කාලීන

ටයිගර් වුඩ්ස් තිරිංගය වෙනුවට ඇක්සලරේටරය පාගලා – 45 වෙනුවට 87ට ගිහින්!

ලොස් ඇන්ජලීස් පොලිස් ප්‍රධානියා පැවසුවේ අධික වේගයෙන් රිය පැදවීම නිසා ඔහුට පාරේ වංගුවක් ගැනීමට යාමේදී මෝටර් රිය පාලනය කර ගත නොහැකි වූ බවයි.

පොලිස් විමර්ශනයට අනුව, මෙම අනතුර සිදුව ඇති ස්ථානයේදී තිබිය යුතු උපරිම වේගය පැයට සැතපුම් 45 කි. නමුත් අනතුර සිදුවන විට ඔහු පැමිණ තිබෙන්නේ පැයට සැතපුම් 87 ක වේගයෙන් වූ අතර, මෝටර් රථය ගසේ හැප්පෙන විට වේගය පැයට සැතපුම් 75 ක් වූ බව ද හෙළි වී තිබේ.

තිරිංගය වෙනුවට හොඳ සිහියෙන් ඇක්සලරේටරය පාගලා!

තවද ටයිගර් වුඩ්ස්, මෙහිදී තිරිංගය පාගනු වෙනුවට නොසිතා ඇක්සලරේටරය පාගා ඇති බවට ද පොලිස් විමර්ශනය යෝජනා කරයි. තවද ඔහු මෙම අවස්ථාවේදී බීමතින් නොසිටි බව ද සනාථ වේ.

ගසේ හැප්පුණු මෝටර් රථය විසි වී ගොස් බිම පතිත වී තිබිණි.

මෙම අනතුරෙන් ටයිගර් වුඩ්ස්ගේ පාදයක අස්ථියක් පිපිරීම ඇතුළු හානි කිහිපයක් සිදුවිය. අනතුර සිදුව ඇති ස්වභාවය අනුව, ඔහු දිවි බේරාගැනීම බොහෝ දෙනෙකුට පුදුමයක් විය.

(Wally Skalij/Los Angeles Times via Getty Images)

සාමාන්‍යයෙන් මෙවැනි විමර්ශනයක සොයාගැනීම් මේ අයුරින් ප්‍රසිද්ධ කරන්නේ නැත. නමුත් ටයිගර් වුඩ්ස් එය ප්‍රසිද්ධ කරන ලෙස ලොසැන්ජලීස් මෝටර් රථ පරීක්ෂණ අංශයෙන් ඉල්ලීමක් කර තිබිණි.

අනතුරෙන් රෝහල්ගත වූ ටයිගර් වුඩ්ස්, නැවත නිවස බලා ගියේ මාර්තු මැද සතියේය. සුවපත්වීම සහ පවුල කෙරෙහි සිය පූර්ණ අවධානය යොදවන බව ද වුඩ්ස් කියයි.

Share

Recent Posts

ඉන්දියාව මියන්මාර සරණාගතයින් පිටුවහල් කරයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…

7 hours ago

ඡන්ද මධ්‍යස්ථානයකින් ආපසු හරවා යැවු එංගලන්තයේ හිටපු අගමැති බොරිස් ජෝන්සන්!

විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…

8 hours ago

චීනය සඳ මත කඳවුරු බැඳීමේ මෙහෙයුම දියත් කරයි

මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…

8 hours ago

තුර්කිය ඊශ්‍රායලය සමඟ පැවති වෙළඳ සබඳතා අත්හිටුවයි

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…

9 hours ago

දකුණු වියට්නාමයේ ජලාශයක මත්ස්‍යයින් විශාල සංඛ්‍යාවක් මිය යයි!

මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…

1 day ago

ගිටාර් වීරයා DUANE EDDY ගිටාරය තනිකර ජීවන රිද්මයට තිත තබයි!

මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…

1 day ago

බ්‍රසීලයට ගං වතුර, 10ක් මිය යයි!21ක් අතුරුදහන්

පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…

1 day ago

කාන්තාවන් පිරිමින්ට වඩා වසර ගණනාවක් ජිවත්වන මුත් දිගුකාලින අසනීප තත්වයන්ගෙන් පෙළෙන බව අධ්‍යනයකින් හෙළි වේ

කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…

1 day ago

චාලි මා හදවතෙහි ජීවත් ව හිඳී

උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!

1 day ago

අවිහිංසාවාදී විශ්ව විද්‍යාල උද්ගොෂණයට පොලිසිය කඩා වැදීමත් සමඟ එක්සත් ජනපදයේ භාෂණයේ නිදහස පිළිබඳව ප්‍රශ්න මතු කෙරේ

එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.

1 day ago

ට්‍රම්ප්ට ඇ. ඩොලර් 9,000 ක දඩයක්!

ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…

2 days ago

මයික්‍රොසොෆ්ට් ඉන්දුනීසියාවේ ඩොලර් බිලියන 1.7 ක් ආයෝජනය කරයි

මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…

2 days ago

දකුණු චීනයේ මාර්ගයක් කඩා වැටීමෙන් 19දෙනෙකු මිය යයි

ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.

2 days ago

කළු මුහුදේ වරාය නගරයක් වන ඔඩෙසා වෙත රුසියානු මිසයිල ප්‍රහාරයක්!

යුක්‍රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.

2 days ago