කලා

දූෂණය, ජාතිවාදී ප්‍රචණ්ඩත්වය එදාටත්, අදටත්, මතුවටත් වලංගු නෑ, ‘බුකර් ප්‍රයිස්’ ජයග්‍රාහක ෂෙහාන් කරුණාතිලකගෙන් ලාවට කනේ පහරක්!

2022 වර්ෂය සඳහා වූ බ්‍රිතාන්‍යයේ බුකර් ප්‍රයිස් (Booker Prize 2022) ත්‍යාගය ශ්‍රී ලංකා ලේඛක ෂෙහාන් කරුණාතිලක ලබා ගැනීමට සමත් වූ බව මීට ඉහත දී පුවතක් පළ වුනා. ඒ තමා විසින් රචිත “The Seven Moons of Maali Almeida” නම් කෘතිය වෙනුවෙන්.

මෙම ත්‍යාගය ෂෙහාන් වෙත ලබා දුන්නේ බ්‍රිතාන්‍යයේ රාජකීය අගමෙහෙසිය වන චාර්ල්ස් රජුගේ බිරිඳ කැමිලා විසින්.

1992 වසරේදී The English Patient චිත්‍රපටයෙන් ජයග්‍රහණය කළ මයිකල් ඔන්දාත්ජේ ට පසුව ෂෙහාන් බුකර් ප්‍රයිස් ත්‍යාගය හිමිකරගත් දෙවන කතුවරයා බවට පත්වීම ද විශේෂත්වයක්.

බුකර් ප්‍රයිස් ත්‍යාගයේ වටිනාකම පවුම් පනස් දහසක්. එය ශ්‍රී ලංකා රුපියලට හැරෙව්වොත් වත්මන් විදේශ විනිමය අනුපාත අනුව රු. මිලියන 20 කට අධික මුදලක්.

රාජකීය අගමෙහෙසිය අතින් තම ත්‍යාගය ලබා ගැනීමට වේදිකාවට නැඟි ෂෙහාන් ප්‍රේක්ෂකාගාරය සිනා සයුරේ ගිල්වමින් උත්ප්‍රාසය හැඟවෙන පරිද්දෙන් ජූරියෙන් අසා සිටියේ බ්‍රිතාන්‍යයේ ස්ටර්ලිං පවුම ශ්‍රී ලංකා රුපියලට වඩා ඉහළ මට්ටමක පවතින බැවින් තමාට ලැබෙන ත්‍යාගය ක්‍රිප්ටෝ මුදල් වලින් ලබා ගත නොහැකි ද යන්නයි.

ඇසූ සැනින් එහි හාස්‍ය ස්වරයට මුවගට සිනහවක් පැමිණිය ද, තම ත්‍යාගය ලබා ගැනීමේදී ෂෙහාන් සිදුකළ කතාව තුළ විශාල අර්ථයක් ගැබ්ව තිබූ බව මගේ අදහසයි.

මෙරට 30 වසරක සිවිල් යුද්ධයක් පැවතියා. ඉන් සිංහල, දමිළ ඇතුළු බොහෝ ජනකාණ්ඩ අනේකවිධ දුක් වින්දා. ෂෙහාන්ගේ “The Seven Moons of Maali Almeida” කෘතිය පාදක කර ගන්නේ මෙරට ඉතිහාසයේ කුරිරුම යුගයක් වූ 88-89 කාලවකවානුව. මෙම කාලසීමාව තුළ කොටි ත්‍රස්තවාදයට අමතරව රාජ්‍ය ත්‍රස්තවාදය ක්‍රියාත්මක වූ බවට නොරහසක්. ඒ ගැන විවිධ පාර්ශවයන්ට විවිධ අර්තකථන ඇති. නමුත් එම වකවානුව තුළ ශ්‍රී ලංකාව තුළ ජීවත් වූ තරුණයකු ලෙස ෂෙහාන් මෙම රාජ්‍ය ත්‍රස්තවාදයේ, හෝ රාජ්‍ය ත්‍රස්තවාදයට එරෙහිව කටයුතු කළ පාර්ශවයන්ගේ සහ කොටි ත්‍රස්තවාදයේ ක්‍රියාකලාපය මත ජීවිතයට සමුදීමට සිදුවූ සමාජ ක්‍රියාධාරයන්, දේශපාලඥයන් සහ මාධ්‍යවේදීන් පිළිබඳව තම ස්තූති කතාවේදී සිහිපත් කරනවා.

ෂෙහාන් ප්‍රධාන චරිත තුනක් මෙම කතාව ඔස්සේ මතුකරනවා. ඒ මෙරට සිටි කීර්තිමත්ම සමාජ ක්‍රියාකාරීන් සහ මාධ්‍යවේදීන් ත්‍රිත්වයක් වන මෙකී රාජ්‍ය ත්‍රස්තවාදය හෝ කොටි ත්‍රස්තවාදය හමුවේ ජීවිතයෙන් සමුගත් රිචර්ඩ් ද සොයිසා, ආචාර්ය රජිණි තිරණගම, සහ දයා පතිරණ යි.

“The Seven Moons of Maali Almeida යනු සිවිල් යුද්ධය පැවති සමය අධිස්වභාවික මුහුණුවරකින් ඉදිරිපත් කළ කෘතියක්, එබැවින් එය කෙදිනක හෝ පොත්සැල් වල ෆැන්ටසි රාක්කයේ තබාවි… එය මකරුන් සහ කඟවේනුන් අතර සිටීවි.. එහෙත් එය දේශපාලනික හෝ යතාර්ථවාදී පණිවිඩයක් සඳහා වටහා නොගනීවි.. මාගේ පණිවිඩය වන්නේ දූෂණය හෝ ජාතිවාදය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය කිසිදිනක වැඩ නොකළ බවත් එය මතුවට ද වැඩ නොකරනු ඇති බවත් ය…”

ෂෙහාන්ගේ උත්ප්‍රාසජනක කතාව අවසානයේ හැඟීම්බරව ඉංග්‍රීසියෙන් මතුකළ වැදගත්ම පණිවිඩය එයයි. එතැනින් නොනැවතී තමා ඉදිරියේ සිටින්නේ බ්‍රිතාන්‍ය ජාතික ප්‍රේක්ෂකාගාරයක් වූව ද සෘජුවම ශ්‍රී ලාංකිකයන් අමතමින් ෂෙහාන් සිංහලෙන් පවසා සිටියේ මෙවැන්නකි.

“මේ පොත මං ඔයගොල්ලන්ට ලිව්වේ.. මේක දිනුමක්, රට පරාජය වෙලා ඉන්න කාලෙක මේක දිනුමක්. ළඟදී අපි නැමීබියාවට පැරදුනා.. කමක් නෑ.. අද ලංකාවේ මිනිස්සු හුඟක් දුක් විඳිනවා. ඒ දුක් විඳින්න මට ආයුධ නෑ. ඒත් මේ ජයග්‍රහණය අපි පිළිගමු. දැන් අපි ලෝක ටී-20 කුසලානය දිනාගමු. ඇයි බැරි?”

එතැනින් ද නොනැවතී ඊට අදාළ දමිළ පරිවර්තනයක් ද ෂෙහාන් ලබා දෙනවා.

“The Seven Moons of Maali Almeida” කෘතියේ ෆැන්ටසි තේමාව පිටුපස තිබෙන සමාජ දේශපාලනික යතාර්ථය අවබෝධ කර ගැනීමට එය කියවිය යුතුම වනවා. ප්‍රේක්ෂකාගාරය ද සිනා සයුරේ ගිල්වමින් මෙකී දූෂණයෙන් සහ ජාතිවාදී ප්‍රචණ්ඩත්වයෙන් ශ්‍රී ලංකාවට කිසිදාක ගොඩ යා නොහැකි බව හඟවමින් ෂෙහාන් ලාවට එල්ල කළ කනේ පහර කනේ පහරක් බව කී දෙනෙකුට ද දැනුනා ද යන්න මා දන්නේ නැහැ.

නමුත් මට නම් එය හොඳින්ම වැදුනා..

ඡායාරූපය: ඩේලි ඕ

Share

Recent Posts

ඇෆ්ගනිස්ථාන ප්‍රහාරයකින් ස්පාඤ්ඤ සංචාරකයින් තිදෙනෙකු මරුට

ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකු භාරගෙන නැත.

4 hours ago

ලෝකයේ අංක එකේ ගොල්ෆ් ක්‍රීඩක ස්කොටී ෂෙෆ්ලර් අත්අඩංගුවට

කෙන්ටකි හි ලුයිස්විල් හි පැවති PGA ශූරතාවලියෙන් පිටතදී ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.

17 hours ago

සමහර අසනීපයන්ට වගකිවයුතු ද්‍රව පරපෝෂිතයා – Cryptosporidium

සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Cryptosporidium යනු මිනිසුන්ට සහ සමහර…

19 hours ago

සංක්‍රාන්ති ලිංගිකයන් ‘මානසික රෝගීන්’ ලෙස පේරු හි නිල වශයෙන් පවසයි!

රජය පැවසුවේ මෙම නියෝගය LGBTQ පුද්ගලයින් අතර අමනාපයක් ඇති කරන නමුත් ඔවුන් කිසිදු විකල්ප ප්‍රතිකාරයකට…

20 hours ago

Baby Reindeer හි මාර්තා චරිතයෙහි සැබෑ කතා නායිකාව පිළිබඳ ආන්දෝලනයක්!

සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Netflix හි නවතම කතා මාලාවක්…

21 hours ago

tortilla chip අභියෝගයකට මුහුණ දුන් 14 හැවිරිදි දරුවකු හෘදයාබාධයකින් මරුට

වෙළඳසල්වල රාක්ක වලින් මේ වන විට ඒවා ඉවත් කරමින් තිබේ.

1 day ago

ප්‍රංශයේ නව කැලිඩෝනියාහි කෝලහාල තත්වයක්; හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කෙරේ

අගනුවර වන නූමියා යනු කැරලිකරුවන් සිය ගණනක් සිටින ප්‍රදේශයක් වන අතර ඔවුන් තවදුරටත් ප්‍රචණ්ඩක්‍රියා සිදු…

1 day ago

කිසිවක් නොකර සිටීමට හොඳම කවුදැයි බැලීමට දකුණු කොරියානුවන් අතර තරඟයක්

මෙවර 4,000කට අධික පිරිසක් මෙම තරඟය වෙනුවෙන් ඉල්ලුම් කර ඇති අතර ඉන් සුදුසුකම් ලබා ඇත්තේ…

1 day ago

එක්සත් රාජධානිය ඉන්දිය කුළුබඩු දැඩි පරික්ෂාවකට ලක් කරයි

ලොව විශාලතම කුළුබඩු අපනයනකරු, පාරිභෝගිකයා සහ නිෂ්පාදකයා වන ඉන්දියාව වේ.

2 days ago

චීන ජනාධිපතිවරයා පුටින්ව හරසරින් පිළිගනියි

මෙම හමුව මේ වන විට එක්සත් ජනපදය ඇතුළු ලෝකයේම අවධානයට ලක්ව ඇත.

2 days ago

ROBERT FICO ගේ තත්ත්වය නරක අතට!

එරට  ආරක්ෂක අමාත්‍ය රොබට් කලිනක් පැවසුවේ අගමැතිවරයාට ශල්‍යකර්මයක් සිදු කළ බවයි.කෙසේ වුවද  ඔහුගේ  තත්වය බරපතල…

2 days ago

ට්‍රම්ප් හා බයිඩන් ප්‍රසිද්ධ විවාදයකට සුදානමින්

එළඹෙන නොවැම්බර් මැතිවරණයට පෙර ඇමරිකානු ජනතාවට අපේක්ෂකයින්ගෙන් වැඩි යමක් ඇසීමට අවස්ථා වක් තිබිය යුතුය.

2 days ago

ස්ලෝවැක් අගමැතිවරයා වෙඩි ප්‍රහාරයකට ලක්වේ

වෙඩි තැබූ බව කියන පුද්ගලයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

3 days ago

බයිඩන් චීනයේ විදුලි වාහන සඳහා 100%ක තීරු බද්දක් පනවයි

සටහන: සශිකලා මධුෂාණි,මැයි 15,ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් එරට නිෂ්පාදකයන් ලාභදායි ආනයන…

3 days ago