එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලය විසින් ඊයේ(23)දිනයේ දී ඩොලර් ට්‍රිලියන 1.7 ක වියදම් පනතක් සම්මත කිරීමට ඡන්දය ප්‍රකාශ කළ බව වාර්තා වේ. මේ සම්බන්ධයෙන් ජනාධිපත් ජෝ බයිඩන් විසින් ඉක්මනින්ම පනත් කෙටුම්පතට අත්සන් කරන බවටත්, මෙමඟින් ඇමරිකානුවන්ගේ ප්‍රමුඛතා ඉදිරියට ගෙන යනු ඇති බව ප්‍රකාශ කර තිබිණි.
සභාවේ රිපබ්ලිකානුවන් පනතට දැඩි ලෙස පහර දුන් අතර කැලිෆෝනියාවේ සුළුතර නායක කෙවින් මැකාති එය රකුසකු ලෙස හඳුන්වා තිබිණි. ලබන වසරේ මැකාති සභා කථානායකවරයා වීමට නියමිත වන අතර රිපබ්ලිකානුවන් උත්සහ දැරුවේ ලබන වසරේ ඔවුන් පාලනය කරන තෙක් වියදම් පනත පිළිබඳ ඡන්දය ප්‍රමාද කිරීමට ය. ඇතැමුන් මේ පිළිබඳව විවේචන ඉදිරිපත් කරනු ලැබුවේ මෙම පනත ජාතික ණය වැඩි කර උද්ධමනය උග්‍ර කරනු ඇති බවටයි.
මෙම පනත මිලීටරි වියදම් සඳහා අතිරේක 10%ක තල්ලුවක්ද සහිතව මිලිටරි අයවැය වාර්තාගත ලෙස ඩොලර් බිලියන 858ක් දක්වා වැඩිකර ඇත. එමෙන්ම නිරන්තරව මුහුණ දෙන නියඟය, ගංවතුර, ලැව්ගිනි සහ වෙනත් සිදුවීම්වලින් ගොඩ ඒමට අරගල කරන රට පුරා සිටින ප්‍රජාවන් සඳහා ආපදා සහන වැඩසටහන් සඳහා තවත් ඩොලර් බිලියන 40ක් වෙන් කර තිබේ.
මෙහි යුක්රේනයට තවත් ආධාර වටයක් සඳහා ඩොලර් බිලියන 45ක් වෙනු කර ඇති අතර මේ සම්බන්ධයෙන් කලකිරීමට පත් රිපබ්ලින් මැකාති පැවසූයේ රිපබ්ලිකන් බහුතරය අනාගතයේදී යුක්රේනය සඳහා හිස් චෙක්පතක්වත් නිකුත් නොකරනු ඇති බවයි.
සශිකලා මධුෂාණී_
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…
කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…
උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!
එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.
ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…
මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…
ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.
යුක්රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.
වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…