Gossip

ලොව විශාලතම බැංකු මංකොල්ලයේ වරදකරුට මරණ දඩුවම

සටහන: සශිකලා මධුෂාණි,අප්‍රේල් 11,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ලොව මෙතෙක් දැක ඇති විශාලතම බැංකු වංචාවේ හා වියට්නාම ඉතිහාසයේ දර්ශනියතම නදු විභාගයේදී නීතියේ වරදරු වූ 67 හැවිරිදි වියට්නාම දේපල සංවර්ධකයෙකුට බ්‍රහස්පතින්දා මරණ දණ්ඩනය නියම කරන ලදී.

ඇය නමින් Truong My Lanවූ අතර සයිගොන් කොමර්ෂල් බැංකුවෙන් ඩොලර් බිලියන 44ක් (පවුම් බිලියන 35ක්) ලබා ගැනීම සම්බන්ධයෙන් වංචා කිරීම, අල්ලස් ගැනීම සහ බැංකු නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් නීතියෙන් වරදකරු විය.

වසර 11 ක කාලයක් තුළ රටේ විශාලතම බැංකුවක් කොල්ලකෑම සම්බන්ධයෙන් සාක්ෂි දීමට 2700 දෙනෙකු කැඳවා තිබු අතර රජයේ අභිචෝදකයින් 10 දෙනෙකු සහ නීතීඥයින් 200 ක් පමණ ඊට සම්බන්ධ විය.

Truong My Lan ආරම්භයේදී සිය මව සමඟ රූපලාවන්‍ය ද්‍රව්‍ය විකුණමින් වෙළෙඳ පොළේ වෙළෙන්දෙකු ලෙස ආරම්භ කළ අතර ඉන් අනතුරුව ඔවුන් දේපළ මිලදී ගනු ලැබිය. 1990න් අනතුරුව හෝටල් සහ අවන්හල් මිලදී ගත් ඇයට 2011 වන විට, Truong My Lan Ho Chi Minh City හි ප්‍රසිද්ධ ව්‍යාපාරික චරිතයක් විය. ඇයට කුඩා, මුදල් හිඟ බැංකු තුනක් විශාල ආයතනයක් බවට ඒකාබද්ධ කිරීමට රජයෙන් අවසර දෙන ලදී.

වියට්නාම නීතිය මගින් ඕනෑම පුද්ගලයෙකුට ඕනෑම බැංකුවක කොටස් වලින් 5% කට වඩා තබා ගැනීම නීති විරෝධී වන අතර සත්‍ය වශයෙන්ම සයිගොන් කොමර්ෂල් හි 90% කට වඩා වැඩි ප්‍රමාණයක් Truong My Lan සතු විය. ඉන් අනතුරුව ඇය එම බලය යොදාගෙන තමන්ගේම අය කළමනාකරුවන් පත් කරමින් විශාල වශයෙන් යොදා ගනිමින් ණය අනුමත කරගෙන ඇත. පුදුම සහගත කරුණ නම් සයිගොන් කොමර්ෂල් බැංකුවේ ණය වලින් 93%ක් ම Truong My Lanගේ ණය වීමයි.

ඇයගේ ණය කිසි විටෙකත් පරීක්ෂාවට ලක් නොවන බව සහතික කිරීම සඳහා නොමසුරුව අල්ලස් දුන් බවට ද ඇයට චෝදනා එල්ල වූ අතර වංචාව මෙතරම් කාලයක් පවත්වාගෙන යාමට හැකි වූයේ කෙසේදැයි ගටලුකාරිය.

Share

Recent Posts

ROBERT FICO ගේ තත්ත්වය නරක අතට!

එරට  ආරක්ෂක අමාත්‍ය රොබට් කලිනක් පැවසුවේ අගමැතිවරයාට ශල්‍යකර්මයක් සිදු කළ බවයි.කෙසේ වුවද  ඔහුගේ  තත්වය බරපතල…

2 hours ago

ට්‍රම්ප් හා බයිඩන් ප්‍රසිද්ධ විවාදයකට සුදානමින්

එළඹෙන නොවැම්බර් මැතිවරණයට පෙර ඇමරිකානු ජනතාවට අපේක්ෂකයින්ගෙන් වැඩි යමක් ඇසීමට අවස්ථා වක් තිබිය යුතුය.

8 hours ago

ස්ලෝවැක් අගමැතිවරයා වෙඩි ප්‍රහාරයකට ලක්වේ

වෙඩි තැබූ බව කියන පුද්ගලයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

18 hours ago

බයිඩන් චීනයේ විදුලි වාහන සඳහා 100%ක තීරු බද්දක් පනවයි

සටහන: සශිකලා මධුෂාණි,මැයි 15,ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් එරට නිෂ්පාදකයන් ලාභදායි ආනයන…

21 hours ago

රුසියානු ජනාධිපතිවරයා බීජිංහිදී , ෂී ජින්පින් හමුවීමට නියමිතයි

චීනය බටහිරට එරෙහිව රුසියාව සමඟ “සීමා රහිත” සම්බන්ධතාවයක් ප්‍රකාශ කර ඇත.

2 days ago

කාශ්මීරයේ පිටි සහ විදුලි මිල ඉහළ යාමට එරෙහිව විරෝධතා; තිදෙනෙකු මාරුට

මේවන විට පකිස්ථාන අගමැති ෂෙහ්බාස් ෂරීෆ් සඳුදා රුපියල් බිලියන 23 (ඩොලර් මිලියන 83; පවුම් මිලියන…

2 days ago

මුම්බායි හි දැන්වීම් පුවරුවක් කඩා වැටීමෙන් 14දෙනෙකු මරුට

ප්‍රෙස් ට්‍රස්ට් ඔෆ් ඉන්දියා ප්‍රවෘත්ති ඒජන්සිය මේ සම්බන්ධයෙන් වාර්තා කර තිබුණේ මෙම දැන්වීම් පුවරුව ඉදිකිරිම…

2 days ago

ලෝක මාධ්‍ය නිදහසේ අංක එකේ රට නෝර්වේ!

ඩෙන්මාර්කය දෙවැනි තැනටත්, ස්වීඩනය හා නෙදර්ලන්තය තුන්වැනි හා සිව්වැනි ස්ථානවලට පත්වී ඇති අතර, ෆින්ලන්තය පස්වැනි…

2 days ago

පියාඹන ටැක්සි!

මේ දක්වා ලෝක ප්‍රවාහන ක්ෂේත්‍රයේ නව පෙරළියක් සිදු කරමින් එම ටැක්සි සේවය ක්‍රියාත්මක වනු ඇතැයි ද…

2 days ago

රතු තොල් සායම් ගෑවොත් දැඩි දඬුවම්!

රතු තොල් සායම් පමණක් නොව, ගෝලීය වශයෙන් ජනප්‍රිය විලාසිතා ද තහනම් කිරීමට උතුරු කොරියානු රෙජීමය…

3 days ago

පුටින්ගේ තවත් තීරණයක්!

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් විසින් කැබිනට් සංශෝධනයක කොටසක් ලෙස Sergei Shoigu ආරක්ෂක අමාත්‍ය ධුරයෙන් ඉවත්…

3 days ago

‘එවරස්ට් මිනිසා’ 29වැනි වරටත් කඳු මුදුන තරණය කරයි

Kami Rita 29වන වරටත් එවරස්ට් තරණය කරමින් තමන්ගේ වාර්තාව තමා විසින්ම අභිබවා ඇත.

4 days ago

මොදී කාශ්මීරයෙන් තරඟ නොකරයි

භාරතීය ජනතා පක්ෂය 1996 න් පසු කලාපයේ මහ මැතිවරණයකට ඉදිරිපත් නොවූ පළමු අවස්ථාව වේ.

4 days ago

ඇෆ්ගනිස්ථානයට බලපෑ හදිසි ගංවතුර තත්වය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 300 ඉක්මවයි

ජාත්‍යන්තර ගලවා ගැනීමේ කමිටුව (IRC) විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ලෝක නායකයන්ට මතක්කර දී තිබුණේ, දශක…

4 days ago