ඇමෙරිකා ජනාධිපතිවරයා මේ බැව් සඳහන් කළේ සී.බී.එස්. රූපවාහිනී නාලිකාවෙහි “60 මිනිට්ස්” (60 Minutes) වැඩසටහනට එක්වෙමිනි. වැඩිදුරටත් අදහස් දැක්වූ ඩොනල්ඩ් ට්‍රම්ප් කියා සිටියේ එවැනි ඝාතන සහ වසදීම් ඇමෙරිකාව තුළදී සිදු නොවන බවකි.
“… මම හිතන්නේ, මම පුටින් ජනාධිපතිවරයා සමඟ පෞද්ගලිකව ඉතා තදින් ක්‍රියා කරනවා. අප දෙදෙනාගේ සහභාගිත්වයෙන් හමුවකුත් පැවැත් වුණා. ඒත් ඒක හරිම දැඩිව පැවැත්වුණු හමුවක්. එසේ වුවත් එය ඉතා හොඳින් පැවැත් වුණා. …” කියා ට්‍රම්ප් ජනාධිපතිවරයා සම්මුඛ සාකච්ඡාවේදී පවසා තිබිණ.
2016 – ඇමෙරිකා ජනාධිපතිවරණයට රුසියාවේ මැදිහත්වීම් සම්බන්ධයෙන් නිවේදිකා ලෙස්ලි ස්ටහ්ල් නඟන ලද ප්‍රශ්නයකට පිළිතුරු දුන් ට්‍රම්ප් ජනාධිපතිවරයා “ඔවුන් ඇඟිලි ගැසුවා.” යැයි කීය. “නමුත් මම හිතන්නේ චීනයත් ඇඟිලි ගැහුවා කියා. ඒ වගේම අනෙකුත් රටවලුත් මම හිතන්නේ …මම අවංකවම හිතන්නේ, චීනය විශාල ප්‍රශ්නයක්. …” යනුවෙන් හෙතෙම පවසා තිබුණේය.
මේ සම්මුඛ සාකච්ඡාවේදී ආන්දෝලනාත්මක තවත් ප්‍රශ්න කිහිපයක් සම්බන්ධයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් සිය අදහස් විවරණය කර තිබිණ. ඒ අතර ඇමෙරිකා ආරක්ෂක ලේකම් ජේම්ස් මැටිස් තනතුරෙන් ඉවත්වීමට සැරසීම සම්බන්ධයෙන් ද අදහස් දක්වා තිබීම විශේෂත්වයක් විය. තමන් ධුරයෙන් ඉවත්වන බව ජේම්ස් මැටිස්, ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයාට දන්වා නැති බව අනාවරණය විණ. ආරක්ෂක ලේකම්වරයා ධුරයෙන් ඉවත් වුවත් තමන් එය විශාල ගැටළුවක් බවට හරවා නොගන්නේයැයි ඒත්තු යන අන්දමේ ප්‍රතිචාරයක් ඇමෙරිකා ජනාධිපතිවරයාගෙන් සම්මුඛ සාකච්ඡාවේදී ලැබී තිබිණ.
“… ජෙනරාල් මැටිස් හරිම හොඳ කෙනෙක්. අපි ඉතා හොඳින් කටයුතු කළා. ඔහු ධුරයෙන් ඉවත් වෙන්න ඉඩ තිබෙනවා. මම කියන්නේ …සමහර අවස්ථාවන්ට ළඟා වුණාම හැම කෙනෙක්ම අත්හැර යනවා. හැම කෙනෙක්ම. මිනිස්සු අතහැර යනවා තමයි. …” කියා ට්‍රම්ප් එහිදී පිළිතුරු දී තිබිණ.
ඇමෙරිකාව සහ චීනය අතර පවත්නා වෙළඳ අර්බුධය සහ උතුරු කොරියාව සමඟ පැවැති සාකච්ඡා පිළිබඳ අදහස් දැක්වීමත් ජනාධිපතිවරයා පැහැර හැර නොතිබුණේය. චීනයෙන් ඇමෙරිකාවට ගෙන එන භාණ්ඩවලට අය කරන බදු වැඩි කිරීමට ට්‍රම්ප් පාලනය පසුගිය කාලයේදී කටයුතු කළේය. චීනය ඊට ප්‍රතිචාර දක්වා තිබුණේ අමෙරිකාවෙන් එරටට ගෙන එන භාණ්ඩවලටත් බදු වැඩි කරමිනි. ඇමෙරිකාවේ ගොවීන්ට සහ අනෙකුත් කර්මාන්තවලට එරෙහිව චීන බලධාරීන් කටයුතු කරන්නේ නම් චීන භාණ්ඩවලට පනවා ඇති බදු තවත් ඉහළ නංවන බව ට්‍රුම්ප් පවසා තිබිණ. ලෝක ආර්ථික බලවතුන් දෙදෙනා එකිනෙකෙකු පරයමින් ක්‍රියාකරන අන්දම දෙස මුළු මහත් ලෝකයම බලා හිඳී. දැනට ඇතිවී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ට්‍රම්ප් පවසන්නේ චීනය ආර්ථික අවපාතයකට ඇද දමන්නට තමන්ට වුවමණාවක් නැතැයි කියාය.
උතුරු කොරියාව මානව අයිතිවාසිකම් කඩ කළ බවත් එරට නායක කිම් ජොන්ග් උන්ගේ ක්‍රියාකලාපය ඇමෙරිකාවට තර්ජනයක් වෙමින් පැවැති බවත් හෙතෙම පෙන්වා දී ඇත.
.
“… සහසුද්දෙන්ම මම මේ හැමදෙයක්ම දන්නවා. මම බබෙක් නෙවෙයිනේ. මම දන්නවා මේ හැම දෙයක්ම. …” කියා ට්‍රම්ප් ඒ සම්බන්ධයෙන් පවසයි.
ධවල මන්දිරයෙහි සේවය කරන සෑම කෙනෙකුම තමන් විශ්වාස නොකරන බැව් ජනාධිපතිවරයා අවධාරණය කිරීම මෙන්ම ධවල මන්දිරය සහ වොෂින්ටන් නුවර භයානක ස්ථාන ලෙස හඳුන්වා දීම සම්මුඛ සාකච්ඡාවේදී මතුවුණු මතභේදාත්මක කාරණාවන් ය.
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ශීත කළ පීසා වර්ග භාවිතයෙන්…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වයස නිකන්ම නිකන් ඉලක්කමක් විතරයි…
අහමදාබාද් නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉන්දීය මාධ්‍යට පවසා ඇත්තේ, මෙවැනි මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සතුටට පත්වන…
ඊශ්‍රායල අමාත්‍ය මණ්ඩලය අනතුරු අඟවා ඇත්තේ, සටන් විරාමයකට එකඟ වුවහොත් අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ රජය බිඳ…
වෙළඳපොලේ ඇති සුඛෝපභෝගී පුද්ගලික ජෙට් එකක් කුලියට ගැනීම සඳහා බදු ගෙවන්නන්ගේ වියදමින් පවුම් ලක්ෂ ගණන්…
සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.
දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…
නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…
1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…
මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…
ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…
මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.
මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…
පෙන්ටගනයේ නව මිලිටරි ආධාර පැකේජය හරහා යුක්රේනයේ පතරොම් නිෂ්පාදනය ආරම්භ කිරීමට සැළසුම් කරයි.
කෙසේවෙතත් තුවාලකරුවන් හෝ මරණ සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති අතර ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පවත්වන බව…