වසර 17ක් තිස්සේ පැවති ඇෆ්ගනිස්ථාන යුද්ධය නිමා කිරීමේ අරමුණින් ඇමරිකාව සහ තලෙයිබාන් සංවිධානය අතර දින 6ක දීර්ඝ සාකච්ඡාවක් පසු ගියදා පැවැත්විණි
දෙපාර්ෂවයේම නියෝජිතයින් කටාරයේදී හමුවූ අතර පැවි සාකච්ඡාව සාර්ථක වූ බව දෙපාර්ෂවයෙන්ම අදහස් පළ වෙමින් තිබේ.
සාකච්ඡා සදහා ඇමරිකා එක්සත් ජනපදය නියෝජනය කරමින් පැමිණි සාල්මේ ඛලීල්සාද් ට්විටර් පණිවිඩ නිකුත් කරමින් දන්වා සිටියේ මෙතෙක් පැවති සාකච්ඡා වටවලට වඩා මෙවර සාකච්ඡා ඵලදායී බවයි.
තලෙයිබාන් සංවිධානයද ප්‍රකාශ කර ඇත්තේ සාකච්ඡා වලදී යම් යම් එකගතාවන්ට පැමිණි බවය.
මේ වන තෙක්ම තලෙයිබාන් සංවිධානය ඇෆ්ගනිස්ථාන රජය සමග සාකච්ඡා කිරීම ප්‍රතික්ෂේප කරමින් සිටින්නේ ඇෆ්ගන් රජය යනු රූකඩ යැයි අර්ථ දක්වමිනි. ඔවුන් පවසන්නේ තමන් ඇෆ්ගනිස්ථාන රජය හා සාකච්ඡා අරඹන්නටනම් ඇමරිකානු හමුදා ඇෆ්ගනිස්ථානයෙන් පිටත් තර හැරිය යුතු බවයි. ඉන් පසු පමණක් තමන් ඇෆ්ගන් රජය සමග සාකච්ඡා කිරීමට එකග බව තලෙයිබාන් සංවිධනාය ප්‍රකාශ කර ඇත.
එමෙන්ම මින් ඇෆ්ගනිස්ථානයෙන් ඇමරිකා සෙබළුන් ඉවත් වූ පසු අල් කයිඩා ඇතුළු අනෙකුත් ඉස්ලාම් සංවිධාන ඇමරිකාවට විරුද්ධව ඇෆ්ගනිස්තාන කටයුතු කිරීමට ඉඩ නොදෙන බවට ඔවුන් සූදානමින් සිටී.
පසුගිය සිකුරාදා ඇෆ්ගනිස්ථාන ජනපති අෂ්රෆ් ගානි පවසා සිටියේ 2014 වසරේ සිට මෙම යුද්ධය හේතුවෙන් එරට ආරක්ෂක අංශ සාමාජිකයින් 45000කට වඩා මරා දමා ඇති බවයි. ඔහුට අනුව පසුගිය වසරේදී පමණක් ඇෆ්ගන් යුද්ධයෙන් මිය ගිය සෙබළුන්ගේ ගණන විසි අට දහසකි.
එමෙන්ම එරට ජනතාවගෙන් හරි අඩක් එනම් මිලියන 15ක් තලේබාන් පාලනය පවතින ප්‍රදේශ වල ජීවත් වන බවද ඒ හේතුවෙන් ඔවුන් යුධ ප්‍රහාර වලට මුහුණ දෙමින් අනතුරු දායක ජීවිත ගත කරන බවටද ප්‍රකාශ කලේය.
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…
කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…
උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!
එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.
ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…
මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…
ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.
යුක්‍රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.
වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…
බන්ධනාගාර ගොඩනැඟිලිවලින් විශාල ප්‍රමාණයක් සහ එහි උස් තාප්පයේ කොටසක් කඩා වැටී ඇති අතර, සිරකරුවන් පලාගොස්…