ලොව යන අත

අපිට තව තියෙන්නේ අවුරුදු 10 යි! – දේශගුණික විපර්යාසයේ සැබෑ අවදානම IPCC හෙළි කරයි.

මේ වන විට ලෝකය සිටින්නේ මේ සම්බන්ධයෙන් අසාර්ථක වීමේ එළිපත්තේ ය. විශේෂයෙන්ම ගෝලීය උණුසුම ඉහළ යාම පාලනය කර ගැනීමට ලෝකය අසමත් වී සිටින අතර, ඉදිරි දශකය තුළ කාබන් ඩයොක්සයිඩ් විමෝචනය පාලනය කර ගැනීමට අප අසමත් වුවහොත්, මේ ලෝකය, මීට වඩා බෙහෙවින් නරක තැනක් බවට පත්වීමට නියමිත ය.

ලෝකයේ දෙවැනි විශාලතම කාබන් ඩයොක්සයිඩ් විමෝචකයා වන්නේ ඇමරිකා එක්සත් ජනපදයයි. ගෝලීය උණුසුමට දායක වීමේ ආදිනව මේ වන විට ත් ඔවුහු ටිකෙන් ටික අත් විඳිමින් සිටිති. ඔබාමා යුගයේදී මුලපිරූ 2015 පැරිස් සම්මුතිය ප්‍රකාරව කටයුතු කිරීමට ඇමරිකාවේ ට්‍රම්ප්, විවෘත ලෙසම විරෝධය පළ කර තිබේ.

මානව ශිෂ්ටාචාරය පෙර නොවු විරූ අර්බුදයකට ලක් වීම නතර කරගැනීමට නම් වහාම දෙයක් කළ යුතුව ඇත.

දේශගුණික විපර්යාස පරාජය කිරීම සඳහා වැඩ කිරීම වෙනුවෙන් නොබෙල් සාම ත්‍යාගය ද දිනා සිටින අන්තර් රාජ්‍ය දේශගුණික වෙනස පිළිබඳ අන්තර් රාජ්‍ය පැනලය U.N. Intergovernmental Panel on Climate Change (IPCC) විසින් පළ කළ අලුත්ම පර්යේෂණ වාර්තාව මගිනි.

රාජ්‍යයන්ගේ වගකීම

‘‘2015 පැරිස් සම්මුතියේදී කතා කර ගත් ආකාරයට සෙල්සියස් අංශක 1.5 කින් ගෝලීය උෂ්ණත්වය පාලනය කර ගැනීමට කළ යුතු දේවල් මොනවාදැයි පූර්වාදර්ශ නැහැ. විශේෂයෙන්ම බල ශක්තිය, ගමනාගමනය සහ අනෙක් ක්‍රමයන් තුළ සිදුකර ගත යුතු වෙනස්කම් මොනවාදැයි හරියටම කියන්නට පෙර අත්දැකීම් අපිට නැහැ. නමුත් එය කළ හැකි දෙයක්… උදාහරණයක් විදිහට කාබන් ඩයොක්සයිඩ් විමෝචනය අද දවසේ නතර වුණොත් මිහිතලය ඒ දක්වා රත්වීම නතර වෙනවා. මේ ඉලක්කය අපට අතහැර ගන්නට බැහැ..“ යැයි එම සංවිධානයේ පාරිසරික විශේෂඥයෝ අවධාරණය කළහ.

‘‘අපි මේ පණිවුඩය ලෝකයේ රාජ්‍යයන් වෙත ලබාදී තිබෙනවා. දැන් එය ඔවුන්ගේ වගකීම.“ යැයි IPCC හි සම සභාපති ජිම් එස්කියා පැවසුවේය.

වසරකට ටොන් බිලියන 40 ක කාබන් ඩයොක්සයිඩ්

මේ වන විට ලෝකයේ වාර්ෂික කාබන් ඩයොක්සයිඩ් විමෝචනය වසරකට ටොන් බිලියන 40 ඉක්මවයි. එය වසර 2030 වන විට දැඩි සේ පාලනය කර ගත යුතුව තිබේ.

මීළඟ දශකය තුළ සමස්ත කාබන් ඩයොක්සයිඩ් විමෝචනය වසරකට ටොන් බිලියන 1කට වඩා අඩුකර ගත යුතුව ඇති බව ද එහිදී අවධාරණය කෙරිණි. ඒ අනුව වසර 2021 පටන් අවම වශයෙන් එය ටොන් බිලියන 39 ක් වත් විය යුතුය. එසේ නොවුණහොත් අදාළ ඉලක්ක වෙත ළඟා වීමට මානව වර්ගයා අසමත් වනු ඇත.

වසර 2050 වන විට මානවයා සම්පූර්ණයෙන්ම හෝ ඊට ආසන්න තත්වයකින් ගල් අඟුරු දහනය නතර කරගත යුතුව ඇති බව ද විශේෂඥයෝ පෙන්වා දෙති.

නරකම රටවල් 10

මේ වන විට ලෝකයේ කාබන් ඩයොක්සයිඩ් විමෝචනයට දායක වන ප්‍රධානතම රටවල් 10 සහ එ් එක් එක් රටක් මගින් විමෝචනය කරන කාබන්ඩයොක්සයිඩ් ටොන් ගණන පහත ප්‍රස්ථාරයේ දැක්වේ. මෙම ප්‍රස්ථාරයට අනුව කාබන්ඩයොක්සයිඩ් විමෝචනය හරහා මිහිතලය උණුසුම් වීමට වැඩිම දායකත්වය ලබාදෙන රටවල් වන්නේ, එනම්, වැඩිපුරම මිහිතලය උණුසුම් කරන රටවල් 10 පහත පරිදි වේ.

1. චීනය
2. ඇමරිකා එක්සත් ජනපදය
3. ඉන්දියාව
4. රුසියාව
5. ජපානය
6. ජර්මනිය
7. ඉරානය
8. සෞදි අරාබිය
9. දකුණු කොරියාව
10. කැනඩාව

ලෝකයේ කීර්තිමත්ම දේශගුණික විපර්යාස පැනලය වශයෙන් සලකන IPCC හි විද්‍යාඥයෝ 100කට අධික සංඛ්‍යාවක් කටයුතු කරති.

Share

Recent Posts

ඉන්දියාව මියන්මාර සරණාගතයින් පිටුවහල් කරයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…

6 hours ago

ඡන්ද මධ්‍යස්ථානයකින් ආපසු හරවා යැවු එංගලන්තයේ හිටපු අගමැති බොරිස් ජෝන්සන්!

විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…

7 hours ago

චීනය සඳ මත කඳවුරු බැඳීමේ මෙහෙයුම දියත් කරයි

මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…

7 hours ago

තුර්කිය ඊශ්‍රායලය සමඟ පැවති වෙළඳ සබඳතා අත්හිටුවයි

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…

8 hours ago

දකුණු වියට්නාමයේ ජලාශයක මත්ස්‍යයින් විශාල සංඛ්‍යාවක් මිය යයි!

මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…

23 hours ago

ගිටාර් වීරයා DUANE EDDY ගිටාරය තනිකර ජීවන රිද්මයට තිත තබයි!

මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…

1 day ago

බ්‍රසීලයට ගං වතුර, 10ක් මිය යයි!21ක් අතුරුදහන්

පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…

1 day ago

කාන්තාවන් පිරිමින්ට වඩා වසර ගණනාවක් ජිවත්වන මුත් දිගුකාලින අසනීප තත්වයන්ගෙන් පෙළෙන බව අධ්‍යනයකින් හෙළි වේ

කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…

1 day ago

චාලි මා හදවතෙහි ජීවත් ව හිඳී

උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!

1 day ago

අවිහිංසාවාදී විශ්ව විද්‍යාල උද්ගොෂණයට පොලිසිය කඩා වැදීමත් සමඟ එක්සත් ජනපදයේ භාෂණයේ නිදහස පිළිබඳව ප්‍රශ්න මතු කෙරේ

එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.

1 day ago

ට්‍රම්ප්ට ඇ. ඩොලර් 9,000 ක දඩයක්!

ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…

2 days ago

මයික්‍රොසොෆ්ට් ඉන්දුනීසියාවේ ඩොලර් බිලියන 1.7 ක් ආයෝජනය කරයි

මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…

2 days ago

දකුණු චීනයේ මාර්ගයක් කඩා වැටීමෙන් 19දෙනෙකු මිය යයි

ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.

2 days ago

කළු මුහුදේ වරාය නගරයක් වන ඔඩෙසා වෙත රුසියානු මිසයිල ප්‍රහාරයක්!

යුක්‍රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.

2 days ago

CLARA CHIZOBA තැබූ ගිනස් වාර්තාව!

වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…

2 days ago