තායිවාන ජනපතිනී සායි ඉන්-වෙන්, තායිවානයේ නිෂ්පාදිත ප්‍රථම කෝවිඩ් එන්නත ලබාගත්තාය. ඒ සමගම, එය මහජනතාව වෙත ලබාදීම ද ක්‍රියාත්මක වනු ඇති.
Medigen Vaccine Biologics Corp. සමාගම විසින් දේශීය වශයෙන් නිෂ්පාදනය කළ එකක් වන එය, ජූලි මාසයේදී හදිසි භාවිතය සඳහා අනුමැතිය ලබාගත්තේය. එය හැඳින්වෙන්නේ මෙම සමාගමේ නමින්, එනම් ‘මෙඩිගන්‘ යනුවෙනි.
තායිවාන වෛද්‍ය සහ විද්‍යා ප්‍රජාව මෙයට මුලින් දැඩි විරෝධයක් පළ කළත් කෙසේ හෝ තායිවානයේ ඖෂධ පාලක අධිකාරිය කෙටි ක්‍රමයක් හරහා එයට අනුමැතිය ලබාදුන් බව ද සඳහන්.
එනම්, මෙම එන්නත සම්බන්ධයෙන් දීර්ඝ කාලීන අතුරු ආබාධ ගැන පරීක්ෂණ පවත්වා නැත. ඒ වෙනුවට ඔවුන් කර තිබෙන්නේ, මෙඩිගන් වැක්සිනය මගින් ඇස්ට්‍රා සෙනිකා එන්නත තරමටම ශරීරය තුළ ප්‍රතිදේහ නිපදවෙන බව සනාථ කිරීමයි.
මෙඩිගන් වැක්සිනය, මාත්‍රා දෙකකින් ලබාදිය යුතුය.
පසුගිය සිකුරාදා දිනය වන විට තායිවානයේ මිලියන 23 ක් වන ජනගහනයෙන් 40%ක් අවම වශයෙන් එක් කෝවිඩ්-19 වැක්සියක්වත් ලබාගෙන තිබිණි. පසුගිය මැයි මාසයේ පැවති 5%ක ප්‍රතිශතය සමග සසඳා බලන විට එය විශාල දියුණුවකි.
තායිවානය මෙඩිගන් වැක්සිනය වෙත යන්නේ ජපානයෙන් සහ ඇමරිකාවෙන් දළ වශයෙන් වැක්සින් මාත්‍රා මිලියන 5 ක් පරිත්‍යාගයක් ලෙස ලබාගැනීමේ හැකියාව තිබියදීය.
මෙඩිගන් වැක්සිනයේ හොඳ-නරක පිළිබඳ සංවාදය අනාගතයට නියමිත කාරණයක් වුවත්, තායිවාන ජනපතිනියගේ අවංක කම නම් අප අගය කළ යුතුය. ලංකාවේ බහුතර ජනතාවට ලබාදෙන සයිනොෆාම් චීන වැක්සිනය, රටේ නායකයා ඇතුළු ජන නායකයන් විසින් ලබාගත් අවස්ථා ඔබ දැක තිබේද? ඒ අතින් නම්, මේ ජනපතිනියගෙන් ඉගෙන ගන්නට දෙයක් තිබේ.
තායි ජනපතිනිය එන්නත ලබාගත් අවස්ථාව (AP)
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…
කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…
උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!
එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.
ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…
මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…
ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.
යුක්රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.
වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…
බන්ධනාගාර ගොඩනැඟිලිවලින් විශාල ප්‍රමාණයක් සහ එහි උස් තාප්පයේ කොටසක් කඩා වැටී ඇති අතර, සිරකරුවන් පලාගොස්…
ගිනිකන්ද පුපුරා යාමත් සමඟ සුන්බුන් මුහුදට වැටී සුනාමියක් ඇති ව තිබේ.
ඉන්දියාව පසුගිය වසරේ පස්වන විශාලතම ආර්ථිකය ලෙස එක්සත් රාජධානිය අභිබවා යන ලදී.