The Untold Story චිත්‍රපටයෙ මහේන්ද්‍ර සිං දෝනිගේ චරිතයට පණ පොවමින් අතිවිශිෂ්ට රංගනයක නිරත වූ සුෂාන්ත් සිංගෙ මරණය සියදිවි නසා ගැනීමක් ද? එහෙමත් නැත්නම් ඝාතනයක් ද?
සුෂාන්ත්ගේ මරණය පිළිබඳ පුවත ඒවිදිහට යළිත් කරළියට එන්නේ, පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දේහය රැගෙන ගිය රෝහලේ මෘත ශරීරාගාරයේ සේවකයෙකු කළ ආන්දෝලාත්මක ප්‍රකාශයක් සමගයි.
රූපකුමාර් නමැති අදාළ සේවකයා ඉන්දීය මාධ්‍ය වෙත පවසා ඇත්තේ, සුෂාන්ත්ගේ මරණය සියදිවි නසා ගැනීමක් නොව ඝාතනයක් බවයි.
2020 ජුනි 14 වැනිදා නිවසේ මිය ගොස් සිටියදි සොයා ගැනුණු සුෂාන්ත්ගේ දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා රැගෙන ගොස් තිබුණේ, මුම්බායි හි රෝහලක් වෙතයි.
එම අවස්ථාවේ සුෂාන්ත්ගේ මරණය වාර්තා වූයේ, සියදිවි නසා ගැනීමක් ලෙසයි.
සුෂාන්ත්ගේ මරණය සම්බන්ධයෙන් මෙලෙස ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කළ රූපකුමාර් පවසන්නේ, අදාළ දිනයේ තමන් මෘත ශරීරාගාරයේ සේවය කළ බවයි.
නළුවාගේ සිරුරේ සහ බෙල්ලේ සලකුණු කිහිපයක් තිබෙනු තමන් නිරීක්ෂණය කළ බව ඔහු පවසයි.
“පශ්චාත් මරණ පරීක්ෂණය කරන්න ගියාම තමයි දැනගත්තෙ, එයා සුෂාන්ත් කියලා. එයාගේ අවස්ථාව ආවේ රෑ 11.00 ට විතර. ඒක සියදිවි නසාගැනීමක් කියලා ඇතුළෙ කතා වුණා. මට අවුරුදු 28ක අත්දැකීමක් තියෙනවා, ඒක සියදිවි නසාගැනීමක් ද? නැද්ද කියලා සිරුරක් දිහා බැලුවම තේරුම් ගන්න පුළුවන්. සුෂාන්ත්ගේ මරණය දැක්කම ඒක සියදිවි නසාගැනීමක් කියලා පෙනුණේ නැහැ. තුවාල සලකුණු තිබුණා. මම මගේ ජ්‍යෙෂ්ඨ නිලධාරියට මේ ගැන කිව්වා. නමුත් ඔහු කිව්වා අපි ඒක පස්සෙ, සාකච්ඡා කරමු, කියලා”
මේ පුවත කන වැකීමත් සමග ඔහුගේ සොයුරිය ඉන්දීය ආරක්ෂක අංශවලින් ඉල්ලා සිටින්නේ මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදු කළ යුතු බවයි.
ඉදිරි දින කිහිපයේ දී බොලිවුඩ් ලෝකය මේ ගැන අවධානයෙන් පසුවේවි.
රෂිකා හෙන්නායක
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…
කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…
උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!
එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.
ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…
මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…
ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.
යුක්‍රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.
වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…