කාලීන

ඇමරිකාව නව අවුරුදු දිනයේදී කෝවිඩ් ආසාදිතයන් මිලියන 20 පසු කරයි

ජෝන් හොප්කින්ස් සරසවියේ නිල වාර්තා මගින් ඒ බව සනාථ වේ.

මේ වන විට ලෝකයේ වැඩිම කෝවිඩ් මරණ සංඛ්‍යාව සහ ආසාදිතයන් සංඛ්‍යාව මේ අනුව වාර්තා වන්නේ ඇමරිකා එක්සත් ජනදයෙනි.

අසල්වැසි ඉන්දියාවේ කෝවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව මේ වන විට මිලියන 10.2 ක් වන අතර, ඒ අනුව ඇමරිකාවේ එබඳු දෙගුණයක රෝගීහු වෙති.

නිරීක්ෂකයන් පවසන්නේ වසර අග සවාරි සහ මිතුරු හමු ආදිය නිසා කෝවිඩ් වසංගතයට නැවතත් තටු ලැබී ඇති බවයි.

ඇමරිකාවේ එක් දිනක් තුළ වාර්තා වූ වැඩි මරණ සංඛ්‍යාව වන 3,927 වාර්තා වූයේ දෙසැම්බර් 30 වැනිදා වීම ද විශේෂත්වයකි. වසංගතය ආරම්භ වූ දා සිට මේ දක්වා ඇමරිකානුවන් ලක්ෂ තුනහමාරකට ආසන්න සංඛ්‍යාවක් එනම් 346,000 ක් පමණ කෝවිඩ් හේතුවෙන් මරු දැක තිබේ.

ට්‍රම්ප්ගේ ඉලක්කය වැරදෙයි

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පාලනය මැතිවරණ පොරොන්දුවක් ලෙස ලබාදුන් එක් දෙයක් වූයේ වසර අග වන විට කෝවිඩ්-19 වැක්සිනය මිලියන 20 ක ජනතාවකට ලබාදෙන බවයි. නමුත් 2020 දෙසැම්බර් 31වන විට කෝවිඩ් වැක්සිනය ලබා දී තිබුණේ මිලියන 2.8 ක ජනතාවකට පමණකි.

ජනපති ට්‍රම්ප්, වසංගතය නොසලකා හැර කටයුතු කර ඇති බවට මුල පටන්ම චෝදනා නැගිණි. 2021 ජනවාරි 20 වැනිදා ඇමරිකාවේ නව ජනාධිපති ලෙස ජෝ බයිඩන් තේරී පත්වන්නේත් එහි ප්‍රතිඵලයක් ලෙස ය.

වැක්සින දෙකෙන් එකක් ලැබෙන තෙක්….

ඇමරිකාව විසින් මේ වන විට කෝවිඩ්-19 වැක්සින දෙකක් සිය ජනතාවට ලබා දේ. ඒ, ෆයිසර්-බයොන්ටෙක් සහ මොඩර්නා එන්නත් ය. ඒවා රට පුරා ජනපදවලට යවා ඇති අතර, මහාපරිමාණ එන්නත්කරණය ක්‍රියාවට නැංවෙමින් ඇත.

සුව සේවකයන් සහ සාත්තු නිවාසවල දීර්ඝ කාලයක් ජීවත් වන අයට ඇමරිකාවේ දී කෝවිඩ් වැක්සිනය ලබාගැනීම සඳහා ප්‍රමුඛතාවය සලසා ඇත. එයින් අදහස් වන්නේ සාමාන්‍ය ජනතාවට ඇතැම් විට එන්නත ලබාගැනීම සඳහා තවත් මාස කිහිපයක් මරණය සමග ජීවත් වීමට සිදුවනු ඇති බව ය.

Share

Recent Posts

මොදී කාශ්මීරයෙන් තරඟ නොකරයි

භාරතීය ජනතා පක්ෂය 1996 න් පසු කලාපයේ මහ මැතිවරණයකට ඉදිරිපත් නොවූ පළමු අවස්ථාව වේ.

5 hours ago

ඇෆ්ගනිස්ථානයට බලපෑ හදිසි ගංවතුර තත්වය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 300 ඉක්මවයි

ජාත්‍යන්තර ගලවා ගැනීමේ කමිටුව (IRC) විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ලෝක නායකයන්ට මතක්කර දී තිබුණේ, දශක…

6 hours ago

දිල්ලි මහා ඇමති කෙජ්රිවාල් ඇප මත මුදා හැරේ

බන්ධනාගාරයෙන් නිදහස් වූ විගස, සිය ආධාර කරුවන් හමුවෙමින් දිල්ලි මහ ඇමතිවරයා සඳහන් කර තිබුණේ, ඔබ…

1 day ago

සීක් බෙදුම්වාදී නායකගේ මරණය සම්බන්ධයෙන් කැනඩාව ඉන්දීය රජයට එරෙහිව කිසිදු සාක්ෂියක් සොයාගෙන නොමැත – ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය

රන්දීර් ජයිස්වාල් කැනඩාව ඉන්දීය අන්තවාදීන්ට රැකවරණය සපයන බවට ඉන්දියාවේ දීර්ඝ කාලීන චෝදනාව යළිත් අවධාරණය කර…

2 days ago

ඇමරිකාව චීන සමාගම් රැසකට වෙළඳ සිමා පනවයි

මෙම වෙළඳ සිමා පැනවීම සම්බන්ධයෙන් වොෂින්ටනයේ චීන තානාපති කාර්යාලය මේ වෙනුවෙන් ප්‍රතිචාර දක්වා නොමැත.

2 days ago

Bieber පවුලට එන්නට සැරසෙන අලුත් සාමාජිකයා ගැන හෙළිදරවුවක්!

සටහන - නිපුනි ලියනගේ මැයි 10 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ලොවක් ආදරය කරන, රසිකාවියන්ගේ සිහින…

2 days ago

Met Gala 2024හි තරු පිරිවරගේ විලාසිතා!

සටහන - නිපුනි ලියනගේ මැයි 10 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වසරේ විශාලතම විලාසිතා දැක්ම "Met…

2 days ago

බයිඩන්ගේ උදවු නොමැතිවුවත් රෆා මෙහෙයුම ස්ථිරයි- නෙතන්යාහු

ඊශ්‍රායලයේ සතුරන් මෙන්ම හොඳම මිතුරන් ද තම රට යටත් කර ගත නොහැකි බව තේරුම් ගත…

2 days ago

දකුණු කොරියාවේ උපත් අනුපාතය සිඝ්‍රයෙන් අඩුවීම හේතුවෙන් නව අමාත්‍යංශයක් ස්ථාපිත කෙරේ

රුපවාහිනී සාකච්ජාවකට අදහස් දක්වමින් ජනාධිපතිවරයා වැඩි දුරටත් සඳහන් කර තිබුණේ, තම ධුර කාලය තුළ ඉදිරි…

2 days ago

වාර්ගික පවිත්‍ර කිරීම් වෙනුවෙන් ඩාර්ෆූර්හිහි මහා පරිමාණයෙන් සිවිල් වැසියන් සමූල ඝාතනය කෙරේ

මෙම බිහිසුණු නව සාක්ෂිය වසරක් පුරා පැවති සුඩාන සිවිල් යුද්ධයේ දරුණුතම කුරිරුකම්වලින් එකක් විස්තර කෙරේ…

3 days ago

රෆා වෙත ප්‍රහාර එල්ල කරන්නේ නම් ඊශ්‍රයලය වෙත කරන ආයුධ සැපයුම නතර කරන බවට බයිඩන් අනතුරු අඟවයි

එක්සත් ජනපද ආයුධ නැව්ගත කිරීම ප්‍රමාද කළ ප්‍රථම අවස්ථාව මෙයයි.

3 days ago

බ්‍රසීලයට පෙර නොවූ විරූ ගංවතුරක්; මියගිය සංඛ්‍යාව 95 දක්වා ඉහළට

නවතම ඇස්තමේන්තු වලට අනුව පුද්ගලයන් 155,000ක් නිවාස අහිමි වී ඇති අතර කලාපයේ ආණ්ඩුකාරවරයා අනතුරු අඟවා…

4 days ago