යුක්රේන යුද්ධය වෙනුවෙන් උතුරු කොරියානු ආයුධ සැපයීම ඇතුළු ප්‍රධාන කාරණාවන් රැසක් පිළිබඳව සාකච්ජා කිරිමටට උතුරු කොරියානු ජනාධිපති කිම් ජොන්-උන් සිය අතිජාත මිත්‍ර රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් හමුවීමට රුසියාව බලා සිය වෙඩි නොවදින දුම්රියෙන් ගොස් ඇතිබව වාර්තා වෙමින් තිබේ.
මේ සාකච්ජාව තියෙන්නේ, කොස්මොඩ්‍රෝම් වල. ඒ ක්රමිලනයට 213 KM ඈතින්. සිය සගයා පිළිගන්න පුටින් තකහනියෙම එහෙ ගිය බව තමි TASS පුවත් සේවය වාර්තා කරන්නේ.
මේ වන විට පුටින්ට එරෙහිව පසුගිය මාර්තු මාසයේ සිට යුධ අපරාධ හේතුවෙන් බලපැවැත්වෙන ජාත්‍යන්තර අපරාධ නිතිය යටතේ ඕනෑම මොහොතක රුසියානු දේශ සිමාවෙන් පිටත අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත්කර ඇති බැවින් කාලෙකින් තමන් බලන්න එන අමුත්තා පිළිගන්න පුටින් දොර ළඟටම ගිහින් පාවඩ එලුවා වෙන්න පුළුවන්. මොකද , මේ නිතිය හින්දම වීරයා පසුගිය සතියේ ඉන්දියාවේ පැවැත්වුණු G20 සමුලුවටවත් ගියෙත් නැහැ.
ජාත්‍යන්තර වශයෙන් බොහෝ විශ්ලේෂකයන් කියන්නේ පුටින් හරි පවු කියලා කිම් ජොන්-උන් වගේ කෙනෙක්ගෙන් උදවු ඉල්ලන්න තරම්. හැබැයි එයාලම කියනවා මේ වෙනුවෙන් ප්‍රති උපකාර විදිහට උතුරු කොරියාව ආහාර හෝ බලශක්ති ආධාර වගේම රොකට් තාක්ෂණය ගැන අලුත් දැනුම ඉල්ලයි කියලා.
යුක්රේනයේ මාස 18ක් පුරා පැවැත්වෙන සටන් හේතුවෙන් රුසියාව අගාධයකට වැටි ඇති බව නම් මේ වෙද්දී නොරහසක්. ජාත්‍යන්තර සම්භාදක හින්දම සිය ආනයනික භාණ්ඩ වන තිරිඟු පිටි, පොහොර ඇතුළු බොහෝ දේවල් රට ඇතුලෙම හිරවෙලා. ආර්ථික වශයෙන් නම් පුටින් වැටිලා නැති උනත් තත්වය බරපතලයි.
කිම් පුටින් බලන්න යන්න ඉන්නවග ඇමරිකාවේ බුද්ධි අංශ වාර්තා කරේ ගිය සතියේ. හිතුවක්කාරයෝ දෙන්නා හම්බෙන්නෙම බයිඩන් ඇතුළු යුරෝපා සංගමේ රටවල්වල කනස්සල්ල මැද,
මේ ගැන උතුරු කොරියානු රාජ්‍ය මාධ්‍ය වාර්තා කලේ, ‘රුසියාව තම ස්වෛරීභාවය සහ ආරක්ෂාව ආරක්ෂා කිරීම සඳහා පූජනීය සටනකට නැගී සිටින බවත්, ජනාධිපති පුටින්ගේ සහ රුසියානු නායකත්වයේ තීරණවලට සහය ලබා වෙන බවට උතුරු කොරියානු ජනාධිපතිවරයා තහවුරු කරලා ඇති’ බව.
තත්වය මෙසේ හෙයින් මිත්‍රවරුනි මේකේ ප්‍රති විපාක ඉදිරියේදී අපි කාටත් ගෙවන්න වෙයි වගේ.
සශිකලා මධුෂාණි
මෙවර 4,000කට අධික පිරිසක් මෙම තරඟය වෙනුවෙන් ඉල්ලුම් කර ඇති අතර ඉන් සුදුසුකම් ලබා ඇත්තේ…
ලොව විශාලතම කුළුබඩු අපනයනකරු, පාරිභෝගිකයා සහ නිෂ්පාදකයා වන ඉන්දියාව වේ.
මෙම හමුව මේ වන විට එක්සත් ජනපදය ඇතුළු ලෝකයේම අවධානයට ලක්ව ඇත.
එරට ආරක්ෂක අමාත්‍ය රොබට් කලිනක් පැවසුවේ අගමැතිවරයාට ශල්‍යකර්මයක් සිදු කළ බවයි.කෙසේ වුවද ඔහුගේ තත්වය බරපතල…
එළඹෙන නොවැම්බර් මැතිවරණයට පෙර ඇමරිකානු ජනතාවට අපේක්ෂකයින්ගෙන් වැඩි යමක් ඇසීමට අවස්ථා වක් තිබිය යුතුය.
වෙඩි තැබූ බව කියන පුද්ගලයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
'ද ලයින්', මෝටර් රථවලින් තොර නගරයක්
සටහන: සශිකලා මධුෂාණි,මැයි 15,ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් එරට නිෂ්පාදකයන් ලාභදායි ආනයන…
චීනය බටහිරට එරෙහිව රුසියාව සමඟ “සීමා රහිත” සම්බන්ධතාවයක් ප්‍රකාශ කර ඇත.
මේවන විට පකිස්ථාන අගමැති ෂෙහ්බාස් ෂරීෆ් සඳුදා රුපියල් බිලියන 23 (ඩොලර් මිලියන 83; පවුම් මිලියන…
ප්‍රෙස් ට්‍රස්ට් ඔෆ් ඉන්දියා ප්රවෘත්ති ඒජන්සිය මේ සම්බන්ධයෙන් වාර්තා කර තිබුණේ මෙම දැන්වීම් පුවරුව ඉදිකිරිම…
ඩෙන්මාර්කය දෙවැනි තැනටත්, ස්වීඩනය හා නෙදර්ලන්තය තුන්වැනි හා සිව්වැනි ස්ථානවලට පත්වී ඇති අතර, ෆින්ලන්තය පස්වැනි…
මේ දක්වා ලෝක ප්‍රවාහන ක්ෂේත්රයේ නව පෙරළියක් සිදු කරමින් එම ටැක්සි සේවය ක්‍රියාත්මක වනු ඇතැයි ද…
රතු තොල් සායම් පමණක් නොව, ගෝලීය වශයෙන් ජනප්‍රිය විලාසිතා ද තහනම් කිරීමට උතුරු කොරියානු රෙජීමය…
රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් විසින් කැබිනට් සංශෝධනයක කොටසක් ලෙස Sergei Shoigu ආරක්ෂක අමාත්‍ය ධුරයෙන් ඉවත්…