එසැණ පුවත්

ප්‍රියන්ත කුමාර ඝාතනය: හය දෙනෙකුට මරණ දණ්ඩනය, හත් දෙනෙකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

පකිස්තානයේ සියල්කොට් හි සිටි ශ්‍රී ලාංකික පුරවැසියකු වූ ප්‍රියන්ත කුමාර මහතා අමානුෂික ලෙස ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ බවට චෝදනා ලැබූ පුද්ගලයන් සය දෙනෙකුට මරණ දණ්ඩනය නියම කිරීමටත්, සත් දෙනෙකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ලබා දීමටත් පකිස්තානයේ ත්‍රස්තවාදය වැළැක්වීමේ අධිකරණයක් විසින් නියම කර තිබේ.

ප්‍රියන්ත කුමාර ඝාතනයට අදාළව පුද්ගලයන් 89 දෙනෙකුට එරෙහිව අධිචෝදනා ගොනු කර තිබූ අතර, ඔවුන්ගෙන් නම දෙනෙකුම බාලවයස්කාර පුද්ගලයන් විය.

ඔවුන්ගෙන් සත් දෙනෙකුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම වී ඇති අතර, පුද්ගලයන් 76 දෙනෙකුට වසර දෙකක සිර දඬුවමක් නියම වී ඇත.

ගුජ්රන්වාලා හි විශේෂ ත්‍රස්තවාදය වැළැක්වීමේ අධිකරණයේ විනිසුරු නතාෂා නසීම් විසින් ලාහෝර් හි කොට් ලක්පට් බන්ධනාගාරයේදී මෙම ඝාතන නඩුව විභාග කළ අතර, ඊයේ (18) දින මීට අදාළ තීන්දුව ප්‍රකාශයට පත්කර ඇත.

කෙසේවෙතත්, මෙම සිදුවීමට අදාළ බාලවයස්කාර සැකකරුවන් නම දෙනා සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ගය කුමක්ද යන්න විනිසුරු විසින් ප්‍රකාශයට පත් කර නැති බවයි වාර්තා වන්නේ. ඔවුන්ට අදාළ නඩුකරය තවමත් ක්‍රියාත්මක වේ.

සියල්කොට් නගරයේ කර්මාන්ත ශාලාවක නිශ්පාදන කළමනාකරවරයකු ලෙස සේවය කළ 49 වියැති ප්‍රියන්ත කුමාර මහතා ආගමට අපහාස කළ බවට චෝදනා නඟමින් ආගමික අන්තවාදී කණ්ඩායමක් විසින් ඔහුට දරුණු ලෙස පහර දී ගිනි තබා ඝාතනය කිරීම සිදුවූයේ ඉකුත් දෙසැම්බර් 03 වන දින ය. මෙම සිදුවීම සජීවීව පටිගත කළ වීඩියෝ පට සමාජ මාධ්‍ය වල හුවමාරු විය.

එවකට පකිස්තානයේ අග්‍රාමාත්‍ය වූ ඉම්රාන් ඛාන් මහතා මෙම දරුණු ඝාතනය තරයේ හෙලාදුටු අතර, සිදුවීමට අදාළව යුක්තිය ඉෂ්ට කරන බවට පොරොන්දු වී තිබිණි.

Share

Recent Posts

බ්‍රසීලයට ගං වතුර, 10ක් මිය යයි!21ක් අතුරුදහන්

පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…

35 mins ago

කාන්තාවන් පිරිමින්ට වඩා වසර ගණනාවක් ජිවත්වන මුත් දිගුකාලින අසනීප තත්වයන්ගෙන් පෙළෙන බව අධ්‍යනයකින් හෙළි වේ

කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…

1 hour ago

චාලි මා හදවතෙහි ජීවත් ව හිඳී

උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!

2 hours ago

අවිහිංසාවාදී විශ්ව විද්‍යාල උද්ගොෂණයට පොලිසිය කඩා වැදීමත් සමඟ එක්සත් ජනපදයේ භාෂණයේ නිදහස පිළිබඳව ප්‍රශ්න මතු කෙරේ

එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.

2 hours ago

ට්‍රම්ප්ට ඇ. ඩොලර් 9,000 ක දඩයක්!

ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…

16 hours ago

මයික්‍රොසොෆ්ට් ඉන්දුනීසියාවේ ඩොලර් බිලියන 1.7 ක් ආයෝජනය කරයි

මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…

19 hours ago

දකුණු චීනයේ මාර්ගයක් කඩා වැටීමෙන් 19දෙනෙකු මිය යයි

ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.

20 hours ago

කළු මුහුදේ වරාය නගරයක් වන ඔඩෙසා වෙත රුසියානු මිසයිල ප්‍රහාරයක්!

යුක්‍රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.

21 hours ago

CLARA CHIZOBA තැබූ ගිනස් වාර්තාව!

වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…

21 hours ago

සිරකරුවන් 118 දෙනකු පැන ගිහින්!

බන්ධනාගාර ගොඩනැඟිලිවලින් විශාල ප්‍රමාණයක් සහ එහි උස් තාප්පයේ කොටසක් කඩා වැටී ඇති අතර, සිරකරුවන් පලාගොස්…

21 hours ago

ඉන්දුනීසියාවේ රුවන්ග් ගිනිකන්ද නැවත පුපුරා යයි

ගිනිකන්ද පුපුරා යාමත් සමඟ සුන්බුන් මුහුදට වැටී සුනාමියක් ඇති ව තිබේ.

22 hours ago

2047 වන විට ඉන්දියාව ලෝකයේ තෙවන විශාලතම ආර්ථික බලවතා බවට පත්වේ

ඉන්දියාව පසුගිය වසරේ පස්වන විශාලතම ආර්ථිකය ලෙස එක්සත් රාජධානිය අභිබවා යන ලදී.

1 day ago

රෆා ප්‍රහාරය දියත් කරන බවට නෙතන්යාහු සහතික වේ

පලස්තීන ජනතාවගේ ඉතිහාසයේ විශාලතම ව්‍යසනය..

1 day ago

G7 කණ්ඩායම දේශගුණික විපර්යාස පාලන කිරීම සම්බන්ධයෙන් දැඩි තීරණයක!

G7 කණ්ඩායමට කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ජපානය, බි්‍රතාන්‍ය සහ අමෙරිකාව යන රටවල් අයත් වන අතර මෙම…

2 days ago

සීතල යුද්ධයට විරාමයක්!

දින 40ක සටන් විරාමයක් සම්බන්ධයෙන් ඊශ්‍රායලයේ පාර්ශවයෙන් සුභවාදී ප්‍රතිචාරයක් පළවීමත් සමඟ එම සැනසිලිදායක තත්ත්වය මොහොතකට…

2 days ago