ඇමරිකානු ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලන ඒකකය විසින් රැකියා ස්ථාන වල සේවා යෝජකයන් ලිංගික දිශානතිය මත සේවකයන් හට වෙනස්කොට සැලකීම නීත්‍යානුකූල බවට තර්ක කරමින් නීති කෙටුම්පතක් ඉදිරිපත් කර තිබේ.
පසුගිය අගෝස්තු 23 වන සිකුරාදා දින අධිකරණ දෙපාර්තමේන්තුව (The Department of Justice) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අමිකස් කෙටුම්පතක් (Amicus curiae) ඉදිරිපත් කිරීමෙන් බලකර සිටියේ වෙනස්කොට සැලකීම් පිළිබඳ ෆෙඩරල් නීති තුළ සමරිසි ප්‍රජාවට ආරක්ෂාව සැපයීම සඳහා ඉදිරිපත් වී ඇති නිර්දේශ ප්‍රතික්ෂේප කරන ලෙසයි.
මේ වන විට, ඩොනල්ඩ් සර්ඩා සහ ජෙරල්ඩ් බොස්ටොක් යන දෙදෙනාගේ ලිංගිකත්වය මත පදනම් ව ස්කයිඩයිවිං උපදේශකවරයකු හා ළමා සුභසාධන සේවා සම්බන්ධීකාරකවරයෙකු ලෙස කළ රැකියාවෙන් නෙරපා හැරීම පිළිබඳ ගොනු කළ නඩු සලකා බැලීමට අධිකරණය කටයුතු කරයි.
සර්ඩා සහ බොස්ටොක් සිවිල් අයිතිවාසිකම් පනත මත ස්ත්‍රී-පුරුෂ භාවය (sex) මත පදනම් වූ වෙනස්කොට සැලකීම් වලින් ආරක්ෂාව ලැබුවද, ලිංගික දිශාකතිය (sexual orientation) මත ආරක්ෂාව නෙැලැබිය යුතු බවට තර්ක කරමින් ට්‍රම්ප් පරිපාලනය විසින් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ නීති කෙටුම්පතක් ඉදිරිපත් කර තිබේ.
ට්‍රම්ප්ගේ හෝමෝෆෝභියාව
ට්‍රම්ප් පරිපාලනයේ තර්කය වන්නේ, ස්ත්‍රී-පුරුෂ භාවය මත ස්ත්‍රී හෝ පුරුෂ යනාදී වශයෙන් ජීවවිද්‍යාත්මක ලිංගය මත රැකියා ස්ථාන වලදී වෙනස්කොට සැලකීම් වලින් ආරක්ෂා වූවද, කිසිදු අවස්ථාවක ලිංගික දිශානතිය මත සිදුවන වෙනස්කොට සැලකීම් වලට ආරක්ෂාව සැපයීමක් නොහැඟවෙන බවයි. ඒ අනුව සමරිසිභාවය මත පුද්ගලයකු රැකියාවෙන් නෙරපා හැරීම නීතිවිරෝධී නොවන බවට ට්‍රම්ප් පරිපාලනය තර්ක කරයි.
සමරිසි සබඳතා පවතින කාන්තා හෝ පුරුෂ සේවකයින් හට වෙනස්කොට සලකන සේවා යෝජකයකු සමරිසි කාන්තාවකට හෝ සමරිසි පුරුෂයකුට ස්ත්‍රී-පුරුෂ භාවය මත සමානව සලකන තාක් කල් (ස්ත්‍රී-පුරුෂභාවය මත පදනම් වූ වෙනස්කොට සැලකීමට අදාල VII වගන්තියට ප්‍රකාරව) නීති විරෝධී කටයුත්තක නිරත නොවන බව ට්‍රම්ප් තර්කය වී තිබේ.
ට්‍රම්ප්ගේ සොලිසිටර් ජෙනරාල් නොයෙල් ෆ්‍රැන්සිස්කෝ විසින් රචිත නෛතික කෙටුම්පතේ සඳහන් වන්නේ ලිංගික දිශානතිය මත පදනම් වූ වෙනස්කොට සැලකීම් තහනම් කිරීම සඳහා පනත් කෙටුම්පත් සම්පාදනය කිරීම කොන්ග්‍රසය ප්‍රතික්ෂේප කර ඇති බවයි.
LGBT ප්‍රජාවට පරිපූර්ණ ආරක්ෂාව සැපයීම පිළිබඳ ඇමරිකානු සමානාත්මතා පනත (The Equality Act) මැයි මාසයේ දී ඩිමොක්‍රටික් පාලිත නියෝජිත මන්ත්‍රී මණ්ඩලය හරහා සම්මත වූ නමුත් සෙනෙට් සභාවේ රිපබ්ලිකන් පාර්ශවය එම පනත ඡන්ද විමසීමට ඉදිරිපත් කිරීම ප්‍රතික්ෂේප කර තිබේ.
ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකානු ජනාධිපති ලෙස දිවුරුම් දුන් දිනයේ සිට මේ වන විට 123 වතාවක් එරට LGBT ප්‍රජාවට එරෙහි ක්‍රියා කර ඇති අතර, මෙය 124 වන අවස්ථාව බව මානව හිමිකම් ක්‍රියාකාරීහු පෙන්වා දෙති.
යුද්ධයේ දිශානතිය සම්බන්ධයෙන් වැඩෙන දේශපාලන විරසකය පැමිණෙන්නේ ගාසා නගරයේ ඓතිහාසික සරණාගත කඳවුරක් වන ජබාලියා වෙත…
එක්සත් ජාතීන්ගේ සංඛ්‍යාලේඛන පෙන්වා දෙන්නේ පසුගිය වසරේ ඉතාලියේ වෙරළට ගොඩ බැස ඇති සංක්‍රමණිකයන් 12,000ක්වත් ටියුනීසියාවෙන්…
පක්ෂයේ මධ්‍යම කාරක සභාව සඳහන් කර තිබුණේ, සියලුම ඉහළ නායකත්වයන් එක්සත්ව, ආදර්ශමත්ව, මුළු හදින් සහ…
ඇෆ්ගනිස්ථානය ස්වභාවික විපත්වලට ගොදුරු වන අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය එය දේශගුණික විපර්යාසවලට වඩාත්ම අවදානමට ලක්විය…
ඇකඩමි සම්මානයක්, ප්‍රයිම් ටයිම් එමී සම්මානයක්, ග්‍රැමී සම්මාන 18ක්, හිමිකරගෙන ඇත.
ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකු භාරගෙන නැත.
කෙන්ටකි හි ලුයිස්විල් හි පැවති PGA ශූරතාවලියෙන් පිටතදී ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.
සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Cryptosporidium යනු මිනිසුන්ට සහ සමහර…
රජය පැවසුවේ මෙම නියෝගය LGBTQ පුද්ගලයින් අතර අමනාපයක් ඇති කරන නමුත් ඔවුන් කිසිදු විකල්ප ප්‍රතිකාරයකට…
සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Netflix හි නවතම කතා මාලාවක්…
වෙළඳසල්වල රාක්ක වලින් මේ වන විට ඒවා ඉවත් කරමින් තිබේ.
අගනුවර වන නූමියා යනු කැරලිකරුවන් සිය ගණනක් සිටින ප්‍රදේශයක් වන අතර ඔවුන් තවදුරටත් ප්‍රචණ්ඩක්‍රියා සිදු…
මෙවර 4,000කට අධික පිරිසක් මෙම තරඟය වෙනුවෙන් ඉල්ලුම් කර ඇති අතර ඉන් සුදුසුකම් ලබා ඇත්තේ…
ලොව විශාලතම කුළුබඩු අපනයනකරු, පාරිභෝගිකයා සහ නිෂ්පාදකයා වන ඉන්දියාව වේ.