන රිද්මයට තිත තබයි!

මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…

11 hours ago

බ්‍රසීලයට ගං වතුර, 10ක් මිය යයි!21ක් අතුරුදහන්

පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…

12 hours ago

කාන්තාවන් පිරිමින්ට වඩා වසර ගණනාවක් ජිවත්වන මුත් දිගුකාලින අසනීප තත්වයන්ගෙන් පෙළෙන බව අධ්‍යනයකින් හෙළි වේ

කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…

13 hours ago

චාලි මා හදවතෙහි ජීවත් ව හිඳී

උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!

14 hours ago

අවිහිංසාවාදී විශ්ව විද්‍යාල උද්ගොෂණයට පොලිසිය කඩා වැදීමත් සමඟ එක්සත් ජනපදයේ භාෂණයේ නිදහස පිළිබඳව ප්‍රශ්න මතු කෙරේ

එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.

14 hours ago

ට්‍රම්ප්ට ඇ. ඩොලර් 9,000 ක දඩයක්!

ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…

1 day ago

මයික්‍රොසොෆ්ට් ඉන්දුනීසියාවේ ඩොලර් බිලියන 1.7 ක් ආයෝජනය කරයි

මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…

1 day ago

දකුණු චීනයේ මාර්ගයක් කඩා වැටීමෙන් 19දෙනෙකු මිය යයි

ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.

1 day ago

කළු මුහුදේ වරාය නගරයක් වන ඔඩෙසා වෙත රුසියානු මිසයිල ප්‍රහාරයක්!

යුක්‍රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.

1 day ago

CLARA CHIZOBA තැබූ ගිනස් වාර්තාව!

වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…

1 day ago

සිරකරුවන් 118 දෙනකු පැන ගිහින්!

බන්ධනාගාර ගොඩනැඟිලිවලින් විශාල ප්‍රමාණයක් සහ එහි උස් තාප්පයේ කොටසක් කඩා වැටී ඇති අතර, සිරකරුවන් පලාගොස්…

1 day ago

ඉන්දුනීසියාවේ රුවන්ග් ගිනිකන්ද නැවත පුපුරා යයි

ගිනිකන්ද පුපුරා යාමත් සමඟ සුන්බුන් මුහුදට වැටී සුනාමියක් ඇති ව තිබේ.

1 day ago

2047 වන විට ඉන්දියාව ලෝකයේ තෙවන විශාලතම ආර්ථික බලවතා බවට පත්වේ

ඉන්දියාව පසුගිය වසරේ පස්වන විශාලතම ආර්ථිකය ලෙස එක්සත් රාජධානිය අභිබවා යන ලදී.

2 days ago

රෆා ප්‍රහාරය දියත් කරන බවට නෙතන්යාහු සහතික වේ

පලස්තීන ජනතාවගේ ඉතිහාසයේ විශාලතම ව්‍යසනය..

2 days ago