උතුරු චීනයේ දරුවන් අතර පැතිර යන අද්භූත නියුමෝනියාවක් පිළිබඳ ජාත්‍යන්තර මාධ්‍ය වාර්තාකර තිබේ.
මෙය බොහෝ දුරට දරුවන් අතර පොකුරු වාර්තා වීමත් සමඟ එක්සත් ජාතීන්ගේ සෞඛ්‍ය ඒජන්සිය ප්‍රකාශයක් නිකුත් කරමින් කියා තිබුණේ, දරුවන් අතර ව්‍යාප්ත වන නියුමෝනියා තත්වයන් පිලිබඳ සවිස්තරාත්මක තොරතුරු බීජිං වෙතින් ඉල්ලා නිල ඉල්ලීමක් සිදු කළ බවයි.
තායිවාන මාධ්‍ය ආයතනයක් වන එෆ්ටීවී නිවුස් මේ සම්බන්ධයෙන් වාර්තා කළේ, බීජිං, ලියාඕනිං සහ උතුරේ අනෙකුත් ස්ථානවල ළමා රෝහල් අසනීප දරුවන්ගෙන් පිරී ඉතිරී ගොස් ඇති බවත්, බලධාරීන් වසංගතයක් වසන් කරමින් සිටින්නේද යන්න සැක කරන බවයි.
ලෝක සෞඛ්‍ය සංවිධානය චීනයේ ජනතාවගෙන් ඉල්ලා සිටියේ එන්නත් යාවත්කාලීන කිරීම, වෙනත් පුද්ගලයින්ගෙන් දුරස්ථව සිටීම, අවශ්‍ය විට මුහුණු ආවරණ පැළඳීම සහ අසනීප වූ විට නිවසේ රැඳී සිටීම ඇතුළු ශ්වසන ආසාදනයක් වැළඳීමේ අවදානම අවම කිරීමට පියවර ගන්නා ලෙසයි.
COVID-19 ද 2019 අගභාගයේදී පැහැදිලි කළ නොහැකි නියුමෝනියාවක් ලෙස වාර්තා වූ අතර 2020 ජනවාරි මාසයේදී එම රෝගයෙන් පළමු මරණය වාර්තා වීමත්, වෛරසයේ ශීඝ්‍ර ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් 2020 මාර්තු මාසයේදී එය වසංගතයක් ප්‍රකාශයට පත් කරණ ලදී. ඒ අනුව මෙම නියුමොනියාවද වසංගතයක්වනු ඇති බවට වසංගත රෝග විද්‍යාඥයන් සැක කෙරේ.
සශිකලා මධුෂාණි
වෙළඳසල්වල රාක්ක වලින් මේ වන විට ඒවා ඉවත් කරමින් තිබේ.
අගනුවර වන නූමියා යනු කැරලිකරුවන් සිය ගණනක් සිටින ප්‍රදේශයක් වන අතර ඔවුන් තවදුරටත් ප්‍රචණ්ඩක්‍රියා සිදු…
මෙවර 4,000කට අධික පිරිසක් මෙම තරඟය වෙනුවෙන් ඉල්ලුම් කර ඇති අතර ඉන් සුදුසුකම් ලබා ඇත්තේ…
ලොව විශාලතම කුළුබඩු අපනයනකරු, පාරිභෝගිකයා සහ නිෂ්පාදකයා වන ඉන්දියාව වේ.
මෙම හමුව මේ වන විට එක්සත් ජනපදය ඇතුළු ලෝකයේම අවධානයට ලක්ව ඇත.
එරට ආරක්ෂක අමාත්‍ය රොබට් කලිනක් පැවසුවේ අගමැතිවරයාට ශල්‍යකර්මයක් සිදු කළ බවයි.කෙසේ වුවද ඔහුගේ තත්වය බරපතල…
එළඹෙන නොවැම්බර් මැතිවරණයට පෙර ඇමරිකානු ජනතාවට අපේක්ෂකයින්ගෙන් වැඩි යමක් ඇසීමට අවස්ථා වක් තිබිය යුතුය.
වෙඩි තැබූ බව කියන පුද්ගලයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
'ද ලයින්', මෝටර් රථවලින් තොර නගරයක්
සටහන: සශිකලා මධුෂාණි,මැයි 15,ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් එරට නිෂ්පාදකයන් ලාභදායි ආනයන…
චීනය බටහිරට එරෙහිව රුසියාව සමඟ “සීමා රහිත” සම්බන්ධතාවයක් ප්‍රකාශ කර ඇත.
මේවන විට පකිස්ථාන අගමැති ෂෙහ්බාස් ෂරීෆ් සඳුදා රුපියල් බිලියන 23 (ඩොලර් මිලියන 83; පවුම් මිලියන…
ප්‍රෙස් ට්‍රස්ට් ඔෆ් ඉන්දියා ප්‍රවෘත්ති ඒජන්සිය මේ සම්බන්ධයෙන් වාර්තා කර තිබුණේ මෙම දැන්වීම් පුවරුව ඉදිකිරිම…
ඩෙන්මාර්කය දෙවැනි තැනටත්, ස්වීඩනය හා නෙදර්ලන්තය තුන්වැනි හා සිව්වැනි ස්ථානවලට පත්වී ඇති අතර, ෆින්ලන්තය පස්වැනි…
මේ දක්වා ලෝක ප්‍රවාහන ක්ෂේත්‍රයේ නව පෙරළියක් සිදු කරමින් එම ටැක්සි සේවය ක්‍රියාත්මක වනු ඇතැයි ද…