සටහන – රෂිකා හෙන්නායක
මාර්තු 23 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ISIS ත්‍රස්ත සංවිධානය තුරන් කිරීමට එක්වන්නැයි Antonio Guterres ලෝක නායකයින්ගෙන් ඉල්ලීමක් කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
තවද, එක්සත් ජාතීන්ගේ මහලේකම් Antonio Guterres පවසන්නේ, ත්‍රස්ත සංවිධානය සැලකිය යුතු ගෝලීය තර්ජනයක් බවයි.
එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා ඊජිප්තුවේදී ඒ බව සඳහන් කළේ , රුසියාවේ මොස්කව් අගනුවර ඊයේ සිදුවූ වෙඩි තැබීම හෙළා දකිමිනි. තුවක්කුකරුවන් පිරිසක් මොස්කව් නුවර ප්‍රසංග ශාලාවකට කඩා වැදී එල්ල කළ ප්‍රහාරයෙන් පුද්ගලයින් 133කට දිවි අහිමි විය. ඉන් තුවාල ලැබූ පිරිස 150 කට අධිකයි. ප්‍රහාරය එල්ල වන විට එම ශාලාව තුළ සිටි පුද්ගලයින් සංඛ්‍යාව 6200 කි.
අද (24) රුසියාවට දිවි අහිමිවූවන් සිහිකරමින් ජාතික ශෝක දිනයක් ප්‍රකාශයට පත් කර ඇති බවද වාර්තා වේ.
ප්‍රහාරයට සම්බන්ධ තුවක්කුකරුවන් හතර දෙනා ඇතුලුව 11 දෙනෙකු මේ වනවිට රුසියානු ආරක්ෂක අංශ අත්අඩංගුවට ගෙන තිබෙන අතර, ප්‍රහාරයේ වගකීම IS සංවිධානය භාරගත් බව සඳහන් වේ.
ප්‍රහාරයට සම්බන්ධ වූවන්ට දැඩි දඬුවම් ලබා දෙන බව රුසියානු ජනාධිපති විලැදිමීර් පුටින් සඳහන් කළේය.
පක්ෂයේ මධ්‍යම කාරක සභාව සඳහන් කර තිබුණේ, සියලුම ඉහළ නායකත්වයන් එක්සත්ව, ආදර්ශමත්ව, මුළු හදින් සහ…
ඇෆ්ගනිස්ථානය ස්වභාවික විපත්වලට ගොදුරු වන අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය එය දේශගුණික විපර්යාසවලට වඩාත්ම අවදානමට ලක්විය…
ඇකඩමි සම්මානයක්, ප්‍රයිම් ටයිම් එමී සම්මානයක්, ග්‍රැමී සම්මාන 18ක්, හිමිකරගෙන ඇත.
ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකු භාරගෙන නැත.
කෙන්ටකි හි ලුයිස්විල් හි පැවති PGA ශූරතාවලියෙන් පිටතදී ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.
සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Cryptosporidium යනු මිනිසුන්ට සහ සමහර…
රජය පැවසුවේ මෙම නියෝගය LGBTQ පුද්ගලයින් අතර අමනාපයක් ඇති කරන නමුත් ඔවුන් කිසිදු විකල්ප ප්‍රතිකාරයකට…
සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Netflix හි නවතම කතා මාලාවක්…
වෙළඳසල්වල රාක්ක වලින් මේ වන විට ඒවා ඉවත් කරමින් තිබේ.
අගනුවර වන නූමියා යනු කැරලිකරුවන් සිය ගණනක් සිටින ප්‍රදේශයක් වන අතර ඔවුන් තවදුරටත් ප්‍රචණ්ඩක්‍රියා සිදු…
මෙවර 4,000කට අධික පිරිසක් මෙම තරඟය වෙනුවෙන් ඉල්ලුම් කර ඇති අතර ඉන් සුදුසුකම් ලබා ඇත්තේ…
ලොව විශාලතම කුළුබඩු අපනයනකරු, පාරිභෝගිකයා සහ නිෂ්පාදකයා වන ඉන්දියාව වේ.
මෙම හමුව මේ වන විට එක්සත් ජනපදය ඇතුළු ලෝකයේම අවධානයට ලක්ව ඇත.
එරට ආරක්ෂක අමාත්‍ය රොබට් කලිනක් පැවසුවේ අගමැතිවරයාට ශල්‍යකර්මයක් සිදු කළ බවයි.කෙසේ වුවද ඔහුගේ තත්වය බරපතල…