එසැණ පුවත්

ට්‍රම්ප් ගේ ට්විටර් සෙල්ලම් ලෙල්ලම් වෙන ලකුණු – ගිණුම් තහනමක් ගැන ට්විටර් සමාගම අනතුරු අඟවයි!

ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ගේ ට්විටර් ගිණුම තහනම් වීමේ සම්භාවිතාවක් තිබෙන බවට ට්විටර් සමාගම විසින් අනතුරු අඟවා තිබේ.

ඉකුත් නොවැම්බර් මස පැවති ඇමරිකානු ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය ලැබූ ඩිමොක්‍රටික් අපේක්ෂක ජෝ බයිඩන් මහතා එළඹෙන 2021 ජනවාරි මස 20 වන දින එක්සත් ජනපදයේ 46 වන ජනාධිපතිවරයා ලෙස ධුරයේ දිව්රුම් දීමට නියමිත ය.

ජනවාරි 20 දින බයිඩන් මහතා එසේ ධුරයේ දිව්රුම් දීමෙන් පසු ට්‍රම්ප් මහතා ගේ නිල ට්විටර් ගිණුම මෙසේ තහනමට ලක්වීම ට ඉඩ පවතින බවට වාර්තා වේ.

ලොව බලවත්ම පුද්ගලයා යන විරුදාවලිය ලැබූ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා සිය නිල ට්විටර් ගිණුම හැසිරවූ අන්දම පිළිබඳ බොහෝ දෙනෙකුගේ කතාබහට ලක්ව තිබිණි.

ඊට ප්‍රධානතම හේතුව අවස්ථාවන් ගණනාවකදී ම සාක්ෂි රහිත හා පදනම් විරහිත වූ තර්ක ඉදිරිපත් කිරීමට ඔහු පෙළඹ තිබීමයි.

තම දේශපාලනික ප්‍රතිවාදීන් සම්බන්ධව කුමන්ත්‍රණ සිද්ධාන්ත (conspiracy theories) ඉදිරිපත් කිරීමට ට්‍රම්ප් මහතා බොහෝ විට යොදා ගන්නේ තම නිල ට්විටර් ගිණුමයි.

ඔහුගේ මෙම ක්‍රියාකලාපය නිසා ට්විටර් සමාගම විසින් අවස්ථා ගණනාවකදී ම ඔහුගේ ට්විටර් පණිවුඩ වාරණයට හෝ නියාමනයට ලක්කිරීමටත්, අවවාදයන් නිකුත් කිරීමටත් කටයුතු කර තිබිණි.

තම සිතට නැඟෙන්නේ කුමක්ද එය එසැණින් ට්විටර් පණිවුඩ වලට හරවා ප්‍රකාශ කරනු ලබන ට්‍රම්ප් මහතා කිසිවිටකත් මෙම අවවාදයන් වලට අවනත වූ බවක් පෙනෙන්නට නොතිබිණි.

ඒ අනුව, ඔහුගේ මෙම පදනම් විරහිත කුමන්ත්‍රණ තර්ක සමාජගත කිරීමට තවදුරටත් ට්විටර් ජාලය යොදා ගන්නේ නම්, එම ගිණුම තහනමට ලක්වීමට ඉඩ පවතින බවට ට්විටර් සමාගම ප්‍රකාශ කොට තිබේ.

ජනාධිපති ගෙන් ‘සාමාන්‍ය’ පුරවැසියෙකු දක්වා

පසුගිය ජනාධිපතිවරණය පුරාවට ම ට්‍රම්ප් මහතා තම පරාජය අභියස බොහෝ සාවද්‍ය ප්‍රකාශ සිදුකිරීමට තම ට්විටර් ගිණුම යොදාගෙන තිබිණි.

ඒ අතර ඡන්ද ගණන් කිරීමේ කටයුතු වංචනිකව සිදුව ඇති බවටත්, සැබවින්ම මැතිවරණය ජයග්‍රහණය කර තිබෙන්නේ තමා බවත් බොහෝ අවස්ථාවන් හීදී ප්‍රකාශ සිදුකොට තිබිණි.

එහෙත් ඒ කිසිදු අවස්ථාවක තම චෝදනා ඔප්පු කිරීමට ඔහු සතුව සාක්ෂි නොපැවතිණ.

එක්සත් ජනපදයේ ජනාධිපතිධුරය තවමත් හොබවන්නේ ට්‍රම්ප් මහතා බැවින් ඔහුගේ ට්විටර් ගිණුම ලෝක නායකයින් වර්ගීකරණය යටතේ ආරක්ෂා වී පවතී.

එය ට්විටර් ජාලයේ රෙගුලාසි වලට අනුව තහනම් කළ නොහැකිය.

කෙසේවෙතත්, ජෝ බයිඩන් මහතා ධුරයේ දිව්රුම් දීමෙන් අනතුරුව නැවත ට්‍රම්ප් මහතා ඇමරිකානු පුරවැසියකු ලෙස ට්විටර් ජාලයේ වර්ගීකරණය වන බැවින් මෙම බාධකය ඉවත් වනු ඇත.

ඒ අනුව තවදුරටත් කුමන්ත්‍රණ තර්ක ඉදිරිපත් කිරීමට තම නිල ට්විටර් ගිණුම යොදා ගැනීමට ට්‍රම්ප් මහතා කටයුතු කරන්නේ නම්, එම ගිණුම තහනම් කිරීමට සමාගමට කිසිදු බාධාවක් නොමැති බව ට්විටර් සමාජ ජාලයේ නියෝජිතයින් අවධාරණය කළ බවට සඳහන්.

සාමාන්‍ය පුරවැසි කාණ්ඩය යටතේ ට්‍රම්ප් මහතා ට විශේෂ වරප්‍රසාද හිමි නොවන බවටත් එම නියෝජිතයින් වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

Share

Recent Posts

ඉන්දියාව මියන්මාර සරණාගතයින් පිටුවහල් කරයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…

20 hours ago

ඡන්ද මධ්‍යස්ථානයකින් ආපසු හරවා යැවු එංගලන්තයේ හිටපු අගමැති බොරිස් ජෝන්සන්!

විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…

21 hours ago

චීනය සඳ මත කඳවුරු බැඳීමේ මෙහෙයුම දියත් කරයි

මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…

21 hours ago

තුර්කිය ඊශ්‍රායලය සමඟ පැවති වෙළඳ සබඳතා අත්හිටුවයි

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…

22 hours ago

දකුණු වියට්නාමයේ ජලාශයක මත්ස්‍යයින් විශාල සංඛ්‍යාවක් මිය යයි!

මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…

2 days ago

ගිටාර් වීරයා DUANE EDDY ගිටාරය තනිකර ජීවන රිද්මයට තිත තබයි!

මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…

2 days ago

බ්‍රසීලයට ගං වතුර, 10ක් මිය යයි!21ක් අතුරුදහන්

පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…

2 days ago

කාන්තාවන් පිරිමින්ට වඩා වසර ගණනාවක් ජිවත්වන මුත් දිගුකාලින අසනීප තත්වයන්ගෙන් පෙළෙන බව අධ්‍යනයකින් හෙළි වේ

කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…

2 days ago

චාලි මා හදවතෙහි ජීවත් ව හිඳී

උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!

2 days ago

අවිහිංසාවාදී විශ්ව විද්‍යාල උද්ගොෂණයට පොලිසිය කඩා වැදීමත් සමඟ එක්සත් ජනපදයේ භාෂණයේ නිදහස පිළිබඳව ප්‍රශ්න මතු කෙරේ

එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.

2 days ago

ට්‍රම්ප්ට ඇ. ඩොලර් 9,000 ක දඩයක්!

ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…

3 days ago

මයික්‍රොසොෆ්ට් ඉන්දුනීසියාවේ ඩොලර් බිලියන 1.7 ක් ආයෝජනය කරයි

මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…

3 days ago

දකුණු චීනයේ මාර්ගයක් කඩා වැටීමෙන් 19දෙනෙකු මිය යයි

ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.

3 days ago

කළු මුහුදේ වරාය නගරයක් වන ඔඩෙසා වෙත රුසියානු මිසයිල ප්‍රහාරයක්!

යුක්‍රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.

3 days ago