දුටු පමණින් හදවත සලිතවන, දෙනෙත් කඳුළින් නොතෙමුණු කෙනෙකු සොයාගත නොහැකි තරමට ඛේදවාචකයක් දුටුවේ තුර්කියෙන් සහ සිරියාවෙනි. අම්මා එක්තැනක මියැදෙද්දී පියා තවත් තැනෙක දරුවන් සොයා දිව යද්දී දරුවන්ගේ සුන්බුන් වත් දැකගත නොහැකි දහස් පිරිස් අතරේ තම සොහොයුරාට කිසිදු අනතුරක් නොවී ඇසිපිය නොහෙළා පැය ගැණනාවක් නිරාහාරව සිට රැකගත් මේ පුංචි අක්කා සැබෑම සහෝදරියක්.
බිමට සමතලා වුණු නිවාසවල සුන්බුන් අතරේ සිරවුණු දරු දැරියන් මුදා ගන්නා හද කම්පා කරවන දසුන් විදෙස් මාධ්‍ය ඔස්සේත් සමාජ මාධ්‍ය ඔස්සේත් ප්‍රසිද්ධියට පත් වෙමින් තිබෙන මොහොතක අපට එය දසුනක් වූවාට එයට මුහුණ දී සිටින්නන් හට ජීව්තේ නැවත ඉපදීමක් වැනිය.
සුන්බුන් අතරේ සිරවී සිටින 7 හැවිරිදි සිරියානු දැරිය, ඇගේ කුඩා සොහොයුරා සුන්බුන්වලින් ආරක්ෂා කර ගනිමින් ඔහු තුරුලු කරගෙන සිටින අයුරු දරාගත නොහැකි වේදනාවක් ගෙනදෙන්නක් මෙන්ම දැරිය පිළිබඳ ඇතිවන්නේ වචන වලට ගලපා ගත නොහැකි අසීමිත සෙනෙහසකි. ඔවුන් මුදා ගැනීමට ආ දිවි ගලවා ගැනීමේ කණ්ඩායම විසින් එම දසුන් වීඩියෝ ගත කර ඇති අතර, ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්රෝස් ඇඩ්හොම් ගෙබ්‍රියේසිස් ද පවා එය Share කර ඇති අතර නිර්භීත දැරියට මාගේ හද පිරි ප්‍රණාමය යැයි ඔහු තම ට්විටර් පණිවිඩයක සටහන් තබා ඇත.
ස්වභාධහම විසින් දෙන දඬුවම් දරාගැනීමට අපහසු සේම ඒ වේදනාව වසර ගණනාවක් ජීවිත දසදහස් ගණන් කඳුලු සාඟරයක ගිල්වා කිසිවක් සිදු නොවූවා සේ ස්වභාධහම නිහඬව බලා සිටී….
රෂිකා හෙන්නායක
කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…
උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!
එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.
ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…
මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…
ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.
යුක්රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.
වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…
බන්ධනාගාර ගොඩනැඟිලිවලින් විශාල ප්‍රමාණයක් සහ එහි උස් තාප්පයේ කොටසක් කඩා වැටී ඇති අතර, සිරකරුවන් පලාගොස්…
ගිනිකන්ද පුපුරා යාමත් සමඟ සුන්බුන් මුහුදට වැටී සුනාමියක් ඇති ව තිබේ.
ඉන්දියාව පසුගිය වසරේ පස්වන විශාලතම ආර්ථිකය ලෙස එක්සත් රාජධානිය අභිබවා යන ලදී.
G7 කණ්ඩායමට කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ජපානය, බි්රතාන්ය සහ අමෙරිකාව යන රටවල් අයත් වන අතර මෙම…
දින 40ක සටන් විරාමයක් සම්බන්ධයෙන් ඊශ්‍රායලයේ පාර්ශවයෙන් සුභවාදී ප්‍රතිචාරයක් පළවීමත් සමඟ එම සැනසිලිදායක තත්ත්වය මොහොතකට…
ගාසා තීරයට මානුෂීය ආධාර වැඩි කිරීම, ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා වී…